කුණ්ඩසාලේ - පී.එම්. රාජපක්ෂ
මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් සඳහා යොදා ගන්නා අත්පත්‍රිකා සහ ප්‍රචාරක දැන්වීම් තොගයක් රිළවුන් රැගෙන යාම නිසා තමා සහාය දක්වන පක්ෂය සම්බන්ධයෙන් ගම පුරා ප්‍රචාරය වූ පුවතක් මහනුවර නුදුරු ප්‍රදේශයකින් පසුගියදා වාර්තා විය.
සිද්ධියට මුහුණ පෑ පුද්ගලයා රහසින් එක්තරා පක්ෂයකට සහ අපේක්ෂකයකු වෙනුවෙන් වෙහෙස වී කටයුතු කළ පුද්ගලයෙකි.
මෙවර පැවත්වෙන මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින අපේක්ෂකයකුගේ ප්‍රචාරක කටයුතු සඳහා අත්පත්‍රිකා සහ ප්‍රචාරක දැන්වීම් තොගයක් පසුගිය දා තම නිවසට රැගෙන පැමිණියේ සති අන්ත දිනෙක ඈත ප්‍රදේශයක සංවිධානය කළ ප්‍රචාරක වැඩසටහනක් සඳහා යොදා ගැනීමට ය.
එම අත්පත්‍රිකා සහ ප්‍රචාරක දැන්වීම් තොගය නිවසේ මුළුතැන්ගෙය තුළ තැබුවේ එදින ගෙන එන ලද ආහාර ද්‍රව්‍යයන් සහිත මල්ල ද සමගය.
පසුදින හදිසි අවශ්‍යතාවයක් සඳහා නිවසින් බැහැරව යාමට මෙම පුද්ගලයාට සහ නිවැසියන්ට සිදුවන අතර එම අවස්ථාවේදී ප්‍රදේශය පුරා සැරි සරන රිළවුන් රංචුවක් නිවසට පැමිණ නිවසෙහි තිබුණු අත්පත්‍රිකා සහ ප්‍රචාරක දැන්වීම් තොගය සහිත ආහාර මල්ලද රැගෙන ගොස් ඇත.
නිවසට පැමිණි ඔහු ප්‍රචාරක කටයුතු සඳහා අවශ්‍ය අත්පත්‍රිකා සහ ප්‍රචාරක දැන්වීම් තොගය සොයන්නට වූ අතර ඒවා තිබූ තැන නොතිබූ බැවින් බිරිඳ ඇතුළු දරුවන්ගෙන් ද විමසීය.
ඒවා නිවසේ නොතිබූ බැවින් අවට සොයා බලන විට දැක ගන්නට ලැබී ඇත්තේ ඒවා රිළවුන් විසින් රැගෙන ගොස්තැනින් තැන විසුරුවා ගොස් ඇති අයුරුයි.
එය දුටු ඔහුට මෙතෙක් කල් රහසින් තමා කටයුතු කළ දේශපාලන පක්ෂය හා ආධාරකරුවා පිළිබඳව ගම්මානය සියලු දෙනා දැනගෙන ඇති බව සිහි වූ බැවින් තම හිසමත අත්ල තබා ගත්තේ ය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ඡන්ද රහසක් රිළවුන්ගෙන් හෙළිවෙලා