එක්තරා දේශපාලන පක්‍ෂයක ක්‍රියාකාරිකයකු ලෙසින් පෙනී සිටිමින් ගැසූ ගැටයක් හිරවීම නිසා එම දේශපාලන පක්‍ෂයකට හිතවත් පිරිසකට සමුපකාර සමිතිවල කාරක සභිකයන් පත්කිරීමට පැවැති ඡන්දය සඳහා නාම යෝජනා බාරදීමට නොහැකිවී ඇත.
ප්‍රධාන නගරයක විවිධ සේවා සමුපකාර සමිතියක ප්‍රාදේශීක සඳහා කාරක සභා නියෝජිතයන් පත්කිරීමේ ඡන්දයකට නාම යේජනා පත් පසුගිය දිනක බාරගනු ලැබීය. දේශපාලන පක්‍ෂවලට හිතවත් කණ්ඩායම් නාම යෝජනා බාරදීමට සූදානම් කළ අතර එම නාම යෝජනා බාර ගැනීමට නියමිත වූ වේලාවෙන් පසු එක්තරා පක්‍ෂයකට හිතවත් පිරිසක් ප්‍රාදේශීක කිසිවකට නාම යෝජනා බාර දී නොතිබුණි.
ඡන්දයෙන් පසු අනාගත සමුප සභාපති සිහිනය හිසේ තබාගෙන සිටි පුද්ගලයෙක් නාම යෝජනා නිසි ලෙසින් බාරදීමට නොහැකිවූ හේතුව ලෙසින් කියා ඇත්තේ මම අර මිනිහට නාම යෝජනා ඔක්කොම පුරවලා දෙන්න බාර දුන්නා. ඒවා සම්පූර්ණ නොකළ ඔහු අන්තිම වේලාවෙහි පැමිණ තමාට දන්වා ඇත්තේ නාම යෝජනා පත්‍ර පිරවීමට නොදන්නා නිසා ඒවා සකස් නොකළ බවය.
මෙය අපූරු දේශපාලන උප්පරවැට්ටියක් බවයි දැන් කියන්නේ.
(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දේශපාලන උප්පරවැට්ටියෙන් සභාපති සිහිනය වතුරේ
දුමින්ද Saturday, 24 December 2016 12:17 PM
අනේ මෙහෙමත් දේවල්! (නි)
ජනහිත Saturday, 24 December 2016 02:17 AM
දැන් දැන් කපටිකම් පිටටත් ඇවිල්ලා වගෙයි. (නි)