IMG-LOGO

ජීවිත බේරාගන්න ගිහින් කළ හොඳ පස්සෙන් ඇවිත්

සිදුවීමට ගිය මහ විපතක් වැළැක්වීමට ගිය තරුණයකුට බඩ කඩ පුරා ගුටි කෑමට සිදුවීමේ පුවතක් කටුගස්තොට නගරාසන්නයෙන් වාර්තාවේ.


සිද්ධිය මෙසේය. කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන ඔහු නිවසට පැමිණෙන්නේ සති දෙකකට පමණ පසුය. එසේ පැමිණෙන ඔහුට තම බිරියගෙන් ලැබෙන ලයිස්තුවකට අනුව නිවසට අවශ්‍ය එළවළු, තුනපහ ඇතුළු සියලු කළමනා ගෙන ඒමට සිදුවීම සාමාන්‍ය සිරිතකි. 


එදිනත් ඔහු සුපුරුදු පරිදි ඒ සඳහා පිටත්වූයේ නිවසේ වූ ත්‍රිරෝද රථයෙන් තම කුඩා දරුවන් තිදෙනාද සමඟිනි.


බිරියගෙන් ලැබුණු ලැයිස්තුවට අනුව එකම වහලක් යටින් ඒ සියලුම බඩු මිලදී ගත නොහැකි බව දත් ඔහු තම ත්‍රිරෝද රථය තැන තැන තම දරු තිදෙනාද සමඟින් නවතා දමමින් භාණ්ඩ මිලදී ගැනීමට කටයුතු කළේය. 
එසේ නවතා ගිය ත්‍රිරෝද රථය එක් ස්ථානයකදී කෙමෙන් කෙමෙන් පසුපසට ඒමට පටන් ගැනීම නිසා එහි සිටි දරුවන් තිදෙනා මර හඬ දෙමින් කෑ ගසන්නට වූයේ මේ අතරවාරයේය.


සිදුවීමට යන මහ විපත දුටු ඒ අසිලින් ගිය තරුණයකු වහා ත්‍රිරෝද රථයට නැඟ එය නවතා දැමීමට උත්සාහ ගන්නවාත් සමඟම තම දරුවන්ගේ කෑ ගැසීම් හඬ ඇසී එතැනට පැමිණි දරුවන්ගේ පියා තම ත්‍රිරෝද රථය දරුවන්ද සමඟින් තරුණයෙකු පැහැරගෙන යාමට සැරසෙතැයි සිතා ඔහුට දිගට හරහට පහර දීමට පටන් ගත්තේ දරුවන්ගේ ඇඬීමේ හඬද තව තවත් තීව්‍ර කරමිනි.


කෙසේ නමුත් අදාළ සිද්ධිය ඇසින් දුටු කිහිප දෙනෙක් වහා ක්‍රියාත්මකවී සිදුවූ සිද්ධිය පැවැසීමෙන් පසු තම දරුවන්ගේ නාමයෙන් තමාගෙන් වූ වරදට සමාවගෙන ඔහු තම දරුවන් තිදෙනාද සමඟින් ත්‍රිරෝද රථයේ නැඟී නැවත ලහි ලහියේම තම නිවස කරා ගිය බව වැඩිදුරටත් වාර්තාවේ. 

 

 


(කටුගස්තොට-ධම්මික ගුණවර්ධන)

 



අදහස් (0)

ජීවිත බේරාගන්න ගිහින් කළ හොඳ පස්සෙන් ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 494 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 674 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 275 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site