IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


ජංගම රියෙන් කසිප්පු බොන්න හැදු දෙදෙනා පොලිස් කූඩුවේ


පොලිස් නිලධාරීන්ගෙන් කසිප්පු ඉල්ලා එක් අයකුට රුපියල් පන්දහස බැගින් රුපියල් දහදහසක දඩ මුදලක් අධිකරණයට ගෙවීමට සිදුවීමේ පුවතක් සියනෑවෙන් වාර්තා විය.
එම ගමට කාලයක සිට යාබද ගමකින් කසිප්පු ජංගම සේවයක් දිවා හා සවස් වරුවේ පැමිණේ. ත‍්‍රිරෝද රියකින් ගෙනෙන ජංගම සේවා කසිප්පු මුදලට හෝ ණයට ගැනීමට ගැණුම්කරුවෝ පෙරමග බලමින් සිටිති. පොලිස් ඇස ද මේ ජංගම සේවාව වෙත යොමුවී තිබුණි.
සවස් වරුවක මේ ජංගම සේවාව තම පාරිභෝගිකයින්ගේ මනදොළ පිනවීම සඳහා සුබ නැකතින් පිටත් විය. පොලිස් නිලධාරීහු මග රැකසිට ජංගම සේවාව අත්අඩංගුවට ගත්හ.
පොලිස් නිලධාරියෙක් වාහනය පැදවීමේ වගකීම භාරගෙන ඉදිරියට ධාවනය කළේය. පාර අයිනේ දෙදෙනෙකි. සුපුරුදු වාහනය හඳුනාගෙන නැවැත්වීමට සන් කෙරිණි.
”මට බෝතලයයි”
”මටත් බෝතලයයි”
”නගින්න නගින්න ඉක්මනට ඇතුළෙදී දෙන්නම් දන්නවනෙ පොලිසිය හැම තැනම” පොලිස් නිලධාරීයා පැවසීය. දෙදෙනාම රියට නැගුණි. ඒ සමගම වැඬේ වැරදුණ බවද වැටහුණි.
”දැන් ඉතින් යමල්ලා අපි පොලිසියෙන්” ගමන කෙළවර වූයේ පොලිසියෙනි.



අදහස් (0)

ජංගම රියෙන් කසිප්පු බොන්න හැදු දෙදෙනා පොලිස් කූඩුවේ

කමල් Wednesday, 16 July 2014 05:32 PM

ප්‍රතිචාර දාන සමහර අයත් කසිප්පු නැතුව හොල්මන් වෙලා වගේ ...... (නි)

:       0       0

හේමන්ත Wednesday, 16 July 2014 07:41 PM

මේකටද මහත්වරුනේ නීතිය කියන්නේ? "උස්තැන් දැක හැකිළෙන්නේ...මිටිතැන් දැක පුප්පන්නේ... නිවටුන් බව සිතමින්නේ...." (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1270 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1223 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 445 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site