IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


කිරල බිත්තර පරෙස්සම් කරන්න ගිහින් වළේ වැටිලා

කාලයක සිට සතුන්ට සොබාදහමට තිබූ දැඩි ඇල්ම හා කැමැත්ත නිසාම සිදුකළ ක‍්‍රියාවක් නිසා තුවාල සිදුවී මාසයක්ම ගෙදර නවතින්නට හෝටල් සේවකයකුට වූ අකරතැබ්බයක් වෙන්නප්පුව ප‍්‍රදේශයෙන් වාර්තා වේ. සිද්ධිය මෙසේය. 

වෙන්නප්පුව ප‍්‍රදේශයේ පවත්වාගෙන යන ජනප‍්‍රිය හෝටලයකට ඉතා දුරබැහැර ප‍්‍රදේශයකින් පැමිණ එම හෝටලයේම නැවතී සේවය කරන සේවකයකු තමන්ට නිවාඩු වේලාවට නිතරම අවට කැලෑරොදවල හා හෝටල් උද්‍යානයට පැමිණෙන සතුන් ගැන සොයා බලමින් සිටීම පුරුද්දක් ලෙස කරමින් සිට ඇත.

එක් දිනක් කිරල ජෝඩුවක් අවට භූමියේ ගැවසෙමින් සිටි නිසා මේ හෝටල් සේවකයා ඒ ගැන සොයා බැලීමේදී දැක ඇත්තේ කිරල බිත්තර රකිමින් සිටින කිරල ජෝඩුවකි. අවට පරිසරයේ මෙම බිත්තර කා දැමීමට වෙන සතුන් පැමිණෙතැයි බියෙන් මෙම සේවකයා කර ඇත්තේ කිරල බිත්තර තිබූ තැනින් ගෙන ආරක්ෂිත තැනකට ගොස් තැබීමයි. එමෙන්ම අව්වෙන් වැස්සෙන් බේරීමට එම බිත්තර උඩින් කුඩයක්ද තබා ඇත.

සේවකයාගේ මෙම ක‍්‍රියාව දැනගත් හෝටල් කළමනාකරු එසේ නොකරන ලෙස අවවාද දී ඇතත් එය නොසලකපු සේවකයා දිනක් ඉහත බිත්තර බැලීමට යාමේදී කිරල ජෝඩුව මෙම සේවකයා පසුපස පන්නමින් ඔළුවට හා මුහුණට කොටා දැඩි තුවාල කර ඇති අතර කිරල ප‍්‍රහාරයෙන් බේරීමට යාමේදී අසල තිබූ වළකට වැටී පාදයකට ද හානිවී මාසයක්ම නිවසේ සිට ප‍්‍රතිකාර ගන්නට සිදුවී ඇත.



අදහස් (0)

කිරල බිත්තර පරෙස්සම් කරන්න ගිහින් වළේ වැටිලා

පද්මා Thursday, 30 April 2015 10:51 AM

කිරල ජෝඩුව නියම දඬුවමක් දීලා තියෙන්නේ (නි)

:       0       0

ජනහිත Thursday, 30 April 2015 10:22 PM

කවුරු කවුරුත් දැනගන්න එක හොඳයි අනුන්ගේ බිත්තර පරිස්සම් කරන්න නොගිහින් ඉන්න.එතකොට දෙගොල්ලන්ටම කරදරයක් නැහැනේ. තමන්ගේ බිත්තර තමුන් පරිස්සම් කරගන්න ඕනෑ (නි).

:       0       0

පිටබැද්දර ජයා Friday, 01 May 2015 01:33 AM

ඉස්සර කාලේ කැලේ හිටපු වඳුරෙකුටත් ඔහොම දෙයක් වුණා කියලා අහලා තියෙනවා. ඒක නිසා වඩා හොඳයි තමන්ගේ පාඩුවේ ඉන්න එක! (නි)

:       0       0

ලසිත් Wednesday, 29 April 2015 12:33 PM

කල හොඳ පස්සෙන් ඇවිල්ලා! (ම)

:       0       0

දිමුත් Thursday, 30 April 2015 05:46 AM

"ඉල්ලං කෑම" (බ)

:       0       0

ප්‍රමිත Friday, 01 May 2015 05:09 AM

පරිසරයට ආදරය කළාට කමක් නැහැ. ඒ අහිංසක සත්තුන්ට කරදර කරන්න යන්ඩ හොද නෑ. බිත්තර දාන්ඩ පුලුවන්නම් ඒවා බලා ගන්න්නත් ඒ සත්තුන්ට පුළුවන් වෙන්ඩ ඕනි. (බ)

:       0       0

දුමින්ද Wednesday, 29 April 2015 05:04 AM

පරසරයට කරන ලොකුම ආදරය වෙනස් නොකිරීමය (බ)

:       0       0

රෙජි-සිඩ්නි Wednesday, 29 April 2015 05:18 AM

සේවකයා හොඳ වැඩක් කළත් කිරල ජෝඩුව හිතන්න ඇති මේ මිනිහ මොකටද අපේ බිත්තර ගිහින් වෙන තැනක තිබ්බේ කියල. හොඳට හොයල බලල වැඩ කරන්නේ කියන්නේ ඕකට තමා. (බ)

:       0       0

සරත් Wednesday, 29 April 2015 10:48 PM

"චේතනාහං භික්ඛවේ කම්මං වදාමි......." (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1312 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1241 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 452 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site