(බදුල්ල - පාලිත ආරියවංශ)
ඇය රූමත් තරුණියකි. පියා සමඟ ඌවේ ප‍්‍රධාන පෙළේ රෝහලකට පැමිණියේ පියාගේ කකුලක ආබාධයකට නේවාසිකව ප‍්‍රතිකාර ලබා ගැනීමටය.
ඔහු රෝහලේ කනිෂ්ඨ සේවකයෙකි. සේවකයා තරුණිය දැක මන්මත්විය. පියා වෙනුවෙන් උදව් කිරීමට මහත් ඕනෑකමකින් කටයුතු කළේ ඒ නිසාය.
රෝද පුටුවේ තබාගෙන ශල්‍යාගාරයට ගෙන යාමත් ආපසු ගෙන ඒමත් පමණක් නොව පිටතින් කෑම බීම මිලදී ගෙන ඒමටත් ඔහු කටයුතු කළ අතර ඇය හා ඔහු අතර මේ තුළින් ඇතිවූයේ ලොකු මිතුදමකි.
සතියක පමණ කාලයකින් පසු තරුණියගේ පියාගේ ටිකට් කපා තිබුණි.
‘අපට හුඟාක් උදව් කළා. ඔයාට බොහොම ස්තුතියි’. රෝහලෙන් පිටව යන්නට පෙර තරුණිය සේවකයාට කොඳුරා කීවේය. ඕනනම් කතා කරන්නකො කියා ජංගම දුරකතන අංකයක් ද දුන්නාය. ටික දවසකට පසුව මේ තරුණයා තරුණියට දුරකතනයෙන් කතා කළේය.
‘මං එන්නද කතරගම වඳින්න’
‘අපෝ එන්න අපේ ගෙදරත් එන්නකො’ ඇය කීවාය. රෝහල් සේවකයාගේ මනෝ මන්දිරයේ බොහෝ දේ සිත්තම් විය. ඔහු දින දෙක තුනකට සරිලන ඇඳුම් ද බෑගයකට දමාගෙන බස් රථයෙන් කතරගම ගියේය.
තරුණියට ඇමතූ විට අනේ ත‍්‍රීරෝද රථයකින් එන්න. අපේ නම කිව්වම කවුරුත් දන්නවා ඇය කීවාය.
ඒ අනුව රෝහල් සේවකයා තව තවත් සිහින මවමින් ත‍්‍රිරෝද රියෙන් ඇගේ නිවස සොයා ගිය විට ගාස්තුව රුපියල් 200ක් විය.
එය ගෙවා නිවසට යනවිට තරුණිය පමණක් නොව ඇගේ පියාද මග බලමින් සිටියේය. ‘අනේ කොච්චර එකක්ද ආව එක. මේ ළමයා අපට උදව් කළානේ’ පියා කීවේය. තරුණිය කහට තේ කෝප්පයකින් සංග‍්‍රහ කළාය.
ඇඹරි ඇඹරී රෝහල් සේවකයා පෙම් හැඟුම්වලින් හද පුරවා ගෙන තරුණියට ආරාධනයක් කළේය.
‘අපි යමුද දේවාලේ’.
ටිකක් කල්පනා කළ ඇය ‘බෑ අයියා ඔයා ගිහින් එන්න’ කියා නිහඬ වූවාය.
කමක් නෑ කියා නිවසින් පිට වූ ඔහු දේවාලයට ගියේ නැත. එතැන මෙතැන රස්තියාදු ගසා ? බෝවෙන විට තරුණියගේ නිවසට ආපසු ගියේය.
‘යන්නත් බස් නෑ නංගි’ කියා කීවේය. ‘කමක් නෑ. අයියා ?ට නතර වෙන්න ඕන හෝටලයක් තෝරාගන්න’ කියා නාමාවලියක් දුන්නාය.
තරුණයා අන්ද මන්ද විය. ඔහු තෝරා දුන් හෝටලය වෙත යාමට ත‍්‍රිරෝද රියක් ගෙන්වා දුන්නේද තරුණියමය.
හරි ෂෝක් කෙල්ල මට හොඳට සලකනවා කියා සිතමින් හෝටලයේ කැමැති කැමැති ආහාරපාන ගත් තරුණයා වරින් වර දුරකතන ඇමතුම් දුන්නද තරුණියගේ දුරකතනය ක‍්‍රියාවිරහිත කර තිබුණි.
උදෑසන කාමරයේ දොරට තට්ටු කෙරිණි.
හා එයා ඇවිල්ලා හද පිරි සතුටින් තරුණයා දොර ඇරියේය. ඛේදයකි. දොරකොට සිටියේ බිල්පතක් අතින් ගත් හෝටල් සේවකයෙකි.
බිල අතට ගෙන බලන විට රුපියල් හාර දහසකි. තරුණයාට දෙවියන් සිහිවිය.
මාසේ පඩිය පර්ස් එකේ දමාගෙන ආ නිසා යාන්තම් බේරී යා හැකිි බව ඔහුට සිතිණ. බිල ගෙවාදැමූ ඔහු බසයට නැගුනේ අනේ අනිච්චං කියමිනි.
2025 දෙසැම්බර් මස 04
709
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බැල්මට වශීවෙලා පඩියටත් තට්ටුවෙලා
terrance Friday, 20 October 2017 07:36 PM
අනවශ්‍ය බලාපොරොත්තු තියාගෙන එදලා ඒවා ඉටු නොවීමෙන් බලාපොරොත්තු සුන් වෙලා .
udarata Saturday, 21 October 2017 01:11 PM
දකුණේ ඈයෝ ඔහොම තමයි...