IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කසිප්පු බොන්න ආ කට්ටියම පොලිසියෙන් කඬේ යවලා

(කොබෙයිගනේ නිමල් ප්‍රේමචන්ද්‍ර)

දිනපතා කසිප්පු පානය කිරීමට ඇබ්බැහිවී සිටින පිරිසකට කසිප්පු මිලදී ගැනීමට ගෙන ආ මුදලින් ගමේ කඩයෙන් නිවෙස්වලට අවශ්‍ය කරන බඩු මිලදී ගෙන ගිය පුවතකි.

මේ වාර්තාවූයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්තරා ගම්මානයකිනි. එම ගම්මානයේ කසිප්පු බීමට පුරුදුව සිටි පිරිසකි. දවසේ වැඩපොළ නිමවී ඇඳිරි වැටීගෙන එන යාමයේ ඔවුන් ගමේ කඩය අසළට එක්වන්නේ යතුරුපැදියකින් පැමිණ කසිප්පු පැකට් අලෙවි කරන පුද්ගලයකුනේ කසිප්පු මිලදී ගැනීමටය.

මීට මාස කිහිපයකට පෙර එම ගම්මානය අයත් පොලිස් ස්ථානයට නව ස්ථානාධිපතිවරයෙක් පැමිණ වැඩ බාරගෙන තිබූ අතර ප්‍රදේශයේ කසිප්පු නිෂ්පාදනය හා අලෙවි කිරීම ශීඝ්‍රයෙන් අඩුවෙමින් පැවතුනේ නව ස්ථානාධිපතිවරයා විසින් නිතර නිතර වැටලීම් සිදුකර කසිප්පු තුරන් කිරීම සඳහා ගත් වෙහෙස නිසාය. පසුගිය දිනක ස්ථානාධිපතිවරයාගේ දුරකථනයට ඇමතුමක් ලැබුණේ ඉහතින් සඳහන් කළ ගම්මනායේ කඩය අසළට සෑම දිනකම සවස 6.00 පමණ පුද්ගලයෙක් යතුරුපැදියකින් කසිප්පු පැකට් රැගෙන එන බවත් ගමේ මත්පැන් පානයට ඇබ්බැහි වූ පිරිසක් කසිප්පු මිලදී ගන්නා බවත්ය. දුරකතන පණිවුඩය ලැබුණ දිනයේම ඇඳිරි වැටීගෙන එන වේලාවේ සිවිල් ඇඳුමකින් සැරසී යතුරුපැදියකින් පොලිස් ස්ථානාධිපතිවරයා එම ස්ථානයට ගිය අතර ස්ථානාධිපතිවරයාට දැකගන්නට ලැබුණේ පුද්ගලයින් හත් අට දෙනෙක් එම කඩය ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටින අයුරුය. එම ස්ථානයට පැමිණි පොලිස් ස්ථානාධිපතිවරයා හඳුනා ගැනීමට පිරිසට වැඩි වේලාවක් ගත නොවිණි. පිරිස එම ස්ථානයේ රැඳී සිටින්නේ ඇයිද යන්න ස්ථානාධිපතිවරයා විසින් එම පිරිසගෙන් විමසූ අතර ඔවුන් සියලු දෙනාම පවසා සිටියේ නිවෙස්වලට අවශ්‍ය කරන බඩු වර්ග මිලදී ගැනීමට කඩයට පැමිණි බවයි.

හොඳයි ඔයගොල්ල ඔතන රස්තියාදු නොවී කඩෙන් අවශ්‍ය බඩු මිලදී අරන් ඉක්මනින් ගෙවල්වලට යන්න. ස්ථානාධිපතිවරයා එසේ පවසා කඩය අසලට පැමිණි අතර එතැන රැඳී සිටි සියලුම දෙනාම කඩය ඇතුළට පැමිණ නිවෙස්වලට අවශ්‍ය කරන සීනි, තේකොළ, අල, පරිප්පු, සැමන් ආදී ද්‍රව්‍ය මිලට ගෙන එතැනින් පිටව ගියේ කඩිනමිනි. සර් අද කට්ටියම බොන්න ගෙනාපු සල්ලි වලට ගෙවල්වලට බඩු ඇරගෙන ගියා. ඒ මිනිස්සුන්ගේ භාර්යාවන් අද පුදුම වෙලා බලයි මොකද මේ වෙනස කියලා. සිල්ලර කඩයේ මුදලාලි ස්ථානාධිපතිවරයාට පැවසුයේ සිනාමුසු මුහුණිනි. මම අපේ කොස්තාපල්වරුන් දෙන්නෙක් මග නවත්තලා ආවේ. දැන් කෝල් එකක් ආවා මෝටර් බයිසිකල් කසිප්පු පැකට් ගේන මිනිහා අල්ලා ගත්තා කියලා. ස්ථානාධිපතිවරයා පැවසීය.



අදහස් (3)

කසිප්පු බොන්න ආ කට්ටියම පොලිසියෙන් කඬේ යවලා

liyanage Wednesday, 14 November 2018 05:41 AM

බොහොම හොඳ නිලධාරියෙක් .......එවැනි අය තමයි ..දැන් අපේ රටට අවශ්‍ය ...පන්සලේ නායක හමුදුරුවන්ගේත් ..සහයෝගය මෙයට ලැබුන නම් ..ගමේ ..තවත් ..ගුරුමහතුන් ගෙන් සැදුන්ලත් පිරිසකගේ ආධාරයෙන් ...ගමේ ...ළමා පරපුරට නිසි අද්‍යාපනය ට ...යොමුකොට ..පවුල් ශක්තිමත් ..කොට ...අපේ රට ..වෙනුවෙන් ..ලොකු දෙයක් කල හැකි බව නොවනුමනය

:       1       182

NuwanWednesday, 14 November 2018 12:59 PM

හොඳ කියමනක් .. මාත් එකඟයි ඔබ සමග. නීතිය අකුරට ක්‍රියාත්මක කරනවා නම් පන්සලේ හාමුදුරුවෝ හරියට මිනිස්සු ගැන බලල උපදෙස් දෙනවා නම්... අපරාද, මත්ද්‍රව්‍ය වගේ දේවල් ඉතා අවම කරන්න පුළුවන්...

:       0       15

සෙන්ජීThursday, 15 November 2018 04:40 AM

නොකියාම බැරි දෙයක් ඇත. අතීතයේ හාමුදුරුවන්ගේ, පල්ලියේ පියතුමාගේ, ඉස්කෝල මහතාගේ භූමිකාව අද නොවීම අභාග්‍යකි. ඒ වෙනුවට ඇත්තේ මජර දේශපාලකයීන්ගේ අසික්කිත ක්‍රියාදාමයන් නිසා අන්ද බජල් වූ සමාජයකි

:       0       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site