IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


දෙයියො දුන්නු දේ භූතයෝ අරන් ගිහින්

(හංවැල්ල එච්.එස්. නන්දන)
අනියම් පෙම්වතකු සමග කුලියට ගත් කාමරයක සිට පැමිණි කාන්තාවකගේ රන් මුදු තුනක් එහිදී නැතිවීමෙන් පසු කූට උපක‍්‍රමයකින් සැමියාගෙන් බේරුණු බිරියක පිළිබඳව පාදුක්කට නුදුරු  ගමකින් අසන්නට ලැබුණි.


 තම දරුවා රැුගෙන සති අන්ත උපකාරක පන්තියට යන ඇය දරුවාගේ පන්ති අවසන් වන තුරු රැුඳී සිටියදී විවාහයට පෙර ඇසුරු කළ විවාහක මිතුරකු සමග කුලී කාමරයකට ගොස් ඇත.


එසේ සිටියදී හදිසියේ මිතුරියකගෙන් ලැබුණු දුරකථන ඇමතුමකින් කියැවුණේ තම පුතාගේ පන්ති වේලාසනින් අවසන්  වී ඇති බවය. පැය බාගයක් ඇතුළත ඇය තම දරුවා සොයා පැමිණි අතර තමා සිටි කාමරයේ ඇඳේ කොට්ටය යට ගලවා තැබූ රන් මුදු තුන ආපසු නොගෙනා බව සිහිවූයේ නිවසට ගියාට පසුවය.


 තම අනියම් පෙම්වතාට දුරකතන ඇමතුමක් දී සොයා බැලූවත් මුදු සොයාගත නොහැකිවූ අතර මුදු නැතිවීම පිළිබඳ සිය සැමියාට පැවැසීමට ඇය අපූරු උපක‍්‍රමයක් යෙදුවාය.  


සැමියා වැඩ අවසන් වී නිවසට පැමිණි පසු ඇය ඔහු අමතා කියාසිටියේ මුදු තුන අද පැළඳගෙන යාමට අමතක වූ බවත් නිවසට පැමිණ බලන විට තැබූ ස්ථානයේ ඒවා නොමැති බවත්ය. සවස මත්පැන් පානයට තම සැමියා මුදල් ගෙවීමට ඒවා රැුගෙන ඇතැයි පවසමින් ඔහු සමග ඒවා ඉල්ලා බොරු රණ්ඩුවක් පටලවා ගත්තාය.


වසර දෙක තුනකට පසුව මංගල සාදයකදී තම අනියම් පෙම්වතාගේ බිරිය හමුවී කතා බහ කරමින් සිටියදී ඇය පුරසාරම් දොඩමින් කියා සිටියේ ”අනේ බලන්නකො දෙවියෝ ගෙනත් දුන්නා වගේ මගේ මහත්තය පාරෙ තිබිල අහුලල මේ මුදු තුනම මට ගෙනත් දුන්නා. අයිතිකාරයෙක් කොහේ කියල හොයන්නද? මං දානවා”  යනුවෙනි 


මේ ඇසූ මුදු අයිති කාන්තාව දොලෝ රත්වූවාය. ඇගේ අනියම් පෙම්වතා මෙයින් බේරීමට කූට උපක‍්‍රමයක් යෙදුවේ සියල්ල වැරදී ඇති බව පසක් වීමෙනි.
”මම දන්නෙත් නෑ අපේ එක්කෙනා මම නැති අතරේ අපි එදා හිටිය තැන රූම් බෝයි එක්ක සෙට් වෙලානෙ. මම එයාට හොඳ පාඩමක් ඉගැන්නුවා. මම මේ ගැන දැනගත්තේ ඔයා දුරකථනයෙයෙන් ඇහුවට පස්සේ. ආ මෙන්න මුදු තුන” යයි පවසා අනියම් සැමියා ඇයට මුදු ලබා දුන්නේය. 


අනියම් පෙම්වතාගේ බිරිය මුදු තුන  ගැන සිය සැමියාගෙන් විමසූ විට ඔහු කීවේ ‘දෙයියො දුන්න දේ භූතයෝ අරන් යන්න ඇති’ යනුවෙනි. ‘ගෙදරට ගෙනත් දුන්න දේ පරිස්සම් කරගන්න බැරිනම් මම මොනවා කරන්නද?’ යනුවෙන් ඔහු ඇසූ කතාව මගහැරියේය. 


නැවත මුදු තුන හමුවූ මුල් හිමිකාරිය තම සැමියා වැඩ අවසන්ව  නිවසට පැමිණි පසු ”අනේ මම හිතුවේ ඔයා ගන්න ඇති කියලා. අල්මාරිය ඇතුළ තිබිල හම්බ වුණේ” යනුවෙන් පවසමින්  මුදු තුන පෙන්වා සිටියාය. 



