මාවරල පී.එස්. මද්දුමගේ.
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
විහාරස්ථානයේ අලුතින් ඉදිකරන ගොඩනැගිල්ලක බර පැන සොයා ගැනීමට මල්වට්ටි වෙන්දේසියක් සමග භාණ්ඩ සල්පිලක් පැවැත්වීමට දායක සභාවත්, විහාරස්ථානයේ හිමියෝත් කටයුතු සංවිධානය කළහ.
දායක සභාව සහ තරුණ පිරිස් එකතුව ගමේ සහ අවට ගම් ප්‍රදේශවලට ගොස් සල්පිල් භාණ්ඩ එක්රැස් කිරීම සිදු කළහ. විශාල භාණ්ඩ ප්‍රමාණයක් එකතු කර ගැනීමට එම පිරිස සමත් වූහ.
නියමිත දිනය එළඹීමත් සමග රාත්‍රි සල්පිල ආරම්භ විය. භාණ්ඩ රාශියක් වෙන්දේසි කිරීමෙන් පසුව එක්තරා රන් භාණ්ඩ ලබා දී තිබූ පාර්සලයක් වෙන්දේසි කිරීමේ අවස්ථාව උදා විය.
වෙන්දේසිකරු රන් භාණ්ඩ ආයතනයේ නම ප්‍රකාශ කර පාර්සලයේ ඇති දේ කුමක්දැයි විස්තර කර ඉතා ඉහළ වටිනා කමක් ඇති භාණ්ඩයක් බව කීවේය.
සල්පිල් ශාලාවේ සිටි තරුණියෝ පිරිසක්, එම භාණ්ඩය ඔවුනගේ පරිහරණයට අත්‍යාවශ්‍ය දෙයක් නිසා තරගයට ලංසු තබමින් සිය ගණනක මුදලක් එකවරම නියම කළහ.
ඊට ප්‍රති විරුද්ධව තරුණයෝ පිරිසක් දහස් ගණනක මුදලක් ලංසු තැබූහ. වෙන්දේසිය තරගයක් බවට පත්ව නොසිතූ මිලක ලංසුවට තරුණයකුට එම භාණ්ඩය තීන්දු කෙරිණ. රැස්ව සිටි සියලුම දෙනාගේ අවධානය යොමු වූ මෙම භාණ්ඩය මුදල් ගෙවා ලබා ගත් තරුණයා පාර්සලය විවෘත කර එහි ඇති වටිනා දේ කුමක්දැයි විපරම් කර බැලීය. මිතුරන් අතර සිටි එම තරුණයාගේ මුහුණෙහි තිබූ සොම්නස් සහගත බව දුරුවී බලාපොරොත්තු සුන්වූ පෙනුමක් මිතුරන්ට දැකගත හැකි විය.
“ඇයි? මොක ද ප්‍රශ්නය., මිතුරෙක් විමසීය.
“මචං කරාබු ජෝඩුවක් කියල හිතාගෙන තමයි විශාල මුදලක් වියදම් කරලා මේ භාණ්ඩය ගත්තෙ. මගේ යෙහෙළියට තෑග්ගක් ලෙස දෙන්න. බලපන් තියෙන්නෙ ගස් කරාබු නැටි දෙකක් නේ. හරි ෂෝක් වැඩක් තමයි කරල තියෙන්නෙ.
මෙය රැස්ව සිටි පිරිසට