IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


පෝලිමෙන් පනින්න ගිය කත අමුතුම ගැටේකට අහුවෙලා

(වියලු‍ව වාර්තාකරු)
රජයට අයත් පොදු වෙළෙඳසලකින් හාල් පරිප්පු ඇතුළු භාණ්ඩ කීපයක් මිලදී ගැනීම් සඳහා පෝලිමේ නොසිට ඉක්මනින් නිවෙසට යෑම සඳහා   උප්පරවැට්ටියක් යෙදූ කාන්තාවකට රෝහල්ගතවී ප්‍රතිකාර ලබන්නට සිදු වූ බව කියැවෙන පුවතකි.

ඇය, කොහේ ගියත් කුමක් හෝ සටකපටකමක් සිදුකර තම කාර්යය ඉක්මනින් ඉටුකර ගන්නට නම් දැරූ තැනැත්තියකි.

පසුගිය දිනක ඇය නිවෙසට අවශ්‍ය භාණ්ඩ ටිකක් මිලදී ගන්නට රජයට අයත් වෙළෙඳසලකට යාමට නිවෙසින් පිටවූයේ එහි භාණ්ඩ මිල තරමක් අඩු බව දන්නා නිසාවෙනි.

එහෙත් ඇයගේ මුහුණ බෙරිවී ගියේ වෙළෙඳසලේ එදින තිබූ දිගු පෝලිම් දකිද්දීය.

සෑහෙන වේලාවක් පෝලිමේ රැඳී සිටි ඇගේ ඉවසීමේ සීමාව ඉක්ම ගියේ    තමන්ට ඉදිරියෙන් තවත් විශාල පිරිසක් පෝලිමේ රැඳී සිටිනු දකිද්දීය. කෙසේ හෝ භාණ්ඩ ටික රැගෙන ඉක්මනින්ම නිවෙසට යෑමට ඉටාගත් ඇය සුපුරුදු පරිදි සිය ගණ දෙවි නුවණ මෙහෙය වූයේ ‘‘අම්මා මට   කලන්තේ වගේ’’ යැයි පවසමින් අසල වූ බිත්තියකට හේත්තු වෙමිනි.

ඇගේ හැටි දන්නා පෝලිමේ සිටි බොහෝ දෙනකු ඇගේ උප්පරවැට්ටියට  කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූවද ඇයට හොඳ වැඩක් කළ යුතුයැයි යෝජනා කළ වෙළෙඳසලේ සේවකයන් ඇය බලහත්කාරයෙන්ම වත්තම් කරගෙන ගොස් ත්‍රිරෝද රථයක නංවා ඇය නගරයේ රෝහල වෙත පිටත්කර හැරියේ ‘‘අක්කාට මොනව හරි වුණොත් වග කියන්න ඕනෑ අපිනේ’’ යැයි ඇයට පවසමිනි.

කිසිදු රෝගී තත්ත්වයක් නොවූවද අවසානයේ දී ත්‍රිරෝද රථයට ද අමතර   මුදලක් ගෙවා රෝහලේ ද පැය කීපයක් ගත කර භාණ්ඩ රැගෙන ඇය නිවෙසට යනවිට රෑ වීමටද ආසන්නව තිබිණි.



අදහස් (0)

පෝලිමෙන් පනින්න ගිය කත අමුතුම ගැටේකට අහුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1429 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1300 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 469 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site