මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි
අම්මා මාළු ගෙනාවා කියා ගමේ කඩෙන් තමන් රැගෙන ගිය කුකුළු මස් පන්සීය ආපසු ගෙනැවිත් මුදල් ඉල්ලාගෙන ගිය පුතකු පිළිබඳව සියනෑවේ ගස් ගල් ඇති ගම්මානයකින් වාර්තා විය.
ඇති හැකි යමක් කමක් ඇති පවුලකි. පියාගේ ඇවෑමෙන් ගෙදර කටයුතු භාර වී ඇත්තේ එකම පුතුටය. දෙදරු පියකුද වන මේ පුතා කුණු ලෝභයකු බව ප්‍රකට කතාවකි.
ඉකුත් දිනක මේ පුත්‍රයා ගමේ වෙළඳ සලකට ගොස් මේ ඇත්තට කන්න දෙන්නත් එපායැ. ඔය කුකුළු මස් පන්සීයක් දෙන්නැයි ඉල්ලීය.
එහි වටිනාකම ද කේවල් කර ගෙවීමෙන් අනතුරුව ඔහු නිවස කරා ගියේය.
විනාඩි දහයක් වත් ගත වුණේ නැත. ඔහු හතිලමින් නැවත වෙළඳසලට පැමිණියේ ය.
අනේ මම කුකුළු මස් අරන් යන වෙලාවේ අම්මා මාළු අරගෙන උයනවා. ඒක හින්ද මේක අරගෙන සල්ලි මට ආපහු දෙන්නැයි ඔහු ඉල්ලීය.
වෙළෙඳසල් හිමියා මුදල ඔහු අත තබා යළිත් තම කඩයට නොඑන ලෙසට කාරුණිකව ආයාචනා කිරීමෙන් පසු ඔහු පිටව ගියේ කිසිවක් නොදොඩාමය

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.