IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


බිරිඳ සතුටු කරන්න සැමියා දුන් ස්මාර්ට් ​ෙෆා්නයෙන් පවුල කැඩිලා

 (හසලක වාර්තාකරු) 
බිරිඳක් තුෂ්ණිම්භූත කිරීමටත් සතුටු කිරීමටත් තෑගි දුන් ජංගම ස්මාර්ට් දුරකතනයක් පවුල් ජීවිතයක් අවුල් කොට සැමියකු තුෂ්ණිම්භූත කළ සිදුවීමක් උඩදුම්බර පොලිස් වසමේ ගම්මානයකින් වාර්තාවේ. 


උඩදුම්බර පොලිස් වසමේ ගම්මානයක පදිංචි ඔහු කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක රැකියාව කරන 48 හැවිරිදි විවාහක දෙදරු පියෙකි. වයස අවුරුදු 14ක දියණියක් සහ 11 හැවිරිදි පිරිමි දරුවෙක් මෙම   යුවළට සිටිති. මොහුගේ 44 හැවිරිදි බිරිඳ වයසට වඩා රූමත්ය. ඉතා සතුටින් කල් ගෙවූ මෙම කැදැල්ලට කණ කොකා හඬන්නේ අහඹු ලෙසිනි. 


ඔහු සාමාන්‍යයෙන් මාසයකට දෙවරක් නිවසට පැමිණ දින දෙක තුනක් නිවැසියන් සමග සතුටින්  ගත කර පෙරළා කොළඹ බලා පියමන් කිරීම සාමාන්‍ය සිදුවීමකි. 


සෑම වසරකම දරුවන්ගේ සහ බිරිඳගේ උපන් දින සැමරීම සාමාන්‍ය සිරිතකි. ඒ දිනය නිවස සතුටින් පිරී ඉතිරී යන අතර නිවැසියෝ තෑගි බෝගාදියෙන්ද සංග්‍රහ ලබති. ඉකුත් දෙසැම්බර් මාසයේ බිරිඳගේ 44 වෙනි උපන් දිනය යෙදී තිබුණි. මෙවර ඇගේ උපන් දිනය දා ඇය තුෂ්ණීම්භූත කර සතුටු කරන්නට සිතූ ඔහු වසර අවසානයේ ලැබුණු ප්‍රසාද දීමනාවෙන් රුපියල් 37,000ක පමණ මුදලක් වැය කර ස්මාර්ට් ජංගම  දුරකතනයක් මිලදී ගත්තේය. උපන් දින තෑග්ග ලැබුණු ඇය ඔහු සිතූ පරිදි තුෂ්ණීම්භූත වූවා පමණක් නොව විශාල සතුටක්ද ලැබුවාය. 


ගෙවි ගිය මාස කීපයේ ඔහුට නිවසට පැමිණීමට නොහැකි වූයේ කොරෝනා වයිරසය හේතුවෙන් පනවා තිබූ ඇඳිරි නීතියත් දිස්ත්‍රික් අතර ගමනා ගමනය තහනම් වීමත් නිසාය.


ඇඳිරි නීතිය ලිහිල් වීමත් සමගම ලද නිමේෂයෙන් ඔහු නිවසට පැමිණියේ පෙර පරිදි දරුවන් හා බිරිඳ සමග දින කීපයක් සතුටින් ගත කර පෙරලා සේවා ස්ථානය බලා යෑම සඳහාය. 


නිවසට පැමිණි ඔහුට වෙනදාට වඩා බිරිඳගේ වෙනසක් දකින්නට ලැබුණත් එය ඔහු ගණන් ගත්තේ නැත. දිනක් සවස ඇය වත්ත පහළ පිහිටි ළිඳට දිය නෑමට ගොස් සිටි අතරේ මේසය මත තිබූ බිරිඳගේ ජංගම දුරකතනය අතට ගෙන එය පරීක්ෂා කර එහි වූ දර්ශන කීපයක් නිසා ඔහු තුෂ්ණීම්භූතව ඇඟ කිළිපොලා ගියේය. ගත දහදියෙන් තෙත් විය. එම දසුන් තමන් සිහිනෙන්වත් සිතූ  පැතූ දර්ශන නොවීය. එහි අසභ්‍ය දර්ශන ගණනාවකි. අසල පදිංචි 22 හැවිරිදි තරුණයකු සමග ඇය අනග රැඟුමක සිටි දර්ශනද එහි ඇතුළත් වී  තිබිණි. 