අදහස් (0)

දෙයියො දුන්නු දේ භූතයෝ අරන් ගිහින්

කසුන් Tuesday, 25 November 2014 01:30 AM

මේක නම් නියම කතාවක් (නි)

:       0       0

ruwan Sunday, 23 November 2014 11:01 AM

හොරා කෑවට සියලුදෙනා දැනගෙනනේ කරලා තියෙන්නේ.මෙහෙමත් පවුල් ජීවිත.(ම)

:       0       0

එම්.සිද්ධීක් Saturday, 22 November 2014 02:56 PM

නියමයි. (ස)

:       0       0

චමින්ද Sunday, 23 November 2014 05:45 AM

හරියට සුරංගනා කතාවක් වගෙයි.(දිල්)

:       0       0

කුමාරි Sunday, 23 November 2014 06:04 AM

අන්න රෝහණ මහත්තයට වැරදුන තැන. එතකොට අර භූත කතාව කියල තමන්ගේ ගෑනිව රැවටුවෙත් ගැහැනියක්මද? (නදී)

:       0       0

සෙන්ජී Saturday, 22 November 2014 04:14 AM

බොරු වුණත් ඇත්ත වගේ කියනවා (අ)

:       0       0

දිල්හාන් Saturday, 22 November 2014 04:24 AM

මෙයාලා පොඩි කාලේ බිම කොටු ඇඳලා, අඹ ඇටයක් විසි කරලා කොටුවෙන් කොටුවට පනින සෙල්ලම හොඳට කරපු අය. පොඩි කාලෙ පුරුදු තාම අත් ඇරගන්න බැරුව ඉන්නේ. (අ)

:       0       0

ලීල් ගුණවර්ධන Sunday, 23 November 2014 12:36 PM

චමින්ද, කියන කතාව මමත් අනුමතකරනවා. මේක නම් සුරංගනා කතාවක්ම තමයි. (ර)

:       0       0

සාර්ලිස් Sunday, 23 November 2014 04:36 PM

..මේ බලහල්ලකෝ.... ඉතින් මේකලා කොරල තීන හපන්කොම් ......(ස)

:       0       0

පබ්ලිස් අප්පුහාමි Saturday, 22 November 2014 07:17 PM

දෙය්යෝ සාක්කි එතනත් ප්‍රශ්නය තුනක්. මම යනවා අල්ලපු ගෙදරට.මැඩම් මාව පිලිගන්නවා. (ස)

:       0       0

සිරිල් Saturday, 22 November 2014 07:19 PM

එක පවුලකට භාර දීලා බලාගෙන ඉන්නවා ද නැතිනම් තව පවුලක් ගේනවද? (ස)

:       0       0

අජිත් Tuesday, 09 December 2014 02:53 AM

කියලා වැඩක් නැහැ (නදී)

:       0       0

ඉසුරන්දි -දෝහා Saturday, 22 November 2014 10:44 AM

කිසිම දෙයක් තේරෙන්නේ නැහැ මටනම්.පිස්සු වගේ.(හේ)

:       0       0

අසෝකා Saturday, 22 November 2014 11:23 AM

අනේ මේ ගොල්ලන්ගේ දරු මුනුපුරෝ කොහොම හැදෙයිද?(හේ)

:       0       0

පබ්ලිස් අප්පුහාමි Saturday, 22 November 2014 11:28 PM

නරකද අර පරණ ප්ව්ලම ගෙනාවා නම්? (ස)

:       0       0

ටෙරන්ස් Saturday, 22 November 2014 06:15 AM

මේක ඇත්තක්ද ? (නදී)

:       0       0

සිරිපාල Monday, 24 November 2014 07:33 AM

දෙයියොම තමයි දෙන්න ඇත්තේ.(හේ)

:       0       0

කලීල් බංඩාරවෙල Saturday, 22 November 2014 06:22 AM

ඔහොම යමුකෝ (නදී)

:       0       0

රෝහණ Sunday, 23 November 2014 02:28 AM

අන් ඇති සතුන් කෙරහිද,කුර ඇති සතුන් කෙරෙහිද ,රජ වරු කෙරිහිද ,ජලය කෙරිහිද ,ගින්දර කෙරෙහිද ,ස්ත්‍රීන් කෙරෙහිද විශ්වාස නොකරනු (ස)

:       0       0

යසිරු Sunday, 23 November 2014 10:13 AM

මේක නම් ගොතපු කතාවක් ද කොහෙද ! (අ)

:       0       0

මනෝජ්-සාජා Saturday, 22 November 2014 02:06 PM

මේ නම් නයෙක් නෙවෙයි නයි රාජයෙක් .(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1289 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1233 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 448 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site