IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


නෑනාට ගැසූ මැසේජ් මාට්ටු වී බිරිඳ යකින්නියක් වෙලා

රාස්සගල සම්පත් ප්‍රියනන්දන 


තම බිරියට හොරෙන් නෑනාට ජංගම දුරකතනයේ වට්ඇප් හරහා කෙටි පණිවිඩ යැවු සැමියකුගේ පවුල් ජීවිතය අනුනවයෙන් බේරුණු පුවතක් බලන්ගොඩ ග්‍රාමීය ප්‍රදේශයකින් අරංචි විය.
සිද්ධිය සිදුවී තිබෙන්නේ මෙසේය.
මැදි වයසේ විවාහක යුවළක් බලන්ගොඩ නගරයට තරමක් දුර ගමක වාසය කර ඇත. බිරිඳගේ නැඟණිය අවිවාහක තරුණියකි. ⁣සැමියා විසින් බිරිඳගේ නැඟණියගේ දුරකතන අංකය තමන්ගේ දුරකතනයේ පිරිමි පුද්ගලයෙකුගේ නමකින් සේව් කරගෙන තිබේ. මොහු නිතරම රාත්‍රි කාලයේ නිදාගෙන සිටින අතරතුර බිරියගේ නංගි සමග ජංගම දුරකතනයෙන් වට්ඇප් හරහා කෙටි පණිවිඩ හුවමාරු කර ගැනීම පුරුද්දක් කරගෙන තිබේ. 


මීට දින කිහිපයකට පෙර මොහුට නින්ද ගිය අතරතුර ද ⁣එම දුරකතනයට වට්ඇප් හරහා කෙටි පණිවිඩ කිහිපයක් ඇවිත් තිබෙන අතර බිරිඳ හොර රහසේම දුරකතනය පරීක්ෂා කර බලා කෙටි පණිවිඩ ලැබෙන නම පිරිමි පුද්ගලයෙකුගේ වුවද කාන්තාවක විසින් එම පණිවිඩ එවන බවට බිරිඳට වැටහි ඇත. එම දුරකතන අංකය පරීක්ෂා කර බිරිඳ එම දුරකතන අංකයට තමන්ගේ දුරකතනයෙන් ඇමතුමක් ලබා ගැනීමට උත්සාහ කර ඇත. එහිදී බිරිඳගේ දුරකතනයේ එම නොම්මරේම තමන්ගේ නංගිගේ නම පෙන්නුම් කර තිබෙන අතර එහිදී බිරිඳට කාලයක් තිස්සේ සැමියා කර තිබෙන කපටි වැඩේ වැටහි ඇත.
පසුදා පාන්දරම අවදි වූ බිරිඳ සැමියාගෙන් විමසීමක් කර තිබෙන්නේ මගේ නංගිගේ නම වෙනස් කර තිබෙනවාද යනුවෙනි. ‘ඇයි එක පාරටම එහෙම අහන්නේ’ යැයි සැමියා විමසු විට බිරිඳ පවසා තිබෙන්නේ ‘මේ නංගිගේ නොම්මරය පිරිමි අයකුගේ නමකින් සේව් කරල තියෙන්නේ ඇයි’ යනුවෙනි. වැඩේ මාට්ටු වෙලා තමයි යනුවෙන් සිතු සැමියා නිශ්ශබ්දව බලාගත්තු අත බලාගෙන කල්පනා කරමින් සිටිනු දැක. 
මෙච්චර කල් කරපු හොර වැඩ අහුවුණා. තමුසෙට මම හොඳ වැඩක් කරන්නම් කියා ඔහුගේ දුරකතනයත් රැගෙන ඇගේ මවුපියන් සමග නංගි ජීවත්වෙන කිලෝමීටර් කිහිපයක් දුරින් ඇති නිවසට ගොස් අක්කටයි, නංගිටයි එක මිනිහෙක්ද ඕනි. මේ ලඳරම කරල තියන දේ යනුවෙන් සියල්ල මව්පියන්ට පවසා දුරකතනය ඔවුන්ට ද පෙන්වා තිබේ. මම ඌත් එක්ක ගිහින් අවුරුදු තුනක් හිටියා. දැන් ඉතුරු ටික උඹ ගිහින් හිටපන්, යනුවෙන් ඇය යක්ෂණියක් ආවේශවෙලා වගේ නංගීට කියා ඇත.
පසුව පැය කිහිපයකට පසු සැමියා ද එම නිවසට පැමිණ තිබෙන අතර පසුව බිරිඳගේ නංගී සිය අක්කාට වැඳ සමාවගෙන ඇත.



අදහස් (2)

නෑනාට ගැසූ මැසේජ් මාට්ටු වී බිරිඳ යකින්නියක් වෙලා

රිතික් Wednesday, 13 November 2024 10:56 AM

ඒකනේ කියන්නේ ...!!!

:       0       4

pakeer Thursday, 14 November 2024 11:05 AM

නංගිත් පව්, අක්කත් පව්... මේ මිනිහත් පව්...!

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 975 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site