(පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි)
අගනුවරට ආසන්න ප්‍රදේශයක සුවිසල් උත්සව ශාලාවක පැවැති මංගල උත්සවයකි. උදෑසන දහයේ පමණ සිට නෑදෑ හිතමිතුරන් ගෙන් ශාලාව පිරී යන්නට විය.

මේස වටා ඉඳගත් පිරිස් අල්ලාප සල්ලාපයේ යෙදුණේ සපයා තිබූ පළතුරු ආදී දේවල් සපමිනි.
ඒ අතර සිටි කාන්තාවක් හදිසියේම යමක් සොයන්නට වූවාය. අනෙක් අය ද එදෙසට යොමුවී ඒ පිළිබඳව විමසූහ. අනේ මගේ පෙන්ඩන්ට් එක නැතිවෙලා. ඈ දුක්මුසු ස්වරයෙන් කීවාය. ඇයගේ මාලය කැඩී පෙන්ඩනය පමණක් අතුරුදන් වෙලාය. සියල්ලෝ එක්ව එය සොයන්නට වූහ. එහෙත් සොයාගත නොහැකි විය. අවසානයේ ඒ පිළිබඳව ශාලාවේ කළමනාකාරිත්වයට දැනුම් දෙනු ලැබීය.
ඔවුන් පැමිණ විස්තර විමසා කියා සිටියේ උත්සවය අවසානයේ දී සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමට අවස්ථාව ලබාදිය හැකි බවයි.
කෙසේ වෙතත් පෙන්ඩනයේ හිමිකාරිය තවදුරටත් ඒ පිළිබඳව විමසිල්ලෙන් පසු වූවාය.
ඇය නැවත නැවතත් ශාලාවේ අත්සක් මුල්ලක් නෑර සොයා බලා නැවත එම ආසනය වෙත පැමිණි විට ඇයගේ ආසනය මතම පෙන්ඩනය තිබී හමුවිය.
ආරක්ෂිත කැමරා පරීක්ෂා කිරීමටත් පෙර පෙන්ඩනය ලැබීම නිසා ඈ සැනසුම් සුසුමක් හෙළුවාය.
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නැතිවූ දේ සොයාදෙන අංජනම සීසීටීවියේ