දේව දූතයකු සිහිනෙන් කී අනාගත සිහින කුමරිය රුපියල් ලක්‍ෂ දෙකකට අධික වටිනාකමකින් යුත් කැමරාවක් රැගෙන අතුරුදන්වීමේ පුවතක් මහනුවරින් වාර්තාවේ.
බස්නාහිර පළාතේ පදිංචි වෘත්තීමය ඡායාරූප ශිල්පියෙකු වන ඔහු මැදි වියද ඉක්මවා සිටියද තවමත් තනිකඩව විසීමට සිදුව ඇත්තේ මහ බඹා කෙටූ අනාගත සහකාරිය මේ වනතුරුත් ඔහුට හමුවී නොමැති නිසාය.

නිරන්තරයෙන් අනාගත සහකාරියක් පිළිබඳ සිහින මවමින් සිටි ඔහු මහනුවර ප්‍රදේශයේ සුප්‍රසිද්ධ දේවාලයකට ගොස් ඒ පිළිබඳව විවිධ පුද පූජා පවා පවත්වමින් නොපෙනෙන දෙවියන්ගේ පිහිට පැතූ අවස්ථාද බොහෝය.
කෙසේ නමුත් ඉකුත් දිනක රාත්‍රියේ ඔහුට ‘දේව දූතයෙකු’ සිහිනෙන් කියා ඇත්තේ අසවල් අසවල් දෙවිවරුන්ට පඬුරු ගැට ගසා යාතිකා කරගැනීමෙන් අනතුරුව ඉතා ඉක්මනින් තම පැතුම් මල්ඵල ගන්නා බවකි.
ඉන් දැඩි ලෙස ප්‍රීතියට පත් ඔහු දේව දූතයා කී පරිදිම පසුදින අලුයම මහනුවර ප්‍රදේශයේ පිහිටි එක්තරා දේවාලයකට ගොස් පඬුරු ගැට ගසා අදාළ කාරණය කපු මහතාට කියා යාතිකා කරගත්තේ සිතේ වූ අපමණ බලාපොරොත්තු පොදි බැඳගෙනය.
එම කටයුතු සියල්ල සිදුකර දේවාලයෙන් පිටතට පැමිණෙන විටම සිනා මුසු මුහුණින් යුතුව ඔහුගේ ආදරය අයැද සිටින ආකාරයෙන් සිටි රූමත් යුවතියක් දැකීමෙන් ඔහුගේ සතුට දෝරේ ගලා ගියේය.
ඉතා ඉක්මනින් ඔහු සමග කුළුපඟවූ ඇය ඇගේ සියලු තොරතුරුද නොවලහා පැවසූ අතර ඇයටද පෙර දින රාත්‍රියේ දේව දූතයකු පැමිණ සිහිනයෙන් කියා ඇත්තේ ඇයගේද අනාගත සහකරු මෙසේ දෛවෝපා ගතව හමුවන බවකි.
පසුව දෙදෙනාම මහනුවර නගරයේ ඇවිද විනෝද වී දහවල් කෑම සඳහා නගරයේ සුපිරි හෝටලයකට ගොඩවැදී ඇත්තේ දෙදෙනාගේ අනාගත සැලසුම්ද නිදහසේ කතා කර ගැනීමේ අරමුණෙනි.
ආහාර-පාන ගැනීමෙන් පසු සිය ශරීර කෘත්‍යය ඉටුකර ගැනීම සඳහා ඔහු වැසිකිළියට ගියේ රුපියල් ලක්‍ෂ දෙකකට වඩා වටිනාකමින් යුතු තම කැමරාවද ඇය අත තබාය.
කෙසේ නමුත් නැවත පැමිණි ඔහුට තම වටිනා කැමරාව පමණක් නොව ඇයද අතුරුදන්ව ඇති බව දැකීමෙන් දෙවියන් සිහිවී ඇත්තේ දේවාලයේ කපු මහතාට තමාගේ දුක කියනු රහසේ අසා සිට මේ උගුලට ඇය තමාව හසුකරගෙන ඇති බව දැන ගැනීමෙනි.
කටුගස්තොට ධම්මික ගුණවර්ධන
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නින්දෙන් ආ සිහින කුමරිය ලක්ෂ 2 කට විදී