IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


දොර පළුව ළිඳට හේත්තුකර දුව පෙම්වතා සමඟ පැන ගිහින්

(අවිස්සාවේල්ල විශේෂ සෝමසිරි හිඟුරලආරච්චි)   
කපමින් සිටි නාන ළිඳේ ඉවුර කඩාවැටීම නැවැත්වීම සඳහා නිවසේ කුස්සියේ දොරපළුවක් ළිඳේ මුක්කුවක් ලෙස හිරකර තබා පෑලදොරින්ම නව යෞවන තරුණියක් තරුණයෙකු සමග පළායාමේ සිද්ධියක් කොස්ගමට නොදුරු නියම් ගමකින් වාර්තාවෙයි. 


සිද්ධිය සැකවින් මෙසේය.


 ඇය රූමතියෙකි. පිපි සැලෙන දුණුකේ මලකට සමානය. එනිසාම මේ මලෙන් රොන් ලබාගැනීමට උත්සාහ කළ බඹරුන් ද නොසිටියානම් නොවේ. ඇය නමින් සන්ධ්‍යා වේ. ඇයගේ පහස ලබාගැනීමට උත්සාහ කළ බඹරු අතරින් සම්පත් ද අයෙකි. එම ප්‍රදේශවල පැවැතියේ දැඩි නියඟයකි. එනිසා දියනෑම සඳහා කැළණි ගංගා ඇතුළු ප්‍රදේශයේ ගංගා  ඇළදොළ සොයා ප්‍රදේශවාසීන්ට යෑමට තරම් පැවති තත්ත්වය උග්‍රවිය.


 ගමේ පොදු ස්ථානයකට රැස්වූ තරුණ තරුණියන් කතිකා කරගත්තේ හෙටම සන්ධ්‍යාගේ ගෙට පහළින් ඇති කුඹුරේ නාන ළිඳ කපා අවසන් කරමු යන්නය.
එදා පෝයට පෙර දිනයකි. ගමේ සැවොම එකතු වී ළිඳ කැපීම සඳහා උදලු, යකඩ, කූඩ, බාල්දි, කඹ රැගෙන පැමිණියේ ගමේ සමගිය හුවාදක්වමිනි. නැකතට අනුව වැඩ අල්ලා කැවුම්, කිරිබත් පවා කෑමට සකස් කර තිබුණා. අඩි 2ක් පමණ ළිඳ කැපිණි. පුදුමයකින් තිබුණාට වඩා වතුර වළේ පිරී උතුරා යමින් ළිඳේ ඉවුරු කඩාවැටෙන්නට පටන්ගෙන ඇත. මලේ මේ වැඬේ කරන්න බෑ. දුවපන් පන්සලට හාමුදුරුවෝ ගාව තියෙනවා වතුර ඉසින මැෂින් එකක් ඒක ඉල්ලගෙන වරෙන් අයෙක් තව අයකුට එසේ පවසා ඇත.


 හාමුදුරුවන්ගෙන් පොදු වැඩක් බැවින් වතුර ඉසින මැෂින් එක පමණක් නොව එයට අවශ්‍ය තෙල් පවා ලබාදුන් බව පැවැසේ. ළිඳේ වැඩ සවස දක්වා ගතවුවත් අවසන් කරගැනීමට නොහැකි වී ඇත. එසේ ළිඳ කැපීමට සහභාගි වූ තරුණ තරුණියන්ගේ අදහස වූයේ කඩා වැටෙමින් පවතින ළිඳ කණ්ඩිවලට මුක්කු ගසා පසුව හාරා අවසන් කළ යුතුය යන්නය. කෙසේ හෝ එදින රාත්‍රී 6 සහ 7 වනතෙක් ළිඳේ කටයුතු කළත් අවසන් කරගැනීමට නොහැකි වූ නිසා සැවොමගේ ඉල්ලීම වූයේ අනේ ! සන්ධ්‍යා ඔයා ගෙදරින්වත් තේ කහට ටිකක් ගෙනත් දෙන්න. යන්නය. තේ කහට සන්ධ්‍යා ගෙනඑමින් සිටිය දී (පෙම්වතා) සම්පත් ඔය වැඬේට කදිම බඩුවක් ගෙනාවා මෙන්න මේ දොර ලෑල්ල ඕක මොකට ගෙනාවද? අපේ කුස්සියේ දොරේ ලෑල්ලනේ. කමක් නැහැ ළිඳට සිමෙන්ති දමලා අවසන් වුණාම අම්මට ගිහින් දෙන්නම් යැයි පෙම්වතා කිව් බවද පැවසේ.


