දකුණු පළාතේ උප නගරයක් ආසන්නයේ පදිංචි ඔහු ගොඩ පෙරකදෝරුවෙකි. ගම් වැසියන්ට උදව් කරන කෙනෙකි. සිල්ලර කඩයකද හිමිකරුවෙකි. ඔහු ඉඩම් නඩුවක පැමිණිලිකරුවකුගේ උදව්වට උසාවි ගියේය. ආපසු පැමිණ ඔප්පු කඩදාසි ටික කඬේ සිටි දුවට දී ගෙට ගියේ ‘හරිම මහන්සියි නාගන්න ඕනෑ’ කියා ගෙනය.
හැන්දෑවේ ඔප්පු හිමියා ආවේ ඔප්පු ගෙනයාමටය. හදිසියේ එය දුවට දුන් බව සිහි වූ ඔහු දුවගෙන් ඒ ගැන විමසූවිට ‘මම ඒක කඬේ පත්තර ගොඩ උඩින් තිව්වා’යි කීවත් එය එතැන නොවීය. පසෙක වූ රාක්කයක තිබී එය හමුවූවත් එහි මුල්පිටුව නොවූයෙන් ඔහුට දෙවියන් සිහිවිය.
මේ කලබලය දුටු බිරිඳ ‘‘කඬේට බඩුගන්න ආ කෙනෙක් කරවල කෑල්ලක් ඉල්ලූවා. දෙයි හාමුදුරුවනේ එහෙනං මං ඒක ඔතා තියෙන්නේ ඕකෙ වෙන්න ඇති’ කීවේ ඔළුවේ අත ගසා ගෙනය. කෙසේ වෙතත් කරවල ගෙන ගිය පාරිභෝගිකයා හොයාගෙන කඩිනමින් ගිය නිසා ඔප්පුවේ මුල් කොළය ලබා ගත්තත් එහි කරවල ගඳනම් තදට තිබුණා.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
තාත්තා දුන් ඔප්පුවේ දුව කරවල ඔතා දීලා
අබේසිංහ Tuesday, 23 December 2014 05:20 AM
තමන්ගේ වැඩ තමන් බලාගන්න ඕනි. ටිකක් සැලකිලිමත් වෙන්න ඕනි. (නදී)
උපාලි Tuesday, 23 December 2014 05:34 AM
සද්දෙට සද්දෙනම් හරි. ගඳට මොකද කරන්නේ කිව්වලු. (ස)
පිටබැද්දර ජයා Tuesday, 23 December 2014 12:21 PM
වාසනාවන්ත කරෝලයෙක් ! (නදී)