IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


පොල් පැහිලා දැයි බලන්න යැවූ පණිවුඩකරු පොල් ටික කඩාගෙන ගිහින්

(දූනගහ බටේපොල විජයසිරි)
වත්තේ පොල් කැඞීමට පොල් පැසී ඇති දැයි බලන්නට යැවූ පණිවුඩකරුවා පොල් කඩා විකිණීමේ පුවතක් දිවුලපිටියට නුදුරු ගමකින් වාර්තා වේ.
සිද්ධිය මෙසේය.


දිවුලපිටියට නුදුරු ගමක ඉඩමක් නගරවැසියකුට අයත්ය. එම ඉඩමේ ගස්වල පොල් කඩන්නේ ගස් නැගි පොල් කඩන්නකු විසිනි. පොල් කඩන්නා නගරවැසියා හමුවට ආවේ වත්තේ පොල් පැසී ඇත්නම් කඩමුද කියා අසමිනි.


ඉඩම් හිමියා කීවේ ”ටික දිනකින් වත්තට ගියේ නැහැ. පොල් පැහිලා නම් කඩමු. වත්තට ගිහින් බලල මට පණිවුඩයක් එවන්න” කියාය.  ”පොල් පැහිලා නම් පණිවුඩයක් එවන්නම්. නැත්නම් මම ඒ පාරෙන් ගෙදර යන්නම්. මෙහේ එන්නෙ නෑ” පොල් කඩන්නා කීය.


එසේ කියූ පොල් කඩන්නා වත්තට ගොස් පොල් ගස් 5කට නැග පොල් ගෙඩි 55 ක් කැඩුවේය. එය අසල කඩයකට වික්කේ මහත්තයට සල්ලි බේරන්න යන්න හදිසියි කියමිනි.


පොල් ගෙඩි ටික විකුණා ගත් පොල් කඩන්නා මුදල් ද රැුගෙන ගෙදර ගියේ වතුහිමියාට පින් දෙමිනි. පසුදින වතුහිමියා ඉඩමට ආවේ පොල් පැසී ඇතිදැයි බැලීමටය. එවිට ඔහුට පොල් කඩන්නාගේ ක‍්‍රියාව දැන ගත හැකිවිය. ඒත් ඔහු පොලිසි ගියේ නැත. ඔහු කීවේ ”දැන් හොරුත් නැත. බඩුත් නැත. පොලිසි ගියොත් මට පොල් කඩන්නාද නැත” කියමිනි.



අදහස් (0)

පොල් පැහිලා දැයි බලන්න යැවූ පණිවුඩකරු පොල් ටික කඩාගෙන ගිහින්

කුමාරි Wednesday, 18 March 2015 02:27 AM

ඒක ඇත්ත. කාවද නැවතත් පොල් ටික කඩන්න ගස් අරින්නේ මිනිහා තරහාකර ගත්තොත්? මොළේ ඇති වතුහිමියා. (නි)

:       0       0

රෙජි-සිඩ්නි Wednesday, 18 March 2015 03:11 AM

හරියටම පොල් ගස් 5 කින් පොල්ගෙඩි 55 ක් කඩා ගත්ත කියල කොහොමද දන ගත්තේ? කව්ද කිවේ ? (ම)

:       0       0

නිමල් Wednesday, 18 March 2015 09:07 PM

බණ්ඩාර ගස් දිහා බලල පොල් කඩපු ගස් ගැන කියන්න පුළුවන් කියල අමතක වුනාද. පොල් ගෙඩි ගැන මුදලාලිගෙන්. ගස් ගැන පොල් වලු දිහා බලල. (නදී)

:       0       0

නිමන්ත Thursday, 19 March 2015 07:27 AM

‍පොල් ග‍හෙන් ඇහුවා නම් කියනව‍නේ ඒ පොල් ගහෙන් කීයක් කැඩුවද කියලා. (නදී)

:       0       0

ලලිත් Thursday, 19 March 2015 02:23 PM

මගේ යහලුවෙකුත් ඔය වැඩේම කළා (නදී)

:       0       0

දුමින්ද Wednesday, 18 March 2015 05:24 AM

අපරාදේ කියන්න බැහැ-හොඳ ගස් බාස් (ම)

:       0       0

බණ්ඩාර රුසියාව Thursday, 19 March 2015 03:08 PM

නිමල් එක ගහෙන් පොල්වලු දෙකක් තුනක් කඩන වෙලාවල් තියනවා. හරියටම ගස් පහකින් කියල කියන්නේ කොහොමද. අනික පොල් වලු පිටින් කඩේට ගේන හොරා කවුද. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 18 March 2015 12:13 PM

අනේ රෙජි, ඔයා නම් ඉන්න ඕනෑ සිඩ්නි වල නෙමෙයි, කසකස්තානේ. මනුස්සයෝ, කඩේ මුදලාලිගෙන් අහගන්න පුළුවන්නේ ! (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 18 March 2015 01:28 PM

පිටබැද්දර ජයෝ, කසකස්තාන් වල ඉන්නේ අමුතු මිනිස්සුද. කඩේ මුදලාලි දන්නේ ගත්තු පොල් ප්‍රමාණය පමණි. මොකද මුදලාලි ගස් ගණන් කරන්න ගියාද. මට පේන විදිහට ඔබ ඉන්න ඕනේ 134 ඩිපෝව ලග කවුරුත් දන්නා රෝහලේ. රෝහල ගැනවත් දන්නවද මන්දා. (හේ)

:       0       0

අනන් Thursday, 19 March 2015 04:05 AM

ගහ යට ඉඳන් පොල් කඩන්ඩ පුලුවන් විදියේ මැෂිමක් හදපු කෙනෙක් ගැන කාලෙකට ඉස්සර පත්තරේක දාලා තිබුණා වගේ මතකයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1312 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1241 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 452 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site