(අම්බලන්ගොඩ විශේෂ ඩී.ජී. ජයසුන්දර)
එදින රාත්‍රියේ අම්බලන්තොටින් පිරිස වෑන් රථයට ගොඩවූයේ තංගල්ල ප්‍රදේශයේ ධීවර ගම්මානයක මළ ගෙදරක යාම සඳහාය.
අම්බලන්තොට රජයේ ආයතනයක සේවය කරන ඇය ළඟදී සේවයට පැමිණි සේවිකාවකි. එබැවින් කිසිවකුත් ඇගේ නිවස නොදනී. පිරිස මළ ගෙදර යන්නේ නිවෙස සොයාගෙන යාමටය.
හෝරා එක හමාරකින් පමණ අදාළ ගමට ළඟාවිය. ප්‍රධාන පාරෙන් ගමට හැරෙන තැන සුදු කොඩියක් අතුරු පාර හරහා දමා තිබිණි. ඒ ඔස්සේ ගමට කිලෝමීටරයක් පමණ ගිය පසු තවත් සුදු කොඩියක් තවත් හරස් පාරක විය.

ඒ මග කිලෝමීටර් භාගයක් පමණ ගිය පසු මළ ගෙදර විය. වෑන් රථය මළ ගෙදර ගේට්ටුව අසල නතර කරනවාත් සමග මළ ගෙදර සිටි ගැහැණු පිරිමි සහ ළමයි මියගිය අයගේ ගුණ කියමින් කෑගසමින් විලාප තබමින් අඬන්නට වූහ.
පිරිස වෑන් රථයෙන් බැස ගෙන යන ලද බිස්කට් පෙට්ටිය ගෙන යෑමට අමතක නොකළෝය. ඒ සමගම වෑන් රථය වට කරගත් පිරිසද ඉන් ඉවත් විය. පිරිස මළ ගෙදරට ළං වෙත්ම විලාප තබා කෑ ගසමින් තැබූ ඇඬිල්ල ක්‍රමයෙන් අඩුවිය.
වෑන් රථයේ ගිය පිරිස නිවසට ගොඩවිය. ‘කෝ මෘත දේහය’ පිරිසේ එක් අයකු විමසීය.
අපි හිතුවේ කෙල්ලගේ මරණය ගෙනාව කියලා. මල්ශාලාවේ වෑන් රථයත් මහත්තයල ආ වෑන් රථයක් දෙකම එක වගේ. ඒකයි අපට කෑ ගැසුනේ යැයි මැදිවියේ අයෙක් කීය.
ගිය පිරිස වැරදි මළ ගෙදරට ගොස් ඇති බව වැටහුනේ ඉන් අනතුරුවය.
අපි ආවේ ආච්චි කෙනෙකුගේ මළගෙදර. ඒ මළ ගෙදර කොහේද තියන්නේ පිරිසේ අයෙක් විමසීය.
මේ පාරෙන් අතුරු පාරට ගිහිල්ලා මුහුද දෙසට මීටර් 250ක් ගියාම මළගෙදර. පාර අද්දරමයි. මළ ගෙදර සිටි අයෙක් කීය.
මහත්තයෝ තේ ටිකක් බීලා යන්න.
නිවැසියන්ගේ පෙරැත්ත විය.
කමක් නැහැ. යන මළ ගෙදරින් තේ බොන්න පුළුවන් කියමින් මළගෙදර අයගේ දුප්පත්කම ගැන සිතා ගෙනයන ලද බිස්කට් පෙට්ටිය මළ ගෙදර තබා සියලු දෙනා වෑන් රථයට ගොඩවූහ.
2025 දෙසැම්බර් මස 04
709
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පාර වැරැදී වෙන මළ ගෙදරකට ගොඩවී අන්දුන්කුන්දුන්