IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


බිරිය එක්ක වලි අල්ලා එල්ලෙන්න ගිය සැමියා කිතුල මුල දොයි

(වියලුව වාර්තාකරු)
සිය බිරිය සමග උරණවී දිවිනසා ගන්නා බව පවසා ලණුපොටක්ද රැගෙන නිවසින් පිටව ගිය පුද්ගලයකු සිද්ධියෙන් පැය කීපයකට පසුව පදමට ගසා රැගෙන ගිය ලණුවද හිසට තබාගෙන ගමේ කිතුලක් යට මර නින්දේ පසුවූ බව කියවෙන පුවතක් ලංකාදීපයට වාර්තාවේ.


සිද්ධිය මෙසේය.


මතට ලොල්වූවෙකි. ගොවිතැනත් කුලීවැඩ කිරීමත් සිය ජීවන වෘත්තිය කරගත් හෙතෙම උපයාගන්නා මුදලින් වැඩි කොටසක් වෙන්කළේ මත්වතුර හා දුම් වැටි වෙනුවෙනි. අඩියක් ගසන්නට ඕනෑ වූ විට කුමන හෝ හේතුවක් හදාගෙන ගෙදර අය සමග රණ්ඩු සරුවල් වීම සිරිතක් කර ගත් හෙතෙම අවසානයේදී නිවසින් පිටව යන්නේ තමුන් දිවි නසා ගන්නා බව පවසමිනි. කුලියක් නොලැබීම හේතුවෙන් හෙතෙම එදින ද දවස ගත කළේ මහත් අපහසුවෙනි. අතේ මුදල් ද නොතිබිණි.


සවස් යාමයේ ඇඟ රත්කරගන්නට කීයක් හෝ සොයා ගන්නේ කෙසේදැයි කල්පනා කළ හෙතෙම අවසානයේදී බිරිය සමග රණ්ඩුවක පැටලුනේ උකස් තැබීම සඳහා ඇයගේ කනේ ඇති කරාබු යුගල ඉල්ලමිනි. බිරිය ඊට විරුද්ධ වෙද්දී කෝපාවිෂ්ඨ වූ හෙතෙම නිවස පිටුපස තිබූ රෙදි වැලද ලිහාගෙන සුපුරුදු පරිදි පැය කීපයක් ගෙවී ගියත් වෙනදාමෙන් නිවසට නොපැමිණි සිය සැමියා ආ ගිය අතක් නැතැයි ඇය සිය අසල්වැසියෙකු සමග කියා සිටියේ දෙනෙතින් ගලා ආ කඳුර්‍ළු කැට කීපයක්ද සඟවා ගන්නට උත්සාහ කරමිනි. එහෙත් කටකොනකට නගාගත් සිනහවකින් සංග්‍රහ කළ හෙතෙම කියා සිටියේ “කිතුල ළඟ ලණුවකුත් ළඟ තියාගෙන නිදි. වෙරි හිදුනම ගෙදර එයි ”යනුවෙනි.



අදහස් (0)

බිරිය එක්ක වලි අල්ලා එල්ලෙන්න ගිය සැමියා කිතුල මුල දොයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site