IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


ගොයම් කැපිල්ලෙන් ගොවියා අමාරුවේ වැටිලා

බලංගොඩ වයි.ඵ්.ඵස් වීරවංශ


ඔහු ගොවි මහතෙකි. ඇයද ගෙවිලියක් මෙන්ම ගෘහනියකි. කුඹුරේ ගොයම් ටික පැහිලා නිසා හෙට කැපුවොත් හොඳයි ඔහු තම බිරියට කීවේය.
එහෙනම් තුන් හතර දෙනෙකුට කියන්න මම හෙට උදේට තේ වතුර ටිකයි දවල්ට කෑම ටිකයි ලෑස්ති කරන්නම් ඇය කීවාය. ඔහු සවස් යාමයේ නිවසින් පිටවිය. රැ බෝවන විට ගෙට ගොඩ වැදුනේ ය.
කීදෙනෙකුට කීවාදැයි ඇය විමසුවාය. දහදෙනෙකුට විතර කිව්වා. අපෝ එහෙනම් හොඳටම ඇති. මම තේ ටික උදෙන්ම අරගෙන එන්නම් ඇය ටිකක් ළෙන්ගතුව කීවාය.
ඔහු අවශ්‍ය දෑ කැති සහ බුලත් පුවක් රැගෙන උදෑසනින්ම නිවසින් කුඹුරට පිටව ගියේය.


වේලාව උදේ අට නවය විය කිසිවෙකුත් කුඹුරට ආවේ නැත.. දැන් වේලාව දහයට ආසන්න විය. සිය බිරිඳ කිරි බත් පෙට්ටිය හිස මුදුණේ තබාගෙන තේ රැගෙන කුඹුරට පැමිණියාය.
කෝ මනුස්සයෝ... ගොයම් කපන්න මිනිස්සු ඇය තරහින් විමසුවාය... තමුසෙ කිව්වෙ දහදෙනෙකුට විතර කිව්වා කියලනෙ.. තමුසෙ ගෙවල් වලට ගිහින් මොනවා ද කීවේ..
හෙට අපේ ගොයම් කපනවා කියලා.. ඉතින් ඒ අයට එන්න කීවේ නැද්ද... නැහැ මම කීවේ ගොයම් කපනවා කියලා විතරයි..
මනුස්සයෝ ගොයම් කපන්න එන්න කියලා කියන්න එපැයැ...
දැන් ඉතින් මේ කිරි බත් ටිකට මොකද කරන්නේ. මම අර ගෙවල් වලට බෙදලා දීලා හෙට ගොයම් කපන්න එන්න කියලා කියන්නම්.. දැ කැති ටිකක් අරගෙන ගෙදර යනවා... බිරිඳ තරහින් කීවාය...

 



අදහස් (0)

ගොයම් කැපිල්ලෙන් ගොවියා අමාරුවේ වැටිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 37 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 409 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 855 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site