IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


බඩේ අමාරුව බිරිඳ පිටින් යවලා


කරන්දෙණිය .එම්.සුසිල් ප්‍රියන්ත



මත්පැන් සාදයක මිතුරකුට දුන් දඬුවම කරකැවී ගොස් භාර්යාවට විඳින්නට සිදුවූ අපූරු කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
හේ ඇල්වතුරත් නිවල පානය කරන අයෙකි. එහෙත් මිතුරන් සෙට් වනවිටදී සැර ජාතිය පාවිච්චි නොකළත් ඒ සඳහා ගන්නා කලවම් කිරීමට ගන්නා පැණි බීම පානය කිරීමට රුසියෙකි. මරුවෙකි. මෙය මිතුරන්ට ඉමහත් කරදරයකි. පාඩුවකි. අවාසියකි. මේ සම්බන්ධයෙන් මුවින් නොකීවත් මිතුරන් සිටියේ දැඩි කේන්තියෙනි. අමනාපයෙනි.
 එදාත් මිතුරෝ එක් වූහ. ඔහුද ඊට සහභාගී විය. මෙදා මිතුරන් ඔහුට සෙට්වීම සඳහා ගත් කෙටි කෑම සහ සැන්ඩි වෙන්කර දුන්හ. මේවා කටට දෙකට හලා ගත් ඔහු නිවසට ගියේ රෑබෝවී තිබූ නිසාත් ඔහුගේ අධික කුස ගින්න මේ දේවල්වලින් වැසීමට නොහැකි නිසාත්ය.
ගිය පයින්ම ඔහු භාර්යාව වෙන කවරදාවත් නොපිසූ ආකාරයට අලු‍ත්ම ක්‍රමයට උයාපිහා තිබූ මාළුද සමග රෑ බත් පත ගිල දැම්මේය. ගතවූයේ ටික වේලාවකි. ඔහුගේ බඩ බුරුල් විය. වැසිකිළි අවශ්‍යතාවය ඇති විය. ඒ සඳහා වරක් වැසිකිළියට ගියේය. තවත් වරක් ගියේය. යන වාරයේ වේගය අනුව ඔහුට වැසිකිළියේ ළඟින්නටම සිදුවිය. මේ හදිසියේ කඩාපාත්වුණු මේ බඩේ අමාරුව සෑදුණේ භාර්යාව අමුතු විදිහට අලු‍ත් ක්‍රමයට සෑදූ මාලු‍ පාරිභෝජනය කිරීමෙන් යයි සැක සිතුවේය.


තත්වය එන්න එන්නම දරුණුය. බඩේ අමාරුවද වැඩිවීමක් මිස අඩුවීමක් නොවීය. මේ සම්බන්ධයෙන් ඔහු භාර්යාව සමග සිටියේ දැඩි කේන්තියකිනි. මේ සම්බන්ධයෙන් භාර්යාව සහ ඔහු අතර රණ්ඩුවක් ඇතිවීමට මූල බීජය වැපිරිණ. ඔහුගේ බඩේ අමාරුවේ තත්වය මෙන්ම ඉවසීමේ සීමාවද පැන්නේය. එකට එක කියමින් නිවැරදි කාරියක්වීමට කතා කළ සිය භාර්යාවට තඩි බෑවේද ඉන් අනතුරුවය. භාර්යාව අඬ, අඬා ඇඳේය. ඔහු බඩ එළිය සඳහා සැරින් සැරේට වැසිකිළියේය.
මිතුරාට ඇටවූ බඩ විරේක උගුලේ තත්වය සොයා බැලීමට එක් අයෙකු දුරකතන ඇමතුමක් දුන්නේය. මචං හරි වැඬේනේ අපේ නෝනා මාලු‍ අමුතු විදිහකට හදලා මම ඒක කාපු වෙලේ ඉඳලා වැසිකිළියේ. මචං මට අමාරුයි. මම ඒ ගැන කිව්වාම නෝනා දොඩවගෙන ආවා. මම ඇයට දුන්න දෙකක්. අන්න දැන් අඬ, අඬා ඉන්නවා. මෙය ඇසූ මිතුරා අනෙක් මිතුරන්ට මේ බව පවසා ඇත්තේ බඩ අල්ලාගෙන සිනා සෙමින්ලු‍.

 



අදහස් (1)

බඩේ අමාරුව බිරිඳ පිටින් යවලා

ගුණරත්න Wednesday, 16 July 2025 06:05 PM

මෙවැනි මිත්‍රයෝ දුරින් තියාගන්න තරමට හොඳයි, යාලුවා බොන්නේ නැත්නම් ඒ යාලුවට වෙනම බොන පැණි බීමක් දුන්නා කියො වෙන මුදල් හානියක් නැහැ. මොකද අරක්කු කාලක වියදමේ කාලක් යන්නේ නැහැ මෙගා බෝතලයක් ගන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 554 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 489 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site