IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


කෙස් ගහකට නැන්දම්මයි ලේළියි ඇරගෙන

කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න


ගොටුකොළ සම්බෝලයේ තිබුණු කෙස් ගසක් නිසා නැන්දම්මා ලේළිය කෙහෙවලු පටලවා ගත් අපූරු පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.

වාර්තාවෙන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.

කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක 71 හැවිරිදි තිදරු මවක් තරුණ බාල පුතා, ලේළිය, ඔවුන්ගේ මුණුපුරන් මිනිපිරියන් සමග පදිංචිව සිටියි. තිදරු මව කලක් කෑගල්ල ප්‍රදේශයේ රෝහලක සෞඛ්‍ය කාර්ය සහායිකාවක් ලෙස සේවය කොට දැනට විශ්‍රාම සුවයෙන් සිටින්නීය. ඇගේ සැමියා වැඩිමල් දියණියගේ නිවසේ පදිංචිව සිටියි.

ඉකුත් දිනක වයෝවෘද්ධ තිදරු මව පෙරවරුවේ පදිංචිව සිටින ඉඩම ආසන්නයේ පිහිටා ඇති පොල් වත්තට ගොස් ගොටුකොළ මිටක් ගලවාගෙන පැමිණියේ දවල් කෑමට ගොටුකොළ සම්බෝලයක් සාදා ගැනීමේ අරමුණින්ය. ගලවාගෙන පැමිණි ගොටුකොළ මිටේ දඬු ඉවත් කර ශුද්ධ පවිත්‍ර කර සෝදා පිහිය ගෙන කපා මැටි කෝප්පයකට දැමුවාය.

‘දුවේ අමු මිරිස් කරලක්, ලූනු ගෙඩියක් කපා දමා දෙහි දාලා අනලා තියන්න. අව්ව වැටුණ නිසා මම නා ගෙන එන්නම්’ යැයි ලේළියට පවසා වයෝවෘද්ධ කාන්තාව දිය නෑමට වත්ත පහළ පිහිටි පොදු ළිඳට ගියාය.

දිය නාගෙන තිදරු මව පැමිණෙන අවස්ථාවේ දී ලේළිය ගොටුකොළ සම්බෝලය කියාපු ආකාරයට දෙහි ද දමා මිශ්‍ර කර කෑම මේසයේ තබා බත් වෑංජන සමග කූඩයකින් වසා තැබුවාය.

තිදරු මව පිඟානක් ගෙන කෑම මේසයේ තිබුණු වට්ටිය ඉවත් කර බත් සමග වෑංජන පිඟානට බෙදාගෙන ගොටුකොළ සම්බෝලය ද බෙදා ගත්තාය. බෙදාගත් කෑම පිඟාන සාලයට රැගෙන ගොස් තිදරු මව බුක්ති විඳින අවස්ථාවේ දී ගොටුකොළ සම්බෝලයේ තිබී කෙස් ගසක් හමු වී ඇත. 

“දුවේ ගොටුකොළ සම්බෝලයේ කෙස් ගහක් කාගෙද මේක? මම අපූරුවට ගොටුකොළ ගලවලා හෝදලා ගෙනත් දුන්නා. මගේ කෙස් ගහක් වෙන්න බෑ” තිදරු මව ලේළියට කතා කොට කීවාය. 

කාමරයේ දරුවන්ට බත් කවමින් සිටි ලේළිය තිදරු මව අසලට පැමිණ “කෝ බලන්න කෙස් ගහ” තිදරු මව අත තිබුණු කෙස් ගහ ලේළියගේ ඇඟිල්ලක දැවටුවාය. “මේක සුදු පාට කෙස් ගහක් නේ අම්මේ මගේ නෙමේ අම්මගේ කෙස් ගහක් නේ” යනුවෙන් ලේළිය පැවසුවාය.

පසුව දෙදෙනා අතර බහින්බස්වීමක් සාලයේ දී සිදුවිය. තිදරු මව කෑම නොකා අත තිබුණු පිඟාන කුස්සියට රැගෙන ගොස් තබා ලේළියට දොස් නගන්නට වූවාය. නැන්දම්මාගේ දොස් ඉවසා දරා ගත නොහැකි වූ ලේළිය පැමිණ නැන්දම්මාගේ කොණ්ඩයෙන් අල්ලා කට මිරිකුවාය. තිදරු මව ඊට පස්සේ කට වහ ගත්තාය.

සවස රාජකාරි කටයුතු නිම කර නිවසට පැමිණි තරුණ පුතාට ලේළිය දවල් තමාගේ කට මිරිකුවා යැයි හැඬූ කඳුළින් පැවසුවාය. පසුව පුතා මවයි බිරිඳයි දෙදෙනාම එක තැනකට ගෙන කාගෙවත් පැත්තක් නොගෙන ගොටුකොළ සම්බෝලය නිසා නැන්දම්මා ලේළිය අතර ඇති වූවා යැයි කියන විරසකය අපූරුවට විසඳා ඇතැයි වාර්තා වෙයි.



අදහස් (0)

කෙස් ගහකට නැන්දම්මයි ලේළියි ඇරගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1045 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1080 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 417 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site