IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


බුලත් විටක් කාලා අලි අමාරුවක වැටිලා

මිතුරකු තම උපන් දිනයට මිතුරන් කිහිප දෙනකුට ආරාධනා කළේය. එය මධුවිත සපිරි සාදයක් විය. සවස්වනවිට මිතුරන් කිහිප දෙනෙක් පැමිණියේ වෑන් රථයකිනි. එය පැදවූ මිතුරා මත්පැන් පානය නොකරන්නෙකි. තවත් මිතුරෙක් පැමිණියේ වෙනත් නගරයක සිට තම යතුරු පැදියෙනි. සාදය ආරම්භ විය. මිතුරන් බොහෝ දෙනා මධුවිතින් සන්තර්පණය වුවත් යතුරු පැදියෙන් ආ මිතුරා මත්පැන් පානය කළේ පදමටය. 


හේතුව මග දිගට පොලිස් නිලධාරීන් සිටින බැවිනි. මධ්‍යම රාත‍්‍රිය පසුවනතුරු සාදය පැවැත්විණි. අවසානයේදී රාත‍්‍රි ආහාර ලබාගත් මිතුරන් නිවෙස් බලා පිටත්වූහ. යතුරු පැදියෙන් ආ මිතුරා සුළු වේලාවක් නිවැසියන් සමඟ පිළිසඳරේ යෙදී පසුව බුලත් විටක්ද සපමින් යතුරු පැදියේ නැඟී නිවෙස බලා එන්නට විය. ටික දුරක් පැමිණි විටදී ඔහුගේ හිස බ‍්‍රමණය වන්නට විය. රාත‍්‍රි භෝජන ශාලාවක් අසල යතුරු පැදිය නැවැත්වූ හෙතෙම භෝජන ශාලාවේ හිමිකරුට තම අසනීපය පැවසීය. ”සමහර විට බුලත් විට කෑවාම කැරකිල්ල හැදෙනවා” යැයි පැවසූ මුදලාලි ශීතකළ වතුර වීදුරුවක් බොන්නට දී ඇඳි පුටුවක හාන්සි කරවීය. පැයකට පසු පියවි සිහිය ලද තරුණයා, ”මුදලාලිට බොහොම ස්තූතියි.” පවසා යතුරු පැදියට ගොඩ විය.


”මහත්තයා බුලත් විටක් කාලා මත් වුණාම අයිස් වතුර ටිකක් බොන්න. නැත්නම් සීනි ටිකක් කන්න.”


මුදලාලි උපදෙසක් දීමටද අමතක කළේ නැත. 



අදහස් (0)

බුලත් විටක් කාලා අලි අමාරුවක වැටිලා

පහන් Tuesday, 31 March 2015 04:36 AM

මම ඉස්කෝලේ යන කාලේ දවසක් සීයා කෙනෙක් බුලත් කාල බස් එකේ ඉදල කෙල ගැහුවා එයා හිතුවේ වීදුරුව ඇරලා කියල අපිව බුලත් කෙල වලින් නෑවුනා (බ)

:       0       0

අසෝකා Tuesday, 31 March 2015 06:36 AM

හොද උපදේශයකුත් ලැබුනා. එ්ක කොච්ච්ච්ර හොඳද? (ස)

:       0       0

දුමින්ද Monday, 30 March 2015 07:35 AM

නාග ලොවින් ගෙනා අපේ විපතට උන විනා. (ස)

:       0       0

රෙජි-සිඩ්නි Monday, 30 March 2015 11:14 PM

මට හිතෙන විදිහට මිතුරා බුලත්විට හපනකොට හුණුයි දුම්කොළයි කන්න ඇති.ඔතනින් නැවතුනා ඇති. (නි)

:       0       0

පහන් Monday, 30 March 2015 08:53 AM

ඉංගිරිසි බිමයි සිංහල කෑමයි (සිගරට් සහ බුලත්විට ) (ම)

:       0       0

කුමාරි Monday, 30 March 2015 11:27 AM

කරුණාවන්ත මුදලාලි කෙනෙක්.(දිල්)

:       0       0

තිලක් Monday, 30 March 2015 12:04 PM

බුලත්විට මත්වන්නේ පුවක් වල ඇති ඇල්කොලොයිඩ් වර්ගයක් නිසයි. සියලුම පුවක් වල මෙය ඇතිමුත් ඇතැම් පුවක් වල මෙම රසායනිකය බහුලව එනම් පුද්ගලයෙකුට දරාගත නොහැකි තරම ඉක්මවා තිබේ. මේ රසායනිකය හානිකරය. (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 30 March 2015 12:28 PM

බැරි දේ නොකරන් අබරෝ ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1312 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1241 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 452 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site