(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ආදරය පවසා බාලවයස්කාර දැරියක තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා පැමිණිල්ලක් කිරීමට ගිය දහඅට හැවිරිදි තරුණයකු පිළිබඳව බස්නාහිර පළාතේ පොලිස් ස්ථානයකින් පසුගියදා වාර්තා විය.
සංචරණ සීමා ඉවත්වූ දිනයකි. රතු බැනියමකින් හා කලු කලිසමකින් සැරසුණු තරුණයෙකි. තරුණ විය ඔප් නංවන්නට සේ කොණ්ඩය ඉත්තෑ කූරුසේ සැකසූවෙකි. පොලිසියට ආයේ දැඩි හදිස්සියකිනි. පැමිණිලි සටහන් කරන තැනට වී සිටියේද නොඉවසිල්ලෙනි.
ඔහුගේ වාරය එළඹිණි. ‘මා පෙම්වතියට ගොඩක් ආදරෙයි. අම්මා මට දෙන්න කැමැති නැහැ. ඇගේ කැමැත්ත ඉල්ලා දෙන්නැයි’ ඔහු කීය. පෙම්වතියගේ වයස කීයදැයි, පොලිස් නිලධාරියා ඇසීය. පහළොවයි. ඔහු කීය.
මොහුගේ ඉල්ලීම නීතියේ හැටියට කෙසේ ඉටු කරන්නදැයි කල්පනාවේ නිමග්නවූ නිලධාරියා මෙම තරුණයා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය වෙත ඉදිරිපත් කරනු ලැබීය.
ඇයද කරුණු කාරණා විමසුවාය. බාල වයස්කාරියක ඔහුට ලබාදීමට ඇති නොහැකියාව මෙන්ම එසේ කිරීමෙන් සිදුවන නීතිමය ගැහැට පිළිබඳවද නිලධාරිණිය තරුණයාට කරණු පැහැදිලි කර දුන්නාය.
එහෙත් තරුණයා සිටියේ එකම මතයේය. බොහෝ වේලාවක් තිස්සේ කරුණු පැහැදිලි කරදුන් ස්ථානාධිපතිනිය ආදරය සිතේ තබාගන්නා ලෙසත් තමන්ද කිසියම් ස්ථාවරත්වයකට පත්වූ පසුව ඇගේ නිසි වයස් කල්පිරීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් දැරියගේ මවුපියන් හා සාකච්ඡා කරන ලෙසට උපදෙස් දීමෙන් පසු තරමකට සිත සනසා ගත් තරුණයා පොලිස් බිමෙන් පිටව ගියේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පොඩිකෙල්ලක් කරකාරෙට ඉල්ලා තරුණයෙක් පොලිසි ගිහින්
sampath Thursday, 27 May 2021 05:31 AM
මේ පිළිබිඹු වෙන්නේ රටේ නීතිය ගැන තරුණයන්ගේ නොදැනුවත්කමයි.
pakeer Thursday, 27 May 2021 09:23 AM
මාරයිනේ... එහෙම පොලිසි ගිහින් කාගේහරි කැමැත්ත අරන් දෙන්න කියන්න පුලුවන්ද.?