IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


දෙදහසේ වැඩිහිටි දීමනාවේ මඟ වියදම එක්දහස් නවසීයක්

(හක්මන විශේෂ - දෙනගම යසන්ත ආරියසේන)
වැඩිහිටි දීමනාව ලෙස ලැබෙන රුපියල් දෙදහසක මුදල ලබා ගැනීමට මෝටර් රථයකින් ගොස් වාහන කුලිය ලෙස රුපියල් එක්දහස් පන්සියයක් ලබාගත් පුද්ගලයකු පිළිබඳව දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩිහිටියකු සිය මාසික වැඩිහිටි දීමනාව ලබාගැනීම සඳහා යාමට ත්‍රිරෝද රථයක් සොයාගැනීමට දැඩි උත්සාහයක් දැරුවේය. ත්‍රිරෝද රථයක් සොයාගැනීමට නොහැකිව ආපසු නිවසට එමින් සිටි ඔහුට කාර් රථයක් හිමි අල්ලපු ගමේ සිටින හිතවතෙකු මුණගැසුණි. ආගිය තොරතුරු කතා කිරීමෙන් අනතුරුව සිය අවශ්‍යතාව හිතවතාට පැවසීමට වැඩිහිටියා වගබලා ගත්තේය.


වැඩිහිටියාගේ ඉල්ලීමට ක්ෂණිකව ක්‍රියාත්මක වූ හිතවතා ඔහුද නංවාගෙන කිලෝමීටර් දෙකක් පමණ දුරින් පිහිටි නගරයේ පිහිටි තැපැල් කන්තෝරුව අසලටම ගොස් වැඩිහිටියා බස්සවා දීමනාව රැගෙන එනතෙක්ද රැඳී සිටියේය. දීමනාවද ලබාගෙන එන ගමනේදී නගරයේ හෝටලයකින් දෙදෙනා තේ පානය කළ අතර එහිදී දුම්වැටි කීපයක්ද මිලදීගෙන හිතවතාට ලබාදුන්නේය.


මෝටර් රථයෙන් නිවස අසලින් බස්සවා යාමට සැරැසෙද්දී ‘පුතේ හයර් එකට කීයක් අවශ්‍ය දැ’යි වැඩිහිටියා විමසා සිටියේය. ‘මාමේ එක්දහස් පන්සියයක් දෙන්න’ යැයි හිතවතා පැවසීමත් සමග වැඩිහිටියාගේ හිස ගිනිගත්තේය. කිසිවක් කරතියාගත නොහැකිව අන්දමන්දව සිටි වැඩිහිටියා තම කමිස සාක්කුවේ ඉතිරිව තිබූ රුපියල් එක්දහස් හය සියයක මුදලින් රුපියල් එක්දහස් පන්සියයක් හිතවතාට ලබාදී ඉතිරි රුපියල් සියය සාක්කුවේ දමාගෙන ගෙදර ගියේය. තමන් මුහුණදුන් සිද්ධිය බිරිඳට පැවසීමත් සමග උරණ වූ බිරිඳ සැමියාටද බැනවදිමින් සිදුවීම අසල්වාසීන්ට පැවසීම නිසා කතාව ගමපුරා පැතිරයාමට වැඩි දිනක් ගත නොවීය.

 



අදහස් (0)

දෙදහසේ වැඩිහිටි දීමනාවේ මඟ වියදම එක්දහස් නවසීයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1982 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1551 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site