IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ගුරා බූරුවෙක් වෙලා ගෝලයා පරිප්පුවක් කාලා

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
සිරිතට විරිතට අනුව ලොකු බාස්ට අලු‍ත් අවුරුදු දා ගරු බුහුමන් දැක්වීමට ගොස් ලොකු බාස් සමගම එදින දවස පුරාම පොලිස් කූඩුවේ ලගින්නට වූ පෙදරේරු ගෝලයකු පිළිබඳව පුවතක් දකුණු පළාතෙන් වාර්තාවේ.


තමාට පෙදරේරු කර්මාන්තය දෑතට හුරු කරවන ලොකු බාස්ට ඔහු සැලකුවේ දෙවියකු ලෙසිනි. ඒ නිසාම අලු‍ත් අවුරුදු දා ඔහු ලොකු බාස්ගේ නිවෙස කරා ගියේ බුලත් හුරුල්ලක් ඇතුළුව ඔහු ආශා කරන මත් පැන් බෝතලයක් ද සමගමය. ලොකු බාස්ලාගේ නිවෙසට යන විට එහි ඔහු නොවීය. ලොකු බාස් අසල නිවෙසක බූරුවා සූදු කෙළියේ නිරත වන බව ඔහුගේ භාර්යාවගෙන් දැන ගන්නට ලැබිණ.


තමා ගෙනා ගුරු පඬුරු නිවසේ තබා ඔහු ලොකු බාස් සොයා ගියේය. එහි යන විට ඔහු හරි හරියට බූරුවා සූදු කෙළිමින් සිටියේය. ලොකු බාස්ගේ නියමය පරිදි ඔහුට බූරුවා සූදු කෙළි න තැන වාඩිවී සිටීමට සිදුවූයේය.


ඒ සමගම කවුදෝ දුන්නු ඔත්තුවකට අනුව සූදු පොළ පොලීසියෙන් වැටලු‍වේය. ලොකු බාස් ඇතුළුව හත් අට දෙනෙක්ම පොලිස් අත්අඩංගුවට පත්වූහ. පෙදරේරු ගෝලයා ද ඒ අතර විය.


තමා සූදු නොකෙළිය බවත් ලොකු බාස් හමුවීමට පැමිණි බවත් පොලීසියට ඔහු ගතු කීව ද වැඩක් නොවීය. බූරුවා ගැසුවත් එකයි ඒ දිහා බලන් සිටියත් එකයි යන කියමන පසක් කරමින් ඔහුට අවුරුදු දා පොලීසියට යාමට සිදුවිය. 


අවසානයේ දී නියම කරන ලද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැන්වීමත් සමගම ලොකු බාස්ලාට ගෝලයන්ට පොලිස් ඇප ලැබිණ. ඒ පැය ගාණක් පොලීසියේ අවුරුදු දා සිටීමෙන් අනතුරුවය.



අදහස් (1)

ගුරා බූරුවෙක් වෙලා ගෝලයා පරිප්පුවක් කාලා

rathgama Friday, 16 April 2021 06:20 AM

තවත් විදිහකට කිව්වා නම්.., පාලකයෝ බූරුවන් වුණාම.. ජනතාවටත් කන්න වෙන්නේ පරිප්පුම තමයි.

:       2       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 192 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 59 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 752 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site