දිය නා බිරිඳ නිවසට පැමිණියත් කිසිදු වෙනසක් නොහඟවා ඇගේ ජංගම දුරකතනය සියතට ගෙන ඉණේ සඟවාගෙන ගමේ කඩමංඩිය දෙසට ගියේ මෙහි යම් තොරතුරක් එහිදී දැන ගැනීමට ලැබේ යැයි තිබූ විශ්වාසය නිසාවෙනි. කඩයට යන අතරමගදී හමුවූයේ ඔහුගේ පැරණි තරුණ මිතුරෙකි. මිතුරාගෙන් ඔහුට බිරිඳගේ අනියම් පෙම් පලහිලව්වේ තොරතුරු රාශියක් හෙළිදරව් කර ගැනීමට හැකිවිය. එම තොරතුරෙන් කියවුණේ අසල නිවසක පදිංචි 22 හැවිරිදි තරුණයකු සමග කලක සිටම මැය තහනම් ප්‍රේමයක පහස ලබමින් සිටින බවත් එය ගමට රහසක් නොවන බවත්ය. 


ලද තොරතුරු සමග නිවසට ගිය ඔහු දරුවන් දෙදෙනාද නිවසේ සාලයට කැඳවා බිරිඳට පැවසුවේ ගෙවී ගිය මාස දෙකේ කරපු නාඩගම් තමන් දන්නා බවත් සාක්ෂි සමග එය තහවුරු වී ඇති බවත් ඒ නිසා ඒ ගැන වචනයක්වත් තකා නොකර තමන් මිනීමරුවකු  නොකර වහාම තමන්ගේ අඩුම කුඩුම ටිකත් රැගෙන විනාඩි 30ක් ඇතුළත නිවසින් පිටව යන ලෙසයි. 


සැමියාගේ හැටි දන්නා නිසාත් ඔහුගේ විලාශයෙන් බියට පත්වීම නිසාත් තමන් රඟපු රංගනය හෙළිවී ඇති බව දැනී ඇයද වචනයක්වත් කතා නොකර කාමරයට ගොස් ඇඳුම් කීපයක් රැගෙන නිවසින් පිටව ගියේ හැඬූ කලුළින් ඒ වෙනවිටත් සිද්ධියෙන් කම්පනයට සහ ලැජ්ජාවට පත්ව හඬමින් සිටි දරුවන් දෙදෙනාගේ මුහුණවත් නොබලමිනි. 


බිරිඳගෙන් වෙන්වීමට නීතියේ පිහිට පැතීමට ඔහු දැන් සූදානම්ව සිටී.



අදහස් (2)

බිරිඳ සතුටු කරන්න සැමියා දුන් ස්මාර්ට් ​ෙෆා්නයෙන් පවුල කැඩිලා

Lakmal Saturday, 06 June 2020 08:52 AM

මේ වගේ අම්මලා හින්දා දරුවන් තමයි අමාරුවේ වැටෙන්නේ... සැමියා බුද්ධිමත්ව කටයුතු කරලා තියෙනවා.

:       2       86

Pradeep Saturday, 06 June 2020 09:56 AM

කොයිතරම් ලස්සනට ජීවත් වෙන්න පුළුවන්කම තිබුණු පවුලක්ද..? බිරිඳගේ නොමනා හැසිරීම නිසා විනාශවෙලා ගියා. ඉතාමත් ඉවසිලිවන්ත සහ බුද්ධිමත් ස්වාමි පුරුෂයෙක් ඔහු. නැත්නම් ඔතන සිදු වෙන්නේ මිනි මැරුමක් හෝ ද්විත්ව මිනීමැරුමක්..

:       3       66

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 772 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site