කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
එක ළඟ ඝාතන රැල්ලක් ගිය අම්බලන්ගොඩ මාර්ගයක යතුරුපැදියකින් තරුණයන් දෙදෙනකු ගෙනගිය තුවක්කුවක් අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් අලි අමාරුවක වැටුණු අපූරු පුවතක් අම්බලන්ගොඩින් වාර්තාවේ.
රූකඩවලට වඩාත් ප්‍රසිද්ධියක් ඉසුලූ අම්බලන්ගොඩ මෑතකදී ප්‍රසිද්ධියක් ඉසුලුවේ දින 21කට හයදෙනකුගේ ඝාතන පිළිබඳවය. මේ ඝාතන රැල්ලත් සමගම අම්බලන්ගොඩ නගරවාසීන් මෙන්ම ඒ අවට නගරවල ජනතාවද බියෙන් බීරාන්තව සිටියහ. මේ ඝාතන හයෙන් එක ඝාතනයක හැර අනෙක් ඝාතන පහේම ඝාතකයන් නිදැල්ලේ සිටීම නිසාය. එසේම ඔවුන් අත තවදුරටත් ගිනි අවි තිබීම නිසාය.
මේ වාතාවරණය මධ්‍යයේ තරුණයන් දෙදෙනකු යතුරුපැදියකින් තුවක්කුවක් මහ දවල් මහ පාරේ ගෙන ගිය තොරතුරු අම්බලන්ගොඩ පොලිසියට එන්නේ දුරකතන ඇමතුම් ඔස්සේය. ඒ නිර්නාමිකවය.
ඒ සමගම අම්බලන්ගොඩ පොලිසියේ නිලධාරීන් මේ තුවක්කුව පාරේ ගෙනගිය අය සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ආරම්භ කරන්නේ යුහුසුළුවය. කඩිනමින්ය. තුවක්කුව රැගෙන ගියා යයි කියන ප්‍රදේශයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදන්නේ ඒ සම්බන්ධයෙන් සෙවීමටය. ඒ මාර්ගයේ යන වාහන රථ වාහන සෝදිසි කරන්නේ ද ඊට සමගාමීවය.
තුවක්කුව රැගෙන ගියා යයි කියන මාර්ගයේ තිබෙන ආයතනවල හා නිවෙස්වල සී.සී.ටී.වී දර්ශන පොලිසිය පරීක්ෂා කරන්නේද තුවක්කුව ගෙන ගිය අය හඳුනා ගැනීමටය. සී.සී.ටී.වී. දර්ශනවලින් යතුරුපැදියකින් තුවක්කුවක් ගෙන යන අයුරු පොලිස් නිලධාරීන් ද හඳුනාගන්නේ තමන්ට ලැබුණු තොරතුරු නිවැරැදි බව ඒත්තු යමිනි.
ඒ අනුව තුවක්කුව රැගෙන ගිය අය පොලිස් නිලධාරීන් දන්නා ශිල්ප සියල්ලම දමා හඳුනා ගන්නේය. ඔහුගේ නිවෙසට පොලිසිය යන්නේ ඒ සමගමය. තමා යතුරුපැදියකින් තුවක්කුවක් රැගෙන ගියේ දැයි පොලිස් නිලධාරීන් ඔහුගෙන් ප්‍රශ්න කරන්නේය. තරුණයා තමා යතුරුපැදියේ ගෙනගිය තුවක්කුව පොලිස් නිලධාරීන් අතට පත්කරන්නේය. ඒ එක්කම පොලිස් නිලධාරීහු එකිනෙකාගේ මුහුණ බැලූහ.
අම්බලන්ගොඩ මෝදර දේවාලයේ 78 වැනි ඇසළ පෙරහරේ පොලිස් නාඩගම නටන්න ගෙනා එය සෙල්ලම් තුවක්කුවක් බව පොලිස් නිලධාරීන්ට ඒත්තු යනවිට එය අනාවරණය කර ගැනීමට විශාල පරිශ්‍රමයක් දරා තිබුණාලු.
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නාඩගමට ගෙනා තුවක්කුව පොලිසියත් නටවලා