IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


‘ගුටි කෑමකින්’ බේරාගත්තාට අපූරු තෑග්ගක් දීලා

(හලාවත ඔගස්ටින් ප‍්‍රනාන්දු)
හදිසියේ හමුවී ඉල්ලා සිටි උදව්වට උපකාරයක් වශයෙන් උදව්ව කළ අයට අයත් රුපියල් 84 දහසක් වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක් පැහැරගෙන ගිය තරුණයකු එම දුරකතනය ද සමග අත්අඩංගුවට ගත හැකිවූ බව හලාවත මූලස්ථානය පොලිසිය  කියයි.


හලාවත කෝපියාවත්ත ප‍්‍රදේශයේ පදිංචි අයකු හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයට ප‍්‍රතිකාර ලබාගැනීම පිණිස සිය මෝටර් රථයෙන් හලාවත මයික්කුලම ප‍්‍රදේශයේ පදිංචි පෞද්ගලික වෛද්‍යවරයකු මුණගැසීමට ගියේය.


අවශ්‍ය ප‍්‍රතිකාර ලබාගෙන යළි නිවෙස බලා ඒමට සිය මෝටර් රථයට නගින විට හති අරිමින් දුව ආ තරුණයකු ”අනේ සර් මාව බේරාගන්න, මට කට්ටියක් ගහන්න එනවා”යි බැගෑපත්වී ඇත. ඔහුගේ විලාපයට තෙත්වූ හදවතක් ඇති ඔහු වහාම මෝටර් රථයේ නංවාගෙන එය  ඉදිරියට ධාවනය  කළේය.


ටික දුරක් යනවිට රථය අතර මග නවතාගත් තරුණයා ”අනේ මහත්තයාට බුදු බව අත්වෙන්න  ඕනෑ” කියා යන්න ගියේය.


මහත්තයා ද යළි රථය පණගන්වාගෙන මද දුරක් යනවිට හදිසි ඇමතුමක් ගත යුතුව ඇති බව සිහියට පැමිණ එම අමතුම දීමට තම දුරකථනය සෙවීය. මෝටර් රථයේ තිබූ දුරකථනය තිබුණේ නැත.


ඒ වනවිට මෝටර් රථයෙන් බැසගිය තරුණයා වාෂ්ප වී හමාරය. එම දුරකථනය රුපියල් අසූහතර දහසක් වටී.


මහත්තයා වහාම පොලිසියට ගොස් පැමිණිල්ලක් කළ අතර පොලිසිය වහාම පරීක්ෂණ ආරම්භ කළේය. හලාවත පොලිසියේ බුද්ධි අංශ නිලධාරීන් මගින් වැඩිදුර පරීක්ෂණ ආරම්භ විය. පැය කිහිපයක් යනවිට අතුරුදන්ව ඇති දුරකතනය සමග සැකකාර තරුණයා කොටු කරගත හැකි විය.


ඔහු හලාවත මයික්කුලම කොට්ටමුරුච්චියාන ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු හලාවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (0)

‘ගුටි කෑමකින්’ බේරාගත්තාට අපූරු තෑග්ගක් දීලා

තිලිණි Friday, 08 May 2015 09:28 AM

අන්න හොරු.(හේ)

:       0       0

රෙජි -සිඩ්නි Friday, 08 May 2015 04:31 AM

"කළ හොඳ පස්සෙන් පන්නනවා "කියන්නේ ඔන්න ඕවාට තමා. (බ)

:       0       0

පිටබැද්දර ජයා Friday, 08 May 2015 01:32 PM

කවදාවත් නොදන්නා කෙනෙක් නම් නග්ග ගන්න එපා මහත්තයෝ ජීවිතේට අනතුරක් නොවී ඔයින් ගියා මදැයි (නදී)

:       0       0

ඉනෝකා Friday, 08 May 2015 08:23 AM

දැන් අපේ රටේ මිනිස්සුන්ට උදව් කරන්නත් බයයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 197 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 397 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 168 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site