IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


පොලිසියට බයේ යතුරුපැදියත් පෙරළාගෙන

(නයිනමඩම - චන්දන ප‍්‍රනාන්දු)
ආරක්‍ෂිත හිස් වැසුම් නොමැතිව යතුරුපැදියක ගමන් කරමින් සිටි අයකු අතුරු මාවතක වාහන පරීක්‍ෂා කරමින් සිටි පොලිස් නිලධාරීන් දැක බිය වී දඩ කොලයක වියදමට වඩා වැඩි හානියක් කරගත් පුවතක් පසුගියදා නයිනමඩම ප‍්‍රදේශයෙන් වාර්තා විය.


සිද්ධිය මෙසේය.
බොහෝ යතුරුපැදිකරුවන් ආරක්‍ෂිත හිස්වැසුම් භාවිත කරන්නේ පොලිසියට බියේ මිස තමන්ගේ ආරක්‍ෂාවට නොවන බව සනාථ කරමින් නයිනමඩම ප‍්‍රදේශයේ අතුරු මාර්ගයක නිවෙස් හිමි අයෙකු කිසිදු ආරක්‍ෂිත හිස් වැස්මක් නොමැතිව තම පුංචි පුතාත් ඉදිරියෙන් තබාගෙන ප‍්‍රධාන මාර්ගයට යතුරුපැදියෙන් ගොස් ඇත්තේ නිවෙසට පැමිණි යහළුවා බස් රථයට නැග්ගවීමටය.


ප‍්‍රධාන මාර්ගයේ ආපසු එනවිට නිවාඩු දවසක් නිසාම පොලිස් නිලධාරීන් මාර්ගයේ නොසිටිනු ඇති බවට සැකයක් නොතිබුණ නිසා ටිකක් වේගයෙන් යතුරුපැදිය පදවපු පැදිකරු මීටර් 150ක් පමණ ඈතින් සිටි පොලිස් නිලධාරින් දැක බියෙන් කළබල වී තිරිංග තද කිරීම නිසා යතුරුපැදියත් සමඟ පෙරළී යතුරුපැදියට මෙන්ම එම පුද්ගලයාටත් පුංචි පුතාටත් තුවාල සිදුවී ඇත.


මේ කිසිවක් නොදැකපු පොලිස් නිලධාරීන් ඉදිරි ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇති අතර අසල්වාසීන්ගේ සහයෙන් නැගිටගෙන ප‍්‍රතිකාර ගෙන යතුරුපැදිය දෙස බලද්දී හිතුණේ රුපියල් පන්සීයක් දී දඩ කොළයක් ගත්තා නම් මීට වඩා හොඳ බවය.



අදහස් (0)

පොලිසියට බයේ යතුරුපැදියත් පෙරළාගෙන

පිටබැද්දර ජයා Thursday, 18 June 2015 10:19 AM

හෙල්මට් එක පලදින්නේ පොලොසියට බයේ නොව තමන්ගේ ආරක්සාවට කියන එක අපේ මිනිස්සු කවදා තේරුම් ගනීවිද මන්ද ?(නදී)

:       0       0

සම්පත් Thursday, 18 June 2015 06:54 AM

බයිසිකලයක් නඩත්තු කරන කෙනෙකුට පන්සීයක දඩයක් ගෙවන්න අමාරුයි (නදී)

:       0       0

දුෂාන්ත Monday, 22 June 2015 03:03 AM

බොහෝ මිනිසුන් තමන්ගේ ආරක්ෂාව ගැන නොහිතා ආරක්ෂිත හිස් වැසුම්ද රහිතව යතුරුපැදි වල යනවා. ඉන්පසු අනතුරු වලට ලක්වූ විට සාමාන්‍ය අනතුරකට පත්වූ පුද්ගලයකු සුව කිරීමට දරන වියදම මෙන් කිහිපගුණයක් වැයකිරීමට රජයට සිදුවෙනවා. ආරක්ෂිත හිස්වැසුම් රහිතව යතුරුපැදි ධාවනය කරන පුද්ගලයින් අනතුරට පත්වූ විට නොමිලයේ සෞඛ්‍ය සේවා සැපයීම නතර කර ඔවුන්ගෙන් මුදල් අයකර ගතයුතුයි. ඔබ ගැන නොසිතනවා නම් රට ගැන සිතාවත් ආරක්ෂිත හිස් වැසුම් සහිතව යතුරුපැදි ධාවනයේ යෙදෙන්න. එය ඔබගේ දුවා දරුවන්ගේ යහපත පිණිසද පවතීවි. (නි)

:       0       0

විකි Thursday, 18 June 2015 03:29 PM

ටිකක් දුර යනකොට වාහන ප්‍රධාන ලාම්පු වලින් පොලිසිය ඉදිරියෙන් ඉන්න බව දැනුම් දෙන්නෙත් වේගය අඩු කරගන්න සහ පොලිසියෙන් ඉන්න බව කියන්නයි. රියදුරු මහත්වරුන්ගේ සහෝදරත්වය එකෙන් පෙනුනත්., මං නම් හිතන්නේ පොලිසියට බයේ හරි මාර්ග නීති ආරක්ෂා කෙරෙනවා නම් බොහෝ අනතුරු අඩු වෙනවා. ප්‍රධාන ලාම්පු වලින් බොහෝ රියදුරන්ගේ වේගය පාලනය කරන්න පුළුවන් .....(අ)

:       0       0

යෝනක Wednesday, 17 June 2015 08:04 PM

අපරාදේ කියලා හිතෙන්න ඇති පස්සේ! (නි)

:       0       0

සරත් Wednesday, 17 June 2015 09:45 PM

හිස්වැසුමක් නැතුව යතුරුපැදියක යනකොට පොලිසිය දැක්කහම යන්නේ මොකේද කියලත් අමතක වෙනවා. ඒකෙන් බේරෙන්න මමත් නොකරන දෙයක් නැතිගානයි. ඕක වෙලාම බලන්න ඕනෑ. (නි)

:       0       0

රෙජි-සිඩ්නි Thursday, 18 June 2015 01:17 AM

නීතියට ගරුකර වැඩකළා නම් ඔය වාගේ දෙයක් වෙන්නේ නැහැනේ. ඔතනින් බේරුනා ඇති. නීතියට ගරුනොකර වැඩකරන අයට මේවා හොඳ පාඩම්. (නි)

:       0       0

සරත් Thursday, 18 June 2015 02:41 AM

පොලිසියෙන්ම දඩෙත් ගෙවනවානේ.හැබැයි තැපැල් ගාස්තුවත් එක්කම දෙන්න ඕනේ. වරදක් නැතත් තර්ක කරන්න බැහැ .පොලිසිය කෙලින්ම උසාවි ලියනවා .වරදක් කලත් සිතකින් නොවේ කියල 575ක් දීල ගෙදර යන්න තිබුණා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1313 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1241 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 454 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site