IMG-LOGO

ඡන්දෙ ඉල්ලගෙන ගිහින් අමුතු පරිප්පුවක් කාලා

(තිහගොඩ උපසේන ලියනගම)
මැතිවරණය සඳහා ගෙන්ගෙට යන කණ්ඩායමක් වයඹ පැත්තේ ගම්බද ගෙදරකට ගොඩවූයේ  ප‍්‍රචාරක පති‍්‍රකාද රැගෙනය. ගෙදර සිටියේ ඇවිද ගත නොහැකිවූ රෝගී  පියා සහ මැදවියේ වූ තනිකඩ දියණිය පමණකි.


පියාගේ අසරණකම දුටු මේ කණ්ඩායම ඒ පිළිබඳව දියණියගෙන් විමසා ප‍්‍රතිකාර ගැනද විමසීය. ඇය කීවේ වියපත් බව නිසා බෙහෙත් නොගන්නා බවය.
”ඒ වුණාට මේ ඡුන්දය හරියට වටිනවා. පයින් යන්න බැරිනම් වාහනයකින් යන්න. අපි උදව් කරන්නම්” ඔවුන් කී විට
”එතකොට තාත්තට හොඳටම සනීපවේවිද” ඇය ඇසුවේ කෝපයෙනි.


 එන හැඩ හොඳ නැති බව තේරුම් ගත් කණ්ඩායම් නායකයා ආපසු යාමට සුදානම් වූයේ තරමක තැතිගැන්මකිනි.


ඇය ගස්සාගෙන ගෙට ගිය අතර පියා කෙඳිරි ගෑවේ රෝගී තත්ත්වය  පෙන්වීමටය. ”අපට ඡන්දෙ දැම්මොත් තාත්තට කොහොම වුණත් රටට නම් සනීපයක් වේවි” ඇයට ඇසෙන නෑසෙන ගානට කණ්ඩායමේ කිසිවකු කීවේ අන් අයගේ සිනා මැදලූ.



අදහස් (0)

ඡන්දෙ ඉල්ලගෙන ගිහින් අමුතු පරිප්පුවක් කාලා

ඉසුරන්දි Sunday, 02 August 2015 04:29 AM

මේ දවස්වල නැති ලෙන්ගතු නමුත් ඇති වෙනවා මේ ගොල්ලන්ට.(ම)

:       0       0

ධම්ම Saturday, 01 August 2015 11:22 AM

අපට ඡන්දෙ දැම්මොත් තාත්තට කොහොම වුණත් අපේක්ෂකයාට නම් සනීපයක් වේවි" නේද ? (නදී)

:       0       0

කුමුදු කුමාර Tuesday, 04 August 2015 02:47 AM

ඔබ ඔබේ ඡන්දයෙන් ඔබ අකමැති කෙනෙකු පාර්ලිමේන්තුවට යනවට කැමතිද? නැහැ නේද? එසේනම් ඔබ ඔබේ ඡන්දය භාවිතා කිරීමේදී ඔබ කිසිවෙකුට අකමැති නම් ඒ බව‍ ඔබේ ඡන්දයෙන් පෙන්වන්න. එවිට ඔබට සිත හදාගත හැකිය (නි)

:       0       0

සෑම් Friday, 31 July 2015 06:00 AM

මිනිසුන් මියගියාට ඡන්ද ලැයිස්තුවේ නම නැතිවෙන්නේ නැහැ " රූපං ජීරති මජ්ජානං, නාම ගොත්තන් නජීරතී " කියලා කියන්නේ ඒක නිසයි. කොහොම වුනත් ඉහතකී රෝගී පුද්ගලයාට නිරෝගී සුව සහ දිර්ඝායුෂ පතමි . (හේ)

:       0       0

දුමින්ද Monday, 03 August 2015 02:14 AM

"මනාප අමනාප" (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 453 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site