(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)
පෙම්වතාට කොවිඩ් ආසාදනය වී ඇති බව දැනගැනීමෙන් පසුව පෙම්වතියට ක්ලාන්තය සෑදී වැටී ඇතැයි කියන පුවතක් කැගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කෑගල්ල නගරයට ආසන්නතම ග්‍රාමයක 23 හැවිරිදි තරුණියක පදිංචිව සිටින්නීය. ඇගේ පියා කෑගල්ල නගරයේ ප්‍රධාන වෙළෙඳ ආයතනයක වසර 20ක පමණ කාලයක සිට රියැදුරු රැකියාවක් කරයි. මෙම රියැදුරු පියා ආයතනයේ ප්‍රධානියා සමග තිබෙන හිතවත්කම නිසා දියණිය ද මීට වසර දෙකකට පමණ ඉහතදී වෙළෙඳ ආයතනයේ ප්‍රධාන මුදල් අයකැමිවරියක් ලෙස සේවයට යොමු කරනු ලැබුවාය. තරුණිය තරමක් සුරූපීය. නිවෙසේ පදිංචිව සිටින්නේ තරුණියගේ මව හා 17 හැවිරිදි බාල සහෝදරයා පමණි.
මීට මාස දහයකට පමණ ඉහතදී මාවනැල්ල ප්‍රදේශයේ තරුණයෙක් වෙළෙඳ ආයතනයට පැමිණ බඩුමුට්ටු ටිකක් කූඩයකට ගෙන මුදල් ගෙවීමට තරුණ අයකැමිවරිය වෙත ගොස් තිබුණි. පසුව තරුණ අයකැමිවරිය භාණ්ඩවල ගණන් කොම්පියුටර්ගත කර රුපියල් 1,720ක් බව තරුණයාගේ මුහුණ දෙස බලා පැවැසුවාය. පසුව තරුණයා මුදල් පසුම්බිය ගෙන රුපියල් දාහේ නෝට්ටු කොළ දෙකක් තරුණ අයකැමිවරියට දී තිබුණි.
අයකැමිවරිය “මෙන්න ඉතිරි මුදල්” යැයි පවසා පළමුව රුපියල් 380ක් සමග බිල්පත දුන්නාය. ඊළඟට බඩුමුට්ටු ටික බෑගයකට දමා අයකැමිවරිය තරුණයාට දීමට ගිය අවස්ථාවේදී තරුණයා අයකැමිවරියගේ මුහුණ දෙස බලා “නංගි මට ඉතිරි 380ක් ඔයා දීලා තියෙනවා. ගාන වැරැදියි. මට දෙන්න ඕනෑ ඉතිරි රුපියල් 280ක් පමණයි. රුපියල් සීයේ කොළයක් වැඩිපුර ඇවිල්ලා තියෙනවා.” සිනාමුසු මුහුණින් තරුණයා කීවේය.
“අනේ සොරි අයියේ මට වැරැදිලා. කවුරුත් ඔහොම කියලා දෙන්නේ නෑ. ඔයා ගොඩක් අවංකයි වගේ අයියේ. ස්තුතියි අයියේ.” තරුණ අයකැමිවරිය තරුණයා දෙස බලා පැවැසුවාය. පසුව තරුණයා බිල්පතේ සිය දුරකතන අංකය සඳහන් කර තරුණ අයකැමිවරිය සිටින මුදල් කවුන්ටරයට විසි කර වෙළෙඳසලෙන් පිටව ගොස් වෙළෙඳසල ඉදිරිපිට නවතා තිබුණු කාර් රථයට නැග පිටව ගියේය.
එදින වැඩ කටයුතු නිම කොට නිවෙසට ගිය තරුණිය රාත්‍රියේ වෙළෙඳසලට ආ තරුණයාගේ දුරකතනයට ඇමතුමක් ගත්තාය. එදා තරුණයා සහ තරුණිය දෙපාර්ශ්වයේ තොරතුරු විමසාගෙන දෙදෙනා අතර යම්තාක් දුරට ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනගාගෙන තිබුණි.
එදා සිට දෙදෙනා හඳුනාගෙන තිබුණත් දෙපාර්ශ්වයේ මව්පියන්ට මේ සම්බන්ධයෙන් කිසිම දෙයක් දැනගැනීමට ඉඩ සලසා දී නොතිබුණි.
ඉකුත් දිනෙක තරුණයාට සෑදී ඇතැයි කියන අසනීප තත්ත්වයකට කෑගල්ල නගරයේ පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබාගැනීමට ගිය අවස්ථාවේදී රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණයක් සිදු කර තිබුණි. එහිදී තරුණයාට කොවිඩ් ආසාදනය වී ඇති බව දැනගැනීමට ලැබුණි.
පසුව තරුණයා කෑගල්ල නිවෙසේ පදිංචිව සිටින පෙම්වතියට දුරකතනයෙන් ඒ සම්බන්ධයෙන් පැවැසුවේය. ඒ වනවිට තරුණිය මිදුල අතුගාමින් සිටි අතර දුරකතනයත් ඉදලත් සමග ඇය ක්ලාන්තය සෑදී මිදුලේ ඇදවැටුණාය. පසුව මව සහ බාල සහෝදරයා විසින් ඇය නිවෙසට රැගෙන ගොස් මුහුණේ වතුර පිස දමා පවන් ගසා විනාඩි කිහිපයකට පසුව යළි සාමාන්‍ය තත්ත්වයට පත් කර තිබුණි. එහිදී මව දියණියගෙන් විමසා ඇත්තේ “එක පාරට මොකද වුණේ” කියාය. පසුව ක්ලාන්තය සෑදුණු ආකාරය තරුණිය මවට ප්‍රකාශ කළාය. මවට කර කියාගත දෙයක් නොහැකිව ඉනට දෑත් දෙක තබාගෙන සිය දියණිය පිළිබඳ කනගාටුවට පත්ව ඇති බව වාර්තා වෙයි.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පෙම්වතාට කොරෝනා හැදුනාම පෙම්වතිය කලන්තෙ දාල වැටිලා