IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ගාණ පැටලී ඩබල් තට්ටුවෙලා


හක්මන විශේෂ දෙනගම යසන්ත ආරියසේන



අක්‍රීයව පැවැති බැංකු ගිණුමේ තිබූ මුදල ලබා ගැනීමට එම මුදල මෙන් දෙගුණයකට වැඩි මුදලක් වැයකරමින් කිලෝමීටර් එකසිය පනහක් පමණ දුරක් ගිය පුද්ගලයකු පිළිබඳ අපූරු කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
මැදිවියේ පසුවන පුද්ගලයෙකු බිරිය සමඟ තම මහගෙදර පදිංචිව සිටි අතර ඔහුගේ හැසිරීම් රටාවේ වූ ගැටලු‍ හේතුවෙන් ගම හැරදා බිරියගේ ගමට ගොස් ජීවත්වීමට සිදුවිය. 
ඔහු වැදගත් රැකියාවක නිරත වුවද නොවැදගත් ක්‍රියා කලාපයන් හේතුවෙන් බිරිඳගේ ගමෙහි වාසය ද ඔහුට අසීරු කරුණක් විය. බිරිඳගේ උපදෙස් හා අවවාද තුට්ටු දෙකකට මායිම් නොකළ සැමියා බොහෝ අවස්ථාවල කටයුතු කළේ ප්‍රමාණය ඉක්මවා යන අතිශෝක්තියෙන් යුතුව ය.
එවැනි ක්‍රියා කලාපයන් හේතුවෙන් දිවයිනේ වෙනත් ප්‍රදේශයකට ගොස් වෙනත් වෘත්තියක නියැලෙමින් මුදල් ඉපයිම සිදුකළ අතර මිතුරන්ට සහ ඥාතින්ට පවසා ඇත්තේ විදේශගතව රැකියාවක් කළ බවය.
දුර බැහැර ප්‍රදේශයක සිට නැවත බිරියගේ මහ ගෙදරට පැමිණ සුපුරුදු වෘත්තියේ යෙදෙමින් පැරණි කල්ක්‍රියාවෙන් කටයුතු ඔහුට තමන්ගේ ගමෙහි වාසය කරන කාලයේ ගමේ සමිතියක තැන්පත් කළ මුදලක් ගැන සිහි වූවාය.


 තම මව්පියන්ට කතාකොට සමිතියේ සභාපතිවරයා සම්බන්ධ කරගෙන තම මුදල් පිළිබඳව විමසුවේය. සභාපතිවරයා භාණ්ඩාගාරිකවරයාගේ අංකය ලබාදී ඔහුගෙන් විමසීමක් කරන ලෙස දැන්වීය. භාණ්ඩාගාරිකවරයාට ඇමතුමක් ගෙන තම ගිණුමේ කෙතරම් මුදලක් ඇත්දැයි විමසීමේ දි රුපියල් අට දහසක් පමණක් ඇති බවත් ඉල්ලීම් ලිපියක් ලබාදුණහොත් මුදල් නිදහස් කරදිය හැකි බව ඔහු පවසා ඇත.
 පසුදිනම කුලීරථයක් කතාකරගෙන බිරිය හා දරුවන් සමඟ ගමට ගොස් භාණ්ඩාගාරිකවරයා හමුවී ලිපිය ඉදිරිපත් කළේය.
ඉල්ලීම් ලිපියේ රුපියල් අසු අට දහසක මුදලක් සඳහන්ව ඇති බව දුටු භාණ්ඩාගාරිකගේ ඇස් උඩ ගියේය. ගිණුමේ ඇත්තේ රුපියල් අට දහසක් බැවින් මෙතරම් මුදලක් ලබාදිය නොහැකි බව ඔහු පවසා සිටිම නිසා යුවළට උන්හිටි තැන්ද අමතක විය. 
භාණ්ඩාගාරිකවරයා අටදහසක් යනුවෙන් කියන ලද ගණන සැමියා විසින් අසූඅටදහසක් ලෙස ලියාගෙන ඇති බව තේරුම් ගැනීමට බිරිඳට වැඩි වේලාවක් ගත නොවීය. 
රුපියල් අටදහස භාණ්ඩාගාරිකවරයාගෙන් ලබාගත් යුවළ සැමියාගේ මහගෙදරට ද නොගොස් ඉක්මනින් ගෙදර ගියහ. කුලි රථයට රුපියල් දහඅට දහසක් ගෙවීමට සිදුවූයේ තමුන්ගේ පණ්ඩිතකම යැයි පවසමින් බිරිද සැමියාට දෝෂා රෝපණය කළාය. කුලී රථ රියදුරාගෙන් සිද්ධිය ගම පුරා පැතිර ගිය අතර සිද්ධියෙන් පසු සැමියා ප්‍රසිද්ධියේ ගමන් බිමන් යාමෙන් වැළකී සිටින බවද දැනගන්නට ලැබේ.



අදහස් (0)

ගාණ පැටලී ඩබල් තට්ටුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 554 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 489 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site