දූනගහ ප්‍රදේශයේ වෙළෙඳ සලකට මෝටර් රථයකින් මහත්වරු දෙදෙනෙක් පැමිණියහ. ඔවුහු එම වෙළෙඳ සලින් ප්ලාස්ටික් භාජන රැසක් තෝරාගෙන සුබසාධකයක දිනුම් ඇදීමකට යයි පවසා භාණ්ඩ තොගයේ මිල ගණන් විමසූහ.
එම මිල ගණන් පැවසූ ගමන් රුපියල් පන්දහසේ මුදල් නෝට්ටුවක් අතට ගෙන එය කළමනාකරුට දීමට සැරසෙමින් රුපියල් දෙදහසක් ආපසු ඉල්ලා සිටියහ. ක ළ ම න ා ක ර ැ ලාච්චුවෙන් රුපියල් දෙදහසක් සුබසාධක මහත්වරුනට ආපසු දුන් අතර ඔවුහු ප්ලාස්ටික් බඩුවලට ගණන් හදන්නට වූහ. ඒ අතරේ එක් අයකු මෝටර් රියට නැගුන අතර අනෙකා ප්ලාස්ටික් බඩුවල මිල වෙනම සටහන් කරගත්තේ ඉතා ක්‍රමවත්වය. මද ඇසිල්ලකින් ඔහුද පොඞ්ඩක් ඉන්න කියා වාහනය අසළට ගොස් එයට නැගුණ අතර වාහනය පිම්මේ ඉගිල ගියේය. වාහනය නොපෙනී ගිය පසු වෙළෙඳසලේ කළමනාකරුට රුපියල් දෙදහස මතක් විය. ඔහුට කර කියාගත හැකි කිසිවක් නොවූ අතර ප්ලාස්ටික් භාණ්ඩ තිබූ තැන්වල ඇසිරීමට ද ඔහුටම සිදුවිය.
(දූනගහ බටේපොළ විජයසිරි)
2025 ඔක්තෝබර් මස 08
1509
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1342
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
477
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ප්ලාස්ටික් බඩු පෙන්වා අමුතු ගේමක් ගහලා
අජිත් Monday, 06 February 2017 02:37 PM
ඒක නම් අර මහා බැංකුවට දුන්න ගේම වගේ තමයි (බ)
ජයතු Monday, 06 February 2017 10:24 PM
රටේ උත්තරීතර පාර්ලිමේන්තුවත් හොර ගුහාවක් මෙන්ම ජනතාවත් හොරුන් වශයෙන් ලෝක ප්‍රසිද්ධියට පත්වෙයි. පින්බිමටත් ලැජ්ජයි (නි)
බමුණු ආරච්චි Monday, 06 February 2017 12:48 AM
ඒ කියන්නේ "දූනගහ ප්‍රදේශයේ වෙළෙඳ සලකට මෝටර් රථයකින් මහත්හොරු දෙදෙනෙක් පැමිණිලා" ? (නි)
යෝනක Tuesday, 07 February 2017 07:10 PM
දැන් ඉන්න පුදුම මොළකාරයෝ (නි)