(මාවරල පී.එස්. මද්දුමගේ)
හෙතෙම පෞද්ගලික බස් කොන්දොස්තරවරයෙකි. දිනක් සේවය නිමා කර නිවෙසට යන අතරමගදී බසයේ නිතර ගමන් කරන අවස්ථාවේ හඳුනා ගත් දෙදෙනෙක් යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඔහු ළඟ නතර වූහ.
දැන හැඳුනුම්කමක් හෝ වැඩි තොරතුරක් ඔවුන් ගැන නොදත් කොන්දොස්තරවරයා‘‘ මහත්වරු කොහේද යන්නේ යැයි?, යතුරුපැදියේ පැමිණි අයගෙන් විමසීය.
‘‘අපි මේ ළඟ රෙස්ටුරන්ට් ඇන්ඩ් බාර් එකට යන්නේ. ඔයත් එතනට එනවද කියලා දැනගන්නයි නතර වුණේ.?
‘‘ හොඳයි මම එන්නම් මහත්තයලා යමුකො..,, මදක් නිහඬව සිටි ඔහු කීවේය.
සෑම දිනකම වැඩ නිමා කර හීන් අඩියක් ගසා ගෙදර යෑමේ පුරුද්දක් තිබූ කොන්දොස්තරවරයාට මේ ලැබුණ අවස්ථාව ‘‘ලොකු චාන්ස් එකක් යැයි සිතා ඉක්මන් ගමනින් අවන්හලට ගියේය.
ඔහු යනවිටත් මගදී හමුවූ දෙදෙනා එහි කෙළවරක වූ මේසයක් අසල පුටු දෙකක අසුන් ගෙන සිටියෝය. කොන්දොස්තරවරයා හනිකට එම මේසය අසලට ගොස් හිස්ව තිබූ පුටුවක හිඳ ගත්තේය.
මිතුරන් දෙදෙනාගෙන් කෙනෙක්‘‘මොනවද බොන්නෙ? යැයි කොන්දොස්තරවරයාගෙන් විමසීය.
‘‘හොඳ දෙයක් බොමු. නේද?,, කොන්දොස්තරවරවරයා එසේ පැවැසුවේ වැඩි ගණනකට නොගෙනය.
සේවකයකුට කතා කළ එක් මිතුරෙක් ඉහළ මිලක් ඇති රට බීම වර්ගයක් ඇණවුම් කළේය. ඊට ගැලපෙන කටගැස්මක්ද සැන්ඩිද ගෙනෙන ලෙස දැන්වීය
තිදෙනා ආගිය තොරතුරු මෙන්ම පෞද්ගලික තොරතුරු කතා බහ කරමින් කට ගැස්මත්, බීම බෝතලයත් හමාර කරන විට රාත්‍රි 9පසු වී තිබුණි. මිතුරන් දෙදෙනා මත්පැන් මද වශයෙන් භාවිත කළේ යතුරුපැදිය පදවාගෙන යාමට සිහිකල්පනාවත්, ශරීරයේ සමබරතාවත් රැක ගැනීමේ අදහසිනි. කලකින් රට බීම බොන්නට ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් බස් කොන්දොස්තරවරයා පදම ඉක්මවා බීම නිසා නැගිට යාමට තරම් හැකියාවක් නොවීය.
අවන්හල් සේවකයා බිල ගෙනත් දුන් පසු මිතුරන් දෙදෙනාට දෙවියන් සිහිවිය. ඔවුන් ඇතේ ඇති මුදලට වඩා හතර ගුණයක මිලක් ලැබීම ඊට හේතුවිය. බිල ගෙවීමට මුදල් ටිකක් තිබේදැයි කොන්දොස්තරවරයාගෙන් විමසූ මිතුරන්ට ඔහුගෙන් ලැබුණ පිළිතුර වූයේ ‘මා ළඟ මුදල් නෑ, මහත්තයල කතා කළ නිසයි මම ආවේ කියාය.
‘‘එහෙනම් කොන්දොස්තර මහත්තයෝ අපි තියෙන මුදල් ටික දීල, ඉතිරු හිඟ මුදල ගෙදරින් ගෙනත් දෙන්න පොරොන්දු වෙලා බාර් එකෙන් අපි දෙන්න පිටවෙලා ගිහින් එන්නම්. ඔයාට හරියට කෙළින් පාරේ යන්න බැරි තත්ත්වයක් තියෙන නිසා අපි දෙන්න එනකන් ඔයා බාර් එකේ ඉන්න.
‘හොඳයි හොඳයි, කියූ කොන්දොස්තරවරයා මේසයට හිස තබා ගත්තේය.
මිතුරෝ දෙදෙනා බාර් මැනේජර්ට සිද්ධිය පවසා යාළුවා ඉන්න බවත්, පැය භාගයකින් හිඟ මුදලත් රැගෙන එන බවත් පවසා යන්නට ගියහ.
කාලය ගෙවී ගියද මිතුරන් දෙදෙනා එන වගක් දැක ගන්නට නොවීය. අවන්හල වසා දමන වේලාවද පැමිණ තිබුණි. අවන්හලේ කළමනාකරු කොන්දොස්තරවරයාට කතා කළේය. යාළුවා මොකද දැන් කරන්නෙ. මට සිද්ධ වෙනවා ඔයා පොලිසියට එක්කගෙන ගිහින් මගේ මුදල ලබා ගන්න. දැන් අපි පොලිසියට යමු.’’,
කළමනාකරු තම මෝටර් රථයට කොන්දොස්තරවරයාද නංවාගෙන පොලිසියට ගියේය. සිද්ධිය පොලිසියට කියා කොන්දොස්තරවරයා පොලිසියට බාර දුන්නේය. පොලිසිය කොන්දොස්තරවයාගෙන් ප්‍රශ්න කර මුදල් ගෙවනවාද විමසීය. ඔහු මුදල් ගෙවීමට නොහැකි බව පවසමින් තමාට ගෙදර යන්න අවශ්‍යයි කියා පොලිසියේදී කලහකාරී ලෙස හැසිරුණේය. පොලිසියේ සේවය නිරත රාත්‍රී ස්ථානභාර නිලධාරියා කොන්දොස්තර අල්ලා පොලිස් සිර මැදිරියට දැමුවේ ‘‘බීමත්ව රජයේ ස්ථානයක කලහකාරී ලෙස හැසිරීම, පෞද්ගලික ආයතනයකින් මත්පැන් ලබාගෙන වංචාසහගත ලෙස අලාභයක් සිදුකිරීම, ආදී චෝදනා මත නඩු පවරන බව පවසමිනි.
කළමනාකරුගෙන් පැමිණිල්ලක් ලබාගෙන පොලිස් පැමිණිලි ෙපාතේ සටහන් තැබීමටද පොලිස් නිලධාරියා පියවර ගත්තේය.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පිනට බොන්න ගිහින් වෙරි හිඳෙන පාඩමක්