IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


පෙට්රල් බෝතලය අයිස් පෙට්ටියේ

(ගලහ ඩබ්.ඒ. අසේල)
තලාතුඔය ප‍්‍රදේශයේ පදිංචි පොලිස්  සේවයේ නියුතු පුද්ගලයකු දැඩි ලෙස අසනීප වී රෝගාතුර වී ප‍්‍රතිකාර ලබාගැනීමෙන් පසු   සුව අතට පත්විය. තම නිවසේ සිට තලාතුඔය රෝහලට දෙතුන් පාරක් ඔහුගේ ඥාති සහෝදරයකු විසින් තම මෝටර්  රථයේ මේ රෝගියා සඳහා ගමන් පහසුව සලසන ලදී. මේ සඳහා කිසියම් මුදලක් ගෙවීමට මෙම පොලිස් නිලධාරියා උත්සාහ  කළද ඔහු මුදල් ලබාගැනීම ප‍්‍රතික්ෂේප කර ඇත. 


දිනක් මෙම පොලිස් නිලධාරයා තලාතුඔය නගරයට ගොස් එනවිට විශාල ප‍්‍රමාණයේ බීම බෝතලයකට තලාතුඔය  ඉන්ධන පිරවුම් හලෙන් පෙට‍්‍රල් මිලදී ගෙන අදාළ ඥාති සොහොයුරාට මුදල් වෙනුවට ඉන්ධන ටිකක්  හෝ ලබා දීම සඳහා ඔහුගේ නිවසට පැමිණ ඇත. එවිට නිවසේ  කිසිවකු නොසිටි නිසා පෙට‍්‍රල් පිරවූ බෝතලය දොරකඩ තබා ඔහු ගොස් ඇත. 


අදාළ සොහොයුරාගේ මව ස්වල්ප  වේලාවකින් නිවසට පැමිණි අතර දොරළඟ බීම බෝතලයක් දැක ඇත. කවුරුන් හෝ ඥාතියකු නිවසට පැමිණ  කිසිවකු නොමැති නිසා බීම බෝතලය තබා යන්න ඇතැයි සිතා එය රැුගෙන ශීතරණයේ තබා ඇත. 


දින දෙකකින් පමණ පිපාසයට බීම ටිකක් බීමට ශීතකරණය ඇර වීදුරුවකට දා අතට ගත්විට එහි ඇති අමුතු බව නිසා දියණියට කතාකොට මෙම බීම බෝතලය පෙන්වා ඇත. එවිිට ඇය විසින් මෙහි ඇත්තේ පෙට‍්‍රල් බව පවසා නොසැලකිලි ලෙස මෙවැනි දේ නොකරන ලෙසට මවටද කරුණු පහදාදී ඇත
පසුව මෙම පෙට‍්‍රල් ලැබුණේ  කෙසේද කියා සොයා බැලීමේදී සත්‍යය හෙළිවිය. 

 



අදහස් (0)

පෙට්රල් බෝතලය අයිස් පෙට්ටියේ

නන්දලාල් - ප්‍රංශය Saturday, 30 May 2015 10:12 AM

බීම බෝතල් වල විනාශකාරී දේවල් පිරවීම නුසුදුසු දෙයක්. ඒ ගෙදර පොඩි දරුවෙක් එහෙම හිටියනම් එක උගුරට බීල ඉවර කරාවි බෝතලේම. කූල් කරපු පැට්‍රොල් වාහනයකට දැම්මම ඒකට අධි බලයක් ලැබී උඩින් යනවද? (බ)

:       0       0

රෙජි-සිඩ්නි Monday, 01 June 2015 01:20 AM

මේක දෙන්නගේ වැරැද්ද. රාළහාමිට තිබුනා ෆෝන් කරලා කියන්න හෝ ලියලා තියන්න. සහෝදරයට තිබුනේ බෝතලේ ශීතකරණයේ දාන්න පෙර ඒ ගැන ටිකක් සොයා බලන්න. (නි)

:       0       0

ප්‍රේමසිරි ප්‍රනාන්දු Sunday, 31 May 2015 08:50 AM

ඉහලින් ලියා ඇති ප්‍රතිචාරහොඳයි පිටබැද්දර ජයා සහ කුමාරි ගේ අදහස් ඉහළයි (බ)

:       0       0

කුමාරි Saturday, 30 May 2015 04:46 AM

පොලිස් නිලධාරියා කර ඇත්තේ අනුවණ ක්‍රියාවක්. ඇති වෙන විනාශයක් නොවී ඔයින් ගියා.(බ)

:       0       0

සෙනරත් Sunday, 31 May 2015 03:56 PM

සමහර අයගේ අදහස් බැලුවහම තේරෙනවා කියවීමේ තරම (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 30 May 2015 08:44 AM

චේතනාව හොඳ වුනත් ක්‍රියාව අවදානම් ! (බ)

:       0       0

රාමා Sunday, 31 May 2015 04:17 AM

පෙට්‍රල් වාෂ්ප වෙන එක අඩු කරන්න ශීතකරණයේ තියන්න ඇත්තේ (බ)

:       0       0

සෙලෙන්සියස් Saturday, 30 May 2015 09:03 AM

ගින්දරක් ළඟට මේක වැරදිලාවත් ගෙන ගියානම් වෙන්නේ ලොකු අනතුරක් (බ)

:       0       0

තිලින Sunday, 31 May 2015 05:46 PM

මම කලින් වැඩකළ ලංකාවේ ප්‍රසිද්ධ රෝහලක ලෙඩෙක් බලන්න ආ එක්කෙනෙක් වතුර කියලා හිතාගෙන වතුර බෝතලයක දාපු කෙමිකල් බෝතලයක් බීලා මැරුණා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 600 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 512 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 429 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site