IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


කෙසෙල් හොරා බෝකොළෙන් අහුවෙලා

කෙසෙල් කැන් හොරා අල්ලා දීමට බෝගසක් උපකාරවූ රසවත් පුවතක් නගරයට ආසන්න ගමකින් අසන්නට ලැබිණි.

ඔහුට රැුකියාවක් නැත. දවසේ වියදම පියවාගන්නේ පුංචි හොරකමක් කරගෙනය. අහල පහළ ඉඩමක පුවක් වල්ලක් කඩාගෙන, කෙසෙල් කැනක් කපාගෙන ඔහු දවස ගෙවයි.

එදා ඔහුගේ අතේ සතේ නැති දවසකි. අල්ලපු වත්තේ තිබූ කෙසෙල් කැනකට ඔහුගේ අවධානය යොමුවිය. කෙසෙල් කැන කපාගෙන අසල කඩයකට ගියවිට, කෙසෙල් ඇවරි අතර රැුඳී තිබුණ බෝ කොළ දෙකක් මුදලාලිගේ නෙත ගැටුණි. ”ළමයෝ මේ කෙසෙල් කැන පන්සලේ වත්තෙන්ද කපාගෙන ආවේ” යැයි, මුදලාලිගේ ප‍්‍රශ්නය විය. ”නෑ මුදලාලි මේ අපේ වත්තේ බෝගහ යට කෙසෙල් පඳුරෙන්” බව ඔහුගේ පිළිතුර විය. ගනුදෙනුව බේරාගත් ඔහු එතැනින් මාරුවිය.
තමාගේ කෙසෙල් කැන කපාගෙන ගොස් ඇතිබව දැනගත් ඉඩම් හිමියා කඩයක් ගානේ ගොස් සොයා බලන්නට විය. එක කඩයක තමාගේ කෙසෙල් කැනට සමාන කෙසෙල් කැනක් තිබෙනු දැක ඒ ගැන මුදලාලිගෙන් විමසීය.

”මේක ගෙනාවේ අසවලා බවත් කෙසෙල් ඇවරි අස්සේ බෝකොල දෙකක් තිබුණ බවත්” මුදලාලි කීය. මේ තමාගේ වත්තේ බෝගහ යට තියන කෙසෙල් පඳුරේ කැනක් බව සැක හැර දැන ගැනීමට බෝගහ පිහිට විය. හොරා තමන් දන්නා අහල පහළ අයෙක් නිසා සිද්ධිය ගොඩින් බේරා ගැනීමට ඔවුහු කැමති වූහ. 



අදහස් (0)

කෙසෙල් හොරා බෝකොළෙන් අහුවෙලා

සරත් Monday, 08 June 2015 01:53 PM

ඔය පංචිකාවත්ත පැත්තේ තියෙන කඩවල තියෙන වාහන අමතර කොටස් වල උපත බැලුවොත් කී දෙනෙක් අහිංසකයින්ගේ වාහන වලින් හොරකම් කරපුව වෙන්න ඇතිද. හොරකම් කරන එකත් පවු ,හොරකම් කළ දේ දැනගෙන ආපසු විකුනන්න ගන්න එකත් පවු දඬුවම් ලැබිය යුතු වරදක් වෙන්න ඕන (අ)

:       0       0

ලස්සන Monday, 08 June 2015 07:12 AM

"දවසේ වියදම පියවාගන්නේ පුංචි හොරකමක් කරගෙනය"!. මේක හරිද මං අහන්නේ?(ම)

:       0       0

නෙලුම් Monday, 08 June 2015 07:22 AM

හොරකම හොරකම මයි. ඒවා පුංචි වුණත් අනේ කමක් නැහැ ජීවත් වෙන්න නේ කියල තව උනන්දු කරවන්න හොඳයිද ? පොඩි හොරකමෙන් තමයි මහා පරිමාන සොරකම් වලට යොමු වෙන්නේ .(ම)

:       0       0

සුජී Monday, 08 June 2015 07:51 AM

ඔය මුදලාලිලා සමහරවිට දන දැනම තමයි හොරකම් කරපුව අඩු මුදලට මිල දී ගන්නවා ඇත්තේ.කොහොම වුනත් පොඩි හෝ ලොකු වේවා හොරකම හොරකමම තමයි.පාඩමක් ඉගැන්නුවේ නැත්නම් මුළු ජීවිතේටම හොර කකා ඉඳීවි. (බ)

:       0       0

චන්න බුවනක Monday, 08 June 2015 02:26 PM

කරන කොට හොඳයි, විඳවනකොට තේරෙයි. (අ)

:       0       0

පිටබැද්දර ජයා Monday, 08 June 2015 08:32 AM

හොරකම කියන්නේ මානසික රෝගයක්. මොනතරම් දඬුවම් කලත් නැවත නැවත කරනවා (නදී)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Monday, 08 June 2015 03:54 PM

ඕවට නිසි දඩුවම් දෙන්න ගියත් ලංකාවේ මිනිස්සු කැමති නෑ. සොරකමේ ප්‍රමාණය බලනවා. පුද්ගලයෝ ගැන බලනවා. බැලුවම ඔක්කොම බෝ පැල? (ර)

:       0       0

පිටිගල Monday, 08 June 2015 04:05 PM

මගේ දුව මොන්ටිසෝරි යන කාලේ හැම දාම එක්කෝ පැන්සල නැහැ. එක්කෝ මකනය නැහැ. ඇහුවම කියන්නේ ළමයෙක් ගත්තා කියලා. මම ඕක ටීචර් ගෙන් අහන්න හදන කොට දුවගේ අම්ම කියනවා ඔය නැති බැරි ළමයෙක් ගන්න ඇති මොකටද ඕවා අහන්න යන්නේ ටීචර් ලාගෙන් කියලා. ඔය විදිහට හැමදාම මොකක් හරි අපේ දුවගේ බැග් එකෙන් අඩුයි අන්තිමට බලන කොට හැමදාම එකම ළමයා තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. දැන් මොන්ටිසෝරියෙන් ගිය ඒ ළමයා මොනවා කරනවා ඇද්ද කියලා මතක් වෙනකොට මට නොයෙක් දේ හිතෙනවා. දෙමාපියන් පොඩි දරුවෝ මොනවා කරනවාද කියා විමසිල්ලෙන් සිටිය යුතුයි. (ර)

:       0       0

යශෝද් Monday, 08 June 2015 04:31 PM

මේක නම් නියමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 24 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 385 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 841 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site