IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


බිරියගේ කකුල සැමියාගේ සරමේ පැටළී ජංජාලයක්

(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)

බස් රථයෙන් බසින අවස්ථාවේ දී සිය බිරිදගේ පය සරමේ පැටලී සරම බිමට වැටී පුද්ගලයෙකුට සිදු වූ ජංජාලයක් පිළිබඳ කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා විය. වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.

කෑගල්ලේ තරමක් දුෂ්කර ග්‍රාමයක සිට කෑගල්ල බලා ඉකුත් සති අන්තයේ දිනක පෙරවරුවේ පෞද්ගලික බස් රථයක් ධාවනය කිරීම ආරම්භ කෙරිණ. ආරම්භ අවස්ථාවේදීම තරමක් වයෝවෘද්ධ යුවළක් බස් රථයට ගොඩ වූයේ කිලෝමීටර් හයක් පමණ ඈතින් පදිංචිව සිටින සිය දියණියගේ නිවස බලා යාමටය. බස් රථය කෑගල්ල නගරය බලා ගමන් ආරම්භ කෙරිණ.

සති අන්තයේ දිනක් බැවින් කෑගල්ල නගරයේ පෞද්ගලික පංති වෙත යන එන දූ දරුවන්ගෙන් බස් රථය පිරෙන්නට විය. තරමක් වයෝවෘද්ධ යුවළ බස් රථයේ අසුන්ගෙන සිටියේ මැද හරියේය. ඔවුන් බසින ස්ථානය ටිකෙන් ටික ළංවෙමින් පැවතිණ. යුවළ මගීන්ගෙන් ඉඩකඩ ඉල්ලාගෙන පිටුපස දොර අසලට පැමිණියහ. බසින ස්ථානය ළං වීමත් සමගම වයෝවෘද්ධ කාන්තාව බස් රථයේ බෙල් එක වරක් නාද කළාය. බස් රථය ඊ ළඟ බස් නැවතුම්පොළේ නතර කෙරිණ. පාපුවරුවේ සිටි දරුවන් මෙන්ම වැඩිහිටියන් පිරිසක් ද කොන්දොස්තරවරයා විසින් බිමට බස්සවා වයෝවෘද්ධ යුවළට බස් රථයෙන් බැසීමට අවස්ථාව උදා කර දුන්නේය. පළමුව වයෝවෘද්ධ පියා බිමට බසිනවාත් සමගම පිටුපස සිටි වයෝවෘද්ධ කාන්තාව ද බසින අවස්ථාවේ දී සැමියා ඇඳ සිටි සරම බිරිඳගේ කකුලකින් පෑගිණ. වයෝවෘද්ධ පියාගේ සරම ගැටය ලෙහී බිමට වැටුණි. එම අවස්ථාවේ දී බිම සිටි අමතර පංති දරුවන් මෙන්ම බස් රථයේ සිටි ලොකු කුඩා සියලු දෙනාටම සිනා ගියේය. බිරිඳ සිය සැමියා දෙස ආපසු හැරී බලා ඇඳ සිටි චීත්තයේ පොටකින් මුහුණ වසාගෙන සිනාසෙන්නට විය. වයෝවෘද්ධ පියා කිසිවකු දෙස නොබලා වැටුණු සරම අතට ගෙන මුහුණත් වැසෙන අයුරින් සරම හිසේ දමාගෙන අතුරු මාර්ගය දිගේ දියණියගේ නිවස වෙත ඉදිරියට ගමන් කරන අයුරු දක්නට ලැබුණි.



අදහස් (0)

බිරියගේ කකුල සැමියාගේ සරමේ පැටළී ජංජාලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site