IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


දුවගේ වත්තෙන් කැඩූ හොර පොල් අම්මාට විකුණලා

(වැල්ලම්පිටිය ශාන්ත සෙනෙවිරත්න)

දුවගේ වත්තෙන් හොරෙන් කැඩූ පොල් බව නොදැන ඒවා මිලට ගත් නැන්දා කොටසක් දුවටත් වෙන්කළ සිද්ධියක් කොළඹට ආසන්න ප‍්‍රදේශයකින් අසන්නට ලැබුණි. මේ දිනවල පොල් මිල බොහෝ සේ ඉහළය.

ඒ නිසා අඩුවට පොල් තිබෙන්නේ නම් ඒවා මිලදී ගැනීමට වැඩිදෙනෙක් පෙළඹෙති.

මේ අතරේ පොල් මල්ලක් කර තබාගත් තරුණයකු පොල් ලාබයි කියමින් පාරේ ගොස් ඇත. ඔහුට කතා කළ කාන්තාවක පොල් පරීක්ෂා කර අඩුවට දෙනවා නම් සියල්ල මට දෙන්නැයි ඉල්ලා ඇත.

එයට එකඟ වූ තරුණයා පොල් ටිකදී මුදල් ලබාගෙන සැනෙකින් එතැනින් පිටව ගොස් ඇත. අඩුවට ලැබුණු පොල් වලින් කොටසක් දුවටත් දීමේ අදහසින් ඇගේ නැන්දා දුරකතනයෙන් ඇයට කතාකර පොල් ටිකක් අඩුවට ලැබුණා ගන්න එන්නැයි කියා ඇත. වත්තේ පොල් තියනවා කඩාගන්න කෙනෙක් හොයාගන්න බැරිවයි අම්මේ ඉන්නේ. කව්ද ඔය පොල් ගෙනා මනුස්සයා. මට ආරංචියි වත්තේ පොල් කව්රු හරි හොරෙන් කැඩුවා කියලා. මට පොල් ගෙනා මිනිහගේ හැඩරුව කියන්න යැයි දුව එයට පිළිතුරු ලෙස කියා ඇත.

පොල් ගෙනා පුද්ගලයාගේ හැඩරුව කියූ පසු අම්මේ ඔය ගෙනත් තිබෙන්නේ අපේ වත්තෙම පොල්. පොල් හොරෙන් කඩලා තියනවා. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. ඉතිරි ගස් වලින් පොල් කඩලා මම අම්මටත් ටිකක් එවන්නම් කියා දුරකථනය විසන්ධි කළ විට නැන්දා ඔළුවේ අතගසා ගත්තාය.



අදහස් (0)

දුවගේ වත්තෙන් කැඩූ හොර පොල් අම්මාට විකුණලා

රුවන් Thursday, 12 February 2015 09:17 AM

කොහොමද සහසුද්දෙම්ම කියනේ තමාගේ වත්තේම පොල් කියල? පොල් ලෙලි ගැහුවට පස්සේ සේරම එක වගේනේ.? (ර)

:       0       0

සරත් Thursday, 12 February 2015 11:08 PM

මොනවා වුණත් සාමයෙන් ඉන්න නැන්දම්මා කෙනෙක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1302 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1239 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 451 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site