IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


බල්ලන්ගේ බලු වැඩෙන් දවල් කෑමත් කඩෙන්

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
 බල්ලන්ගේ වැඩක් නිසා කොරෝනාවලට බයේ දිවා ආහාරය කඩෙන් නොකෑ අයෙකුට සිය බිරිය කඩෙන්ම කන්නට හැරි පුවතක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.


 වෙනදා රාජකාරියට ගිය ඔහු දිවා ආහාරය ගත්තේ කඩෙනි. කොරෝනා ව්‍යසනයත් එක්ක ඔහු කඩෙන් නොකෑවේය. ඒ වෙනුවට නිවසින් බැඳගෙන එන බත් මුල කොටා බෑවේය.


 එදා රාජකාරියට යන ඔහුට සිය බිරිය මුදල් දුන්නේ වැඩඇරී එනවිට පසුදා වැඩට ගෙන යාමට බත් පතට අවශ්‍ය මාළු ගෙන ඒම සඳහාය. වැඩ නිමවී රෑ බෝවී සිය යතුරු පැදියෙන් නිවස කරා එමින් සිටි ඔහු නගරයේ මාළු වෙළෙඳ සලකින් මාලු‍ මිලදී ගත්තේය. බිරියට ඉවීමට පහසුවන අයුරින් මිලදී ගත් මාළුවා කපාගෙන ඒමටද ඔහු අමතක නොකළේය.


 කපාගත් මාළුවා ෂොපින් බෑගයක දමාගෙන එය යතුරු පැදියේ හැඬලයේ එල්ලාගෙන ආ ඔහු නැවතුනේ නගරයේ හොරට මත් පැන් අලෙවි කරන තැනකය. කාර්යාලයේදී ලැබුණු සංතෝසම් මුදලකින් හීන් අඩියක් ගැසීමට සිතූ ඔහු යතුරු පැදිය මග නවතා එම ස්ථානයට ගියේ  මිලදී ගත් වඩේ කිහිපයක් සමගින්ය.


 හනි හනිකට වැඩේ කරගෙන නිවස කරා යාමට යතුරු පැදියට එන විට යතුරු පැදියේ හැඬලයේ එල්ලා තිබූ මාළු බෑග් එක බල්ලන් බිම දාගෙන කනු දුටු ඔහුට හීන් දාඩිය දැම්මේය. ඒ මේ වේලාවට නගරයේ මාළු ගන්න තැනක් නැතිවීමත්, මාළු තියා ඊට ආදේශක වන කරවල හෝ සැමන් ගැනීමට හරිහමන් මුදලක් තමා අත නොතිබීමත් නිසාය.


 කර කියා ගන්න කිසිවක් නොවූ තැන ඔහුට හිස් අතින් ගෙදරයාම හැර වෙනත් විකල්පයක් නොවීය. තමාටවූ අකරතැබ්බය ගැන බිරියට පැවසීම හැර ඊට ගැළපෙන වෙනත් කාරණාවක්ද ඔහුට නැතිවිය.


 මුවින් මත් පැන් ගඳ වහනය වීමත් සමග බිරිය සිතූවේ ඔහු මුසාවක් ඇද බෑ බවය.මාළු ගෙන ඒමට දුන් මුදලින් මත් පැන් පානය කර ඇති බව සිතූ ඇය ඔහුට දිවා කෑම පාර්සලය සාදාදීම ප්‍රතික්ෂේප කළේ කන විදිහකට කාපුදෙන් කියමිණි.



අදහස් (0)

බල්ලන්ගේ බලු වැඩෙන් දවල් කෑමත් කඩෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site