ව්‍යාපාරිකයෙකි. ගමන බිමන වටිනා රියකිනි. ජංගම දුරකතනය භාවිතයක් නැත්තෙකි. දුර ඇමතුමක් ගතයුතු වූ විටදී දුරකතන මධ්‍යස්ථානයකට හෝ තැපැල් කන්තෝරුවකට යාම ඔහුගේ සිරිතය.
පසුගිය දිනෙක තැපැල් කාර්යාලයකට ගිය ඔහු යුවතියක වූ උපතැපැල් ස්ථානාධිපතිවරියට දුරකතන අංකයක් පවසා එයට ඇමතුමක් ගෙන දෙන ලෙස ඉල්ලා සිටියේය.
ඇමතුම අවසන්ය. මුද්‍රිත බිල්පත තැපැල් ස්ථානාධිපතිනිය තරුණ ව්‍යාපාරිකයා අත තැබුවාය. එහි මුදල රුපියල් දහඅටක් ලෙස සඳහන් විය. දැඩි විමසිල්ලෙන් ඒ දෙස බැලූ ව්‍යාපාරිකයා මිස් මට රුපියල් දෙකක් දෙන්නැයි ඉල්ලූවේය. ඇය ඔහු අත රුපියල් දෙකේ කාසියක් තැබීය. ”එතකොට මිස් රුපියල් විස්සයි” මම හෙට රුපියල් විස්ස ගෙනවිත් දෙන්නම්” කියා ඔහු සිය රථයට ගොඩවූයේ තැපැල් ස්ථානාධිපතිනිය තුෂ්ණිම්භූතව බලා සිටියදීය.
කර කියාගත දෙයක් නොවූ උපතැපැල් ස්ථානාධිපතිනිය සිය අත්බෑගය විවර කර රුපියල් විස්සක් ගෙන ලාච්චුවට දැම්මේ විගණන ගැටලූවක් ඇතිවීම වැළැක්වීම සඳහාය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
දුරකතන ඇමතුමක් අරන් අපූරු පොල්ලක් තියල ගිහින්
කුමාරි Tuesday, 14 January 2014 10:37 AM
ගනු දෙනු; කියලනේ කතාවටත් කියන්නේ. ඇයි ඉතින් මේ මැඩම් ගන්න කලින් දුන්නේ? (දී)
දිලිප් සාලින්ද Monday, 13 January 2014 08:02 PM
මාර වැඩක් නේද කරලා තියෙන්නේ? (නදී)
ජයතිස්ස Wednesday, 15 January 2014 09:45 AM
ඉතින් ඊට පසුවදා ගෙනත් දීල නැද්ද... (දී)
දයා අලහාකෝන් Monday, 13 January 2014 10:10 AM
මෙයාගේ ව්‍යාපාරයත් පොළු තැබීමද? (නදී)
ධම්ම Monday, 13 January 2014 10:42 AM
මේක තමයි වෙනස. ව්‍යාපාරිකයා රුපියල් විස්සකට ලෝබකම් කලාට දුප්පත් අප එහෙම කරන්නේ නැහැ. (නදී)
ගිම්හානි Tuesday, 14 January 2014 06:17 AM
හෙට කියලා දවසක් තියෙනවද දන්නේ නැහැ ඒ මනුස්සයාගේ පොතේ (දී)
කුෂාන් චාමර Monday, 13 January 2014 11:46 AM
බිස්නස් කරන කෙනෙක්නේ (දිල්)
ලාල් කැන්ඩි Monday, 13 January 2014 03:55 PM
කතාව ඇත්ත නම් මෙයා කපටිම කපටි හොරෙක්.(නදී)
ආරියසේන Tuesday, 14 January 2014 09:56 PM
සමහරවිට වියාපාරිකයෙක් නිසා රුපියල් 2 අරගෙන කලබලේට රුපියල් 20 දෙන්න අමතක වෙන්න ඇති. ඒකත් එක්තරා කට්ට කමක්. (නදී)