ත්‍රස්ත ප්‍රහාරයත් සමග රට තුළ ඇති වූ තත්ත්වය පිළිබඳව උණුසුම් පුවත් සපයන්නට ගිය කටකථා පතුරවන්නෙකු මුහුණ දුන් සිදුවීමක් නිකවැරටිය ප්‍රදේශයෙන් වාර්තා වේ.
නිකවැරටිය නගරයට ආසන්න පෙදෙසක වෙසෙන අයෙකු මෙදින නිකවැරටිය නගරයට පැමිණියේ යම් අවශ්‍යතාවකටය. ඔහු තම අවශ්‍යතාව ඉටුකරගෙන අසල දුරකථන සේවා සැපයුම් ස්ථානයකට ගොඩ වූයේ තම ජංගම දුරකතනයට රීලෝඞ් එකක් දමා ගැනීම සඳහාය.

එම ව්‍යාපාරික ස්ථානයේ ඒ අවස්ථාවේ හිමිකරු නොසිටි අතර එක් සේවිකාවක් පැමිණ සිටියාය. රී ලෝඞ් එක ද දමාගත් ඔහු වෙළෙඳ සේවිකාව සමග කථාවට වැටුණේය. හෙතෙම තමා ගමේදී මෙන් විවිධ රොයිටර් පුවත් මවන්නට විය. ඔහුගේ මාතෘකාව වූයේ රටේ පවතින ත්‍රස්තවාදී ක්‍රියා පිළිබඳවය. ඒ පිළිබඳව හොඳින්ම දන්නා අයෙකු ලෙස ඔහු කට මැත දොඩවන්නට වූයේය. වෙළෙඳ සේවිකාව ද අන්දමන්දව බලා සිටියේ මොහු කියන දේවල් සත්‍ය විය හැකි බව සිතමිනි.
මෙම අවස්ථාවේ තවත් කාන්තාවක ව්‍යාපාරික ස්ථානයට ගොඩ වැදුනේ රීලෝඞ් එකක් දමා ගැනීමටය. මෙම පුද්ගලයාගේ කථාවට කන්දීගෙන සිටි කාන්තාව ද ඔහු සමග කතාවට වැටුනාය. ඒ සැනින් උණුසුම් පුවත් මවමින් සිටි පුද්ගලයාගේ පුවත් මැවීම ද ඉහළ ගියේය. නිකවැරටිය නගරයේ බෝම්බයක් පිපිරවීමට නියමිත බව ද අවසානයේ පැවසුවාය.
කලබලයට පත් කාන්තාව එළියට පැමිණ රහසේම පොලිසියට මේ බව දැනුම් දුන්නාය. යළි ආපසු පැමිණ නැවත එම පුද්ගලයා සමග කථාවට වැටුණේ පොලිසිය පැමිණෙන තුරු මොහු රඳවා ගැනීම සඳහාය. සුළු වෙලාවක් ඇතුළත පොලිසිය එම ස්ථානයට පැමිණෙනවාත් සමගම මෙම පුද්ගලයා පැන යන්නට උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය.
පොලිස් අත්අඩංගුවට පත් වූ පුවත් මවන්නා අධිකරණය මගින් දින 14ක් බන්ධනාගාර ගත කෙරුණේ නොසිතූ අයුරිනි. දින 14ක් බන්ධනාගාරයේ සිට ඇප ලබා ගමට ගිය ද මෙම පුද්ගලයාට ගමට මුහුණ දීමට නොහැකිව නිවසටම වී සිටියේලු.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බෝම්බ පුවත් මැවූ ‘ගමේ රොයිටර්’ කූඩුවේ