IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


තෙල් පෝලිමේ හිටියාටත් ත්‍රිරෝද රියැදුරා ගාන කපාගෙන

(පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි)
පෙට්‍රල් ලබා ගැනීම සඳහා රියැදුරා  පෝලිමේ ගතකළ දව⁣ස වෙනුවෙන් කුලියද සමඟ ත්‍රිරෝද රථයේ ගාස්තුව  ගෙවන්නට කුලී ගමනක් ගිය පුද්ගලයකුට සිදුවූ පුවතක් අගනුවරට ආසන්න ප්‍රදේශයකින් අසන්නට ලැබිණි 


 පෞද්ගලික අංශයේ ආයතනයක සේවයේ නියුතු වූවකු ඉකුත් සෙනසුරාදා දිනය  වෙන්කර ගත්තේ සිය මෝටර් රථයට පෙට්‍රල් ලබා ගැනීම සඳහා පෝලිමේ ගත කිරීම වෙනුවෙනි.


ඒ අනුව  ඔහු උදෑසනම නිවෙසින් පිටත්ව ගියේ පස්වරු 1ට නියමිත සිය කුඩා දියණියගේ උපකාරක පන්තියට ඇය කැටුව යාමට නැවත පැමිණීමට හැකිවේයැයි බලාපොරොත්තුවෙනි.


ඒ වන විටත්  කිලෝ මීටරයක් පමණ දිගට විහිදී ගොස් තිබූ පෝලිමට ඔහු එකතු වුණි.


කෙසේ වෙතත් බලාපොරොත්තුවෙන්  පැමිණි ලෙස ඔහුට දියණිය පන්තියට ⁣කැටුව යාමට වේලාව ප්‍රමාණවත් නොවීය.


ඔහු අසල්වැසි ඥාතියකුට දුරකථන ඇමතුමක්දී දරුවා පන්තියට කැටුව යන ලෙස කීවේය .
ඒ අනුව ඥාතියා ත්‍රිරෝද රථයකින් දරුවා පන්තියට ඇරලවා පැමිණියේය .


 පොල්ගස්ඕවිට සිට පන්නිපිටියට යාමට සහ ඒමට ගමනේ දුර කිලෝ මීටර 20ක් ලෙස මීටරයේ සටහන්වී තිබුණත් ගාස්තුව එහි සටහන්ව නොතිබිණ .  


  ‘‘කීයද ගාන?”‍  ඔහු රියදුරාගෙන් විමසීය . කිලෝ මීටරයකට අසූව ගානෙ 1600/=යි.  රියැදුරා කීවේය.  ගාන ඇසූ  ඔහුට දවල් තරු පෙනුණේය .


කෙසේ වෙතත් ත්‍රිරෝද රථ පිළිබඳව අවබෝධයක් තිබූ ඔහු මුදල් දීමට පෙර රියැදුරා සමඟ කෙටි කතාබහක  යෙදෙන්නට අමතක නොකළේය.


  දැන් ඔයාට මේ ගමනට යන්නෙ පෙට්‍රල් ලීටරයයි. ඒකට රුපියල් 338/=යි. සාමාන්‍යයෙන් අනෙක් වියදම් සහ ලාබයත් සමඟ වාහන අයකරන්නෙ තෙල් කුලිය වගේ තුන් ගුණයක් නේ. එතකොට  සම්පූර්ණ ගණන රුපියල් 1014/=යි.  හොඳයි ගණන රවුම් වෙන්න 1100/= යි කියමුකෝ”‍ ඔහු ගණන හදා පෙන්නුවේය.


‘‘ඒ ගණන්වලට දැන් බෑ මහත්තයා . ඒ ඉස්සර. අපි දැන් දවසක් තෙල් පෝලිමේ ගත කරනව. දවස් දෙකක් දුවනවා. එතකොට පෝලිම් ගාස්තුවත් මහත්තයලගෙන්ම තමයි ගන්න වෙන්නෙ. ඒකට තමයි ඔය රුපියල් පන්සීය ගන්නෙ.”‍ රියැදුරා ද ගණන හදා කීවේය.


මහත්තයාට කට උත්තර නැති විය. ඒකත් ඇත්ත තමයි කියූ ඔහු සම්පූර්ණ මුදල ⁣රියැදුරාගේ අතේ තැබුවේය.


   මුදල් ලබාගත් රියැදුරා නොපෙනී යනතුරු මහත්තයා විස්සෝපයෙන් යුතුව බලා සිටියේය.



අදහස් (0)

තෙල් පෝලිමේ හිටියාටත් ත්‍රිරෝද රියැදුරා ගාන කපාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site