IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ගුරුකම් කරන්න ගිහින් බඩ කට පුරා ගුටි කාලා

නොදන්නා ගුරුකම් කරන්න ගිය ආවතේව කරුවෙකුට ගුරුකම් කිරීමට ගිය  නිවැසියන්ගෙන් බඩකට පුරා ගුටි කෑමට සිදුවූ පුවතක් දකුණු පළාතේ පිටිසර ගම්මානයකින් පසුගියදා වාර්තා විය.
දකුණේ ප්‍රසිද්ධ ඇදුරෙකුගේ ගෝලයකු වූ සෝමපාල තරමක් කටකාර තමන් හැම දෙයක් ගැනම දන්නා බව හඟවන කපටි පුද්ගලයෙකි. ඔහු ඇදුරා නොමැති තැන්වලදී තමන්ට තම ගුරුවරයා විසින් යන්ත්‍ර මන්ත්‍ර සාත්තර හා ගුරුකම් පිළිබඳව හැම දෙයක් කියා ඇති බවත්, ඔහුගෙන් පසුව එම කටයුතු කිරීමට බාරදෙන බව පවසා තිබෙන බවත්, ඒවා ගැන විශ්වාස කරන අයට කියා ඇත.
එමෙන්ම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන අවස්ථාවලදී ආවතේව කටයුතු ඉතා කඩිසරව කිරීම නිසා ඔහුත් ඇදුරා තරම් දැනුමැති අයකු ලෙසත්  ගම්වාසීන්ගේ විශ්වාසයක් පවතී.


ඔහුගේ කටයුතු සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අයකු දුටුවහොත් ඇදුරා කියන මන්ත්‍ර හා කවි මහා හයියෙන් කියන්නේ සෙසු අයගේ අවධානය යොමු කරගැනීමටත් තමන්ද ඇදුරා මෙන්ම දක්ෂ අයකු බව ඇඟවීමටත්ය.
ඉකුත් දිනක අවට ගමක තරුණ කාන්තාවකට හදිසි උමතු රෝගයක් හැදී තිබුණු නිසා එය සුව කිරීම පිළිබඳව ප්‍රකට එම ඇදුරාගේ නිවසට, රෝගී කාන්තාවගේ සැමියා පැමිණියත් එදින ඇදුරා ගමනක් ගොසිනි.  ආවතේවකරු සිටි නිසා තම බිරිඳගේ රෝගී තත්වය ඔහුට කියා තිබේ. ඇදුරකු වීමට සිහින මවමින් සිටි ඔහුට මෙය කදිම අවස්ථාවක් විය. අද නම් ගුරුන්නාන්සේ එනකොට පරක්කුවෙයි. කෝකටත් ගිහින් නූලක්වත් බඳිමු යැයි සැමියාට කියමින් ඇවැසි ආම්පන්න ටිකකුත් රැගෙන රෝගියාගේ නිවසට පැමිණ ඇත. 
එම නිවසට පැමිණි ආවතේවකරු මල් පහන් පුවක් මලක් ගොක් අත්තක් යනාදිය සූදානම් කරන ලෙස එතැන සිටි අයට කියා රෝගී කාන්තාවගෙන් සුවදුක් විමසා ඇත. ලෙඩාගේ තත්වය බරපතළ බවත් පමා නොකර නූලක් බැඳිය යුතු බවත් පවසා මැතිරීමේ කටයුතු පටන් ගත්තේය.
ටිකෙන් ටික රෝගියාගේ තත්ත්වය උත්සන්න වූ අතර ආවතේවකරුද තමන් දන්නා මන්ත්‍ර මහ හයියෙන් කියමින් ජප කරන අතරතුර ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටි නිවසේ තරුණයන් කීපදෙනකු මොහු දන්නා යන්ත්‍ර මන්ත්‍රයක් නොමැති බව වටහා ගෙන සූදානම් කර තිබුණු මල්පහන් වට්ටිය හා කහදියර හට්ටිය රැගෙන බොරු ඇදුරාගේ හිසට ගසා ඇත. එම සැනෙන්ම එතැන තිබුණු පුවක් මල අතට ගත් රෝගී කත පුවක් මල කැඩෙනතුරුම ගසා තිබේ. තරුණ පිරිස ද අතින් පයින් පහරදී මීට පස්සේ දන්නේ නැති දේවල් කරන්න එපා කියමින් එම නිවසින් එළවා දමා තිබේ. එදා පටන් ඔහු ආවතේව කටයුතුත් නවතා දමා ගම හැර ගොස් ඇත.

මුලටියන එස්. බාලසූරිය



අදහස් (0)

ගුරුකම් කරන්න ගිහින් බඩ කට පුරා ගුටි කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 7 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 594 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site