IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


තමාම අලවාගත් නාග හිස සහිත පච්චය නාද්දී දැක්ක කතක් මර හඬ දීලා

(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මැදිවියේ පසුවන දෙදරු මවකි. විනෝදයට බරය, දරුවා පාසල් ගොස් එද්දී චොකලට්ටුවක් ඉල්ලීය. ඒ සමග නාග හිසක රුව සහිත පච්චයක් තිබුණි. දරුවාට චොකලටය දුන් මව පච්චය ඇය ළග තබා ගත්තේ දරුවා එය පාවිච්චි කිරීම නොකළ යුතු දෙයක් බව දැනුණු නිසාවෙනි.


පසුදින නිවෙසේ කිසිවෙක්ද නැති මොහොතක ඇයට පච්චය මතක්වූවාය. එය ගෙන කලවයේ අලවා ගත්තේ කිසිවෙක් දුටුවොත් සමච්චලයට ලක් කරනු ඇතැයි සිතුණු නිසාවෙනි. පසුව එය ගලවා ඉවත් කරන අදහස ඇයට තිබුණත් ගෙදර වැඩපල කරගෙන යද්දී ඒ වගක් නිනව්වක් නොවීය.


දරුවන් පාසල් ඇරී ආවේය. ඔවුන්ගේ කටයුතු කළ මෙම මව බලා සිටියේ වැඩ අවසන සැමියා නිවෙසට එනතුරුය. සැමියාට තේ කෝප්පයක්ද සාදා දුන් බිරිය නාන කාමරයට ගියේ පිරිසුදු වී එන අදහසිනි. ඇය ඇදුම් මාරු කරන්නට වූවාය. ඒ අතර පාදයේ නාග හිස දුටු ඇයට ඉබේම කෑගැසුණේ බියපත්වීම නිසාය. නාග හිස පච්චයක් බව ඇයට සිහිපත් වූයේ නැත. බිරියගේ මරහඬ නිසා කලබලවූ සැමියා ඇයට කිහිප විටක්ම කතා කළත් ප්‍රතිචාරයක් නැත.

අන්තිමේ දොර කඩන්නට සැමියා කටයුතු කළේ බිරිය කිසියම් කරදරයක වැටී ඇති බව දැනුණු බැවිනි.


“අනේ බලන්නකෝ මට වෙච්චදේ” ඇය සැමියාට සියල්ල පැවසුවේ වෙන කළ හැකි දෙයක් නැති නිසාය. සැමියා කට කොනකට සිනාවක් නගා ගනු දුටු බිරිය “කාටවත් කියන්න එපා”යැයි කන්නලව් කළාය. කෙසේ හෝ දැන් මේ සිද්ධිය හිතවතුන් අතරේ පැතිරී ගොසිනි. මෙම දෙදරු මව නිවෙසින් එළියටවත් නොබැස සිටින්නේ ලැජ්ජාව ඉහවහා ගොස් ඇති බැවිනි.

 



අදහස් (4)

තමාම අලවාගත් නාග හිස සහිත පච්චය නාද්දී දැක්ක කතක් මර හඬ දීලා

prasanna Friday, 06 April 2018 09:24 PM

මේවා නම් බොරු කතා... දෙයියෝ සාක්කි එකේ දැන් ගොඩක් යන්නේ ලියන මනුස්සයා හිතලා ලියන කතා වගේ....

:       0       621

sam Saturday, 07 April 2018 12:00 PM

ප්‍රසන්න, අද කාලේ බොරුවට මිසක් ඇත්තට තැනක් තියෙන්නේ කොහෙද?

:       0       119

janahitha Tuesday, 10 April 2018 03:50 AM

ඔය පච්චය කියන එක ඇමෙරිකාව වගේ රටවලට නම් හරිම මිල අධික දෙයක්. ඒත් චොකලට් කනගමන් නොමිලේ ඕව අලව ගන්න පුළුවන් නම් ඒ අයත් ලංකාවට ඒවි. ඒ වගේම ඔය පච්චය අලව ගත්තේ කාට පේන්නද කියන එකයි ප්‍රශ්නය.

:       0       19

tharushika Wednesday, 11 April 2018 05:44 AM

ඔයිට වඩා දේවල් ගෙවල් වල වෙන්නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1534 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1350 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 487 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site