IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පුතාගේ මංගල දැන්වීමට පුංචි අම්මාගෙනුත් ලිපියක්

පුතා පුවත්පතක පළකළ මංගල දැන්වීමකට වැරදීමකින් පුංචි අම්මත් පිළිතුරු ලිපියක් එවා තිබූ සිද්ධියක් ගම්බද ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.


සිද්ධිය මෙසේය.


ඔහු මැදිවියේ අවිවාහකයෙකි. විදෙස් රටක රැකියාවක් කර පැමිණි ඔහු මව්පියන්ගේ ඉල්ලීම මත විවාහයක් කර ගැනීමේ අරමුණින් සති අන්ත පුවත්පතක මංගල දැන්වීමක් පළකර ඇත.


දැන්වීම පළවී ටික දිනකින් රටේ නන් දෙසින් එම යෝජනාවට පිළිතුරු ලිපි රැසක් ලැබී ඇත. එම ලිපි එකිනෙක කඩා බලා කිහිපයක් තෝරාගෙන තිබේ. එම ලිපි අතරේ තිබූ ලිපියක් මව්පියන්ට පෙන්වා මේ ගැහැනු ළමය නම් මට ගැළපෙනවා. දැවැද්දත් හොඳයි. මේ පළාතෙම නිසා වැඩිය කරදර වෙන්න අවශ්‍යත් නෑ යැයි කියා මව්පියන්ට ලිපිය දී ඇත.


එම ලිපිය කියවූ මව අනේ මේ ළමයා මම දන්න කෙනෙක්නේ. ඒක කොහොම වුණත් කරගන්න බෑ. හේතුව මෙයා අපේ ඥාති නංගි කෙනෙක්. නෑදෑකමට ඔයාට වෙන්නේ පුංචි අම්මා. මංගල දැන්වීම පළ කළේ ඔයා කියලා ඒ අය දන්නේ නැතුවයි පිළිතුරු ලිපියක් එවල තියෙන්නේ. අපි නම ගම දැම්මේ නෑනේ. මේ නමත් වාසගමත් මම දන්නවා. එයාටත් මව්පියෝ කෙනෙක් හොයන බවත් මම දන්නවා. කොහොමටත් කරන්න බෑ යැයි කියා නිහඬ වී ඇත.

 



අදහස් (0)

පුතාගේ මංගල දැන්වීමට පුංචි අම්මාගෙනුත් ලිපියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site