IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


නාකි ළමිස්සියගෙන් ළපටි පෙම්වතාට කාර් තෑග්ගක්

ඇය හැත්තෑ දෙහැවිරිදිය. විශ්‍රාමිකය. රජයේ උසස් නිලයක් දැරූ ඇයගේ සැමියා මෙයට ටික කලකට පෙර මිය යෑමෙන් පසු ඇය නිවසේ තනි වූවාය. අවාසනාවට ඔවුනට දරුවන් සිටියේද නැත. බොහෝ විට ඇය හැසිරුණේ තම වයස අමතක කරමිනි. නිතරම තරුණියක් මෙන් හැසිරීමට ඇය මහන්සි ගත්තාය. එහි ප්‍රතිඵලය ඇයට ලැබිණ.


ඇයගේ නිවසට යාබද පිහිටා තිබුණේ වෙළෙඳසලකි. වෙළෙඳසලේ කළමනාකරු වූයේ තිස් හැවිරිදි තරුණයෙකි. මේ නාකි ළමිස්සිය එම තරුණයා සමග සම්බන්ධයක් ඇතිකර ගත්තාය. තරුණයාද එයට කැමතිවූයේ ඇය විශ්‍රාම වැටුප් දෙකකට හිමිකම් කියන ගෙයක් දොරක් හිමි තැනැත්තියක් නිසාය. ඇයගේ තනි රැකීමට වඩා තමන්ටත් යමක් කර ගැනීමට මෙය හොඳ අවස්ථාවක් යයි සිතූ ඔහු දිනක් ඇයට යෝජනාවක් කළේය.


‘අපි කාර් එකක් ගනිමු. එතකොට නිදහසේ ගමනක් බිමනක් යන්න වුණත් පුළුවන්නෙ. මිස්ගේ නමට කාර් එක අරන් දෙන්නම්.” ඔහු කීය. එයට කොහෙත්ම අකැමැතිවීමට ඇයට බැරිවිය. ඇය එම යෝජනාවට එකඟ වූවාය.


ඒ අනුව ඉකුත් දිනෙක උදෑසනම ඇය ඔහුද කැටුව නගරයේ බැංකුවට ආවාය. කිසිම ලෝබකමක් නැතිව ඇය තම ගිණුමෙන් රුපියල් අනූ ලක්ෂයක් ගෙන ඔහුට දුන්නාය. කවදාවත් බලාපොරොත්තු නොවූ වාසනාව ඔහු දෝතින් බදා ගත්තේය. පසුදින ඔහු රුපියල් අසූ ලක්ෂයකට මෝටර් රථයක් මිලට ගත්තේය. එහෙත් ඔහුට එක පොරොන්දුවක් අමතක විය. එනම් ඇයගේ නමට මෝටර් රථය ගන්නවා කී පොරොන්දුවය.


පොරොන්දුව කඩකර ඇති බව ඇයටද හැඟී ගිය නිසා දින දෙකකට පසු  ඇය පොලිසියේ පෙනී සිටියාය. ඔහු තමා රවටා මුදල් ලබාගෙන මෝටර් රථයක් ලබාගෙන ඇති  බවට ඇය පැමිණිල්ලක් කළාය.


ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය සැකකරු සමග මෝටර් රථය අත්අඩංගුවට ගත්තේය. එය සැලවූ විගස ඇයද තරුණියක මෙන් හැඳ පැළඳ පොලිසියට පැමිණ මෝටර් රථය වටේ කැරකී බලා හුස්මක් හෙළා යන්න ගියාය.

උණවටුන ඩී.ජී. සුගතපාල



අදහස් (0)

නාකි ළමිස්සියගෙන් ළපටි පෙම්වතාට කාර් තෑග්ගක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site