එදින දියණිය ගෙදරට පැමිණෙන විට රාත්‍රී 10.00 පමණ කල්ගත වී ඇත.“ මොකද සන්ධ්‍යා දුවේ වැඩ ඉවරද? ඒ මවගේ හඬයි..... එහෙනම් මගේ දුවේ ඉක්මණට නාලා ඉවරවෙලා, ඇඳට ගිහින් නිදාගනින්. මොකද? උඹට උඩහ ගෙදර අක්කා ඉන්නවා. පල්ලෙහා ගෙදර නංගී ඉන්නවා. අපේ ගමනේ බය වෙන්නට කිසිම දෙයක් නැහැනේ. මේ වාගේ ගමට නාන ළිඳක් කැපීම මතුජාති ජාති ලොකු පුණ්‍යකර්මයක් වෙනවා. මව ආශිර්වාද කරමින් පැවසුවාය.
කෙසේ හෝ එදින රැය පහන් විය. උදෑසන මව කුස්සියට ගියේ දුවගෙන් තේ එකක් ඉල්ලාගෙන බීම සඳහාය. කුස්සියේ දොර හොරු කඩාගෙන ගියා මෙන් දිස්වෙයි. ඇත්තෙන්ම ඒක හොරු කඩාගොස් යැයි මහලු මව සිතන්නට ඇත. දියණියට කතා කළත් ඇය කුස්සියේ නැත. ගේ ඇතුලේ ද නැත. කෝ මගේ දුව රෑ හිටියා දැන් නැහැ. මොකද වුණේ. ළිඳ ළඟට ගොස් බැලුවත් එහිද නැත.


 කුස්සියේ දොර ළිඳේ මුක්කුවක් බවට පත්ව ඇත. අය පැහැරගෙන යාමට තරම් කෙනෙක් මේ ගමේම නැත යනුවෙන් ළිඳ ළඟට ගොස් තවත් අයෙකු සමග මව පවසා තිබේ. කෙසේ වෙතත් කැපූ ළිඳේ වතුර ටික නිල් කැටේට පවතී. 


ඇය පෙම්වතාත් සමග එදින කිරි බැබළෙන හඳපානේ පළාගොස් තිබේ. වසරකට පසු කිරිකැටියෙකු තුරුළු කරගෙන අඹුසැමි යුවළ මවගේ නිවසට පැමිණි අවස්ථාවේ මේ රහස හෙළිවූ බව පැවසේ.



අදහස් (0)

දොර පළුව ළිඳට හේත්තුකර දුව පෙම්වතා සමඟ පැන ගිහින්

ධම්ම Saturday, 14 May 2016 11:26 AM

දෙමාපියන්ගේ හිත් රිදවා විවාහ වූ අය මතු දිනක විඳවනවා නොඅනුමානයි. (ර)

:       0       0

සරත් Friday, 13 May 2016 09:20 PM

හොඳම ක්‍රමයක් නේද මේ? (නි)

:       0       0

ජයරත්න Saturday, 14 May 2016 12:28 PM

ඒ අම්මගේ දරු දුක කොහොම තියෙන්න ඇතිද ? ගැහැණියෙක් වෙලත් ඒ ගැන හිතන්න බැරි දුවනම් පට්ටම ගහන්න වට්න්නේ , හැබැයි ඉතින් දවසක දුවටත් ඒ ගින්දර ඒ විදියටම විඳින්න වෙනවා (හේ)

:       0       0

නිශාන්ත Saturday, 14 May 2016 01:26 AM

අද කාලේ ළමයි ගැන නම් කියලා වැඩක් නැහැ (නි)

:       0       0

රෙජි-සිඩ්නි Monday, 16 May 2016 05:20 AM

කිසිම කරදරයක් නැතිව දුව දීග දුන්න. මගුල් කන්න ඕනිත් නැහැ, දැවැද්දත් දෙන්න ඕනිත් නැහැ. (ම)

:       0       0

අන්වර් Saturday, 14 May 2016 04:22 AM

මෙන්න නියම දරුවෝ! (නි)

:       0       0

නලින් Saturday, 14 May 2016 06:33 AM

සන්ධ්‍යාගේ අම්මා නම් හරිම සන්තෝෂ වෙන්න ඇති. මඟුලට බොරු වියදම් නැහැ. දොර පලුවෙන් වැඩේ ඉවරයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site