IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


පදම වැඩිවී මළ මිනියේ ඇඳුම් ගලවලා

කුරුණෑගලට ආසන්න ගම්මානයක “හිත හොඳ” පුද්ගලයකු මියයාම නිසා මුළු ගම්මානයම ශෝකයෙන් බරිත විය.


ඔහු පදමට සූර්වන පුද්ගලයකු නිසා ඔහුට යහළුවන් අඩු නොවීය. මෙසේ සිය මිතුරා හදිසියේ මියයාමෙන් ශෝකයට පත් මිත්‍රයෝ අවමංගල්‍ය නිවසේ තනි නොතනියට හා සියලු කටයුතු නොපිරිහෙලා සිදුකළහ.


 දේහය තනි නොකිරීමේ වගකීම සිය කැමැත්තෙන්ම බාරගත් යහළුවන් පිරිස මුළු  රාත්‍රි කාලයම දේහය අසල විටින් විට බිම දිගාවී නිදා ගත්හ. ඒ අතරතුර නිවස පිටුපස සඟවා තැබූ බෝතල්වලින් සප්පායම් වන්නටද අමතක නොකළහ.


 මධ්‍යම රාත්‍රිය එළඹෙන විට දේහය අසල සිටි පුද්ගලයන් කීපදෙනකු පදමට සප්පායම් වී දේහය ළඟ දණ ගසා හඬන්නට වූයෙන් නිවැසියෝද අවදිවී බලන්නට වූහ.  


පදමට සූර්වී සිටි පුද්ගලයන් වෙරිමරගාතේ අවමංගල ශාලාවෙන් දේහය සරසා තිබූ ආකාරය වැරදි යැයි කියමින් දේහය දෙපස පෙට්ටිය මත තිබූ මල්  කළඹ වෙනස්  තැන්වලින් තබන ආකාරයත් ඔවුන්ට දකින්නට ලැබිණි.


 “අනේ මාමේ, උඹ අපිව දාලා ගියා... මේ තරම් ඉක්මනට.... හඬා  වැළපෙමින් සිටි පුද්ගලයා, මියගිය පුද්ගලයාගේ දේහයේ කොණ්ඩය සාක්කුවෙන් පනාවක් ගෙන පීරන ආකාරයත්... මුහුණ සිප,. හඬමින්ම දේහයේ අන්දවා තිබූ සරම ගලවා නැවත අන්දවන්නට ගොස් දේහය නිරුවත්වී ඇති ආකාරයත් දුටු නිවැසියන්ට  තරු පෙණින.


පසුව නිවැසියන් විසින් වෙරිමතින් සිටි මිතුරන් දේහය අසලින් ඉවතට ගෙනයනු පෙනුණි. 

(මාවතගම කාන්චනමාලා බණ්ඩාර විසිනි)

 



අදහස් (0)

පදම වැඩිවී මළ මිනියේ ඇඳුම් ගලවලා

අරුන් Saturday, 29 October 2016 06:14 AM

කවුද මලේ අන්දරේද ? (අ)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 30 October 2016 10:55 PM

සෑම කල්හිම සත් පුරුෂයන්ගේ අැසුරම ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් හිතේ ඇතිකරගන්න ඕනෑ වගේම සත්පුරුෂයන්ගේ අසුරම කළයුතු මෙන්න මේ නිසා තමයි (ම)

:       0       0

අරවින්ද Sunday, 30 October 2016 10:56 PM

මත් පැන් නිසා අද අපේ රට කොයි තරම් පහත් තත්වයකට පත් වෙලා තියෙන බව මේ සිද්ධීන්ගෙන් පෙනී යනවා. මෙයට මුල මිනිසුන්ගේ නුගත්කම වීනා මත්පැන් වල වරදක් නොවේ. (ම)

:       0       0

යසපාල Saturday, 29 October 2016 05:34 PM

අනේ හැබෑම මත්පැන් මිනිසාගේ සිහිය විකල් කරන හැටි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1503 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1340 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 477 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site