IMG-LOGO

පියාගේ වියෝවෙන් හඬා වැටී පෙට‍්‍රල්වලින් මුහුණ හෝදලා

(ගම්පොල - සුරංග රාජනායක)
ඇය විවාහකය. උපතින්ම කතා කිරීමේ අපහසුතාවයෙන් පෙළුණාය.
ඇගේ පියා මියගියේය. ඉතා සංවේදී ඇය ඒ පිිළිබඳව දැඩි සේ දුක්වූවාය.


අවසන් කටයුතු දිනයේ ඇය වඩාත් හැඬුවාය. පියාගේ සෙහොන ළඟ සිට ත‍්‍රිරෝද රථයකින් ඇය හා ඇගේ සැමියා නිවෙසට එමින් සිටියහ. හඬමින් පැමිණි ඇය එක්වරම සිහිසුන් වූවාය.


ත‍්‍රිරෝද රථ රියැදුරු සිහිසුන් ඇයට වතුර ටිකක් ඉසීම සඳහා ජලය රැගෙන ඒමට අසල නිවෙසක් කරා දිව ගියේය. ඔහු නැවත ජලය රැුගෙන එන විට සිහිසුන්ව සිටි ඇය දෑතින්ම මුහුණ බදාගෙන බිම පෙරළෙමින් විලාප දෙන අයුරු දැක ඒ පිළිබඳ ඇගේ සැමියාගෙන් ද විමසීය. වහා ඇය රෝහලට රැුගෙන යනු ලැබීය. ත‍්‍රිරෝද රියේ ”වතුර” බෝතලයෙන් ඇය මුහුණ සේදුවාය. ඒ බෝතලයේ වූයේ වතුර නොවේ පෙට‍්‍රල්ය.



අදහස් (0)

පියාගේ වියෝවෙන් හඬා වැටී පෙට‍්‍රල්වලින් මුහුණ හෝදලා

ඇසිලින්නෝනා Tuesday, 02 December 2014 02:28 AM

අය්යෝ පව්. අනේ තෙරුවන් සරණින් ඉක්මනට සුවපත් වේවා. (ස)

:       0       0

අශෝක රළපනාව Tuesday, 02 December 2014 01:24 PM

පිටිගල උන්නැහේ මෝඩ කතා කියන්න එපා. එය කියන සිද්ධියේ සැමියා පිටිගල උනා නම් ඒත් එච්චරම තමයි (නදී)

:       0       0

අබරන් Wednesday, 03 December 2014 03:19 AM

වතුරෙයි පෙට්‍රල් වලයි ගඳ සුවඳ හඳුනාගන්න බැරි හැටි!! (නි)

:       0       0

පිටිගල Tuesday, 02 December 2014 03:45 AM

සිහිය නැතුව හිටි ඇය කොහොමද මුණ සොදන්නේ. අර මෝඩ සැමියා අසරණ බිරිඳගේ මුනට පැට්‍රල් දමලා. මූඩිය අරිනකොටම සුවඳ දැනෙනවානේ. සැමියාත් ආබාධිතයෙක් වගෙයි.(නදී)

:       0       0

මාලි Thursday, 04 December 2014 03:01 AM

අනේ පිටිගල! (නි)

:       0       0

සමීර සාලින්ද Wednesday, 03 December 2014 09:17 AM

පිටිගල, අසරණ අවස්ථාවක වැරදීම් වෙනවා. ඔයා හිතන්නේ ඔයා ලොකු කෙනෙක් කියලාද? (නි)

:       0       0

මංජුල Thursday, 04 December 2014 09:37 AM

මේක හදිසියට වැරැදීමකින් සිද්ධ වෙන්න ඇත්තේ.(හේ)

:       0       0

කුමාරී Tuesday, 02 December 2014 06:52 AM

හරිම සන්වේදී පුවතක්. ඉක්මන් සුවය පතනවා. (නදී)

:       0       0

ප්‍රියානි Tuesday, 02 December 2014 11:44 PM

ඉක්මන් සුව ලැබේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 33 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 626 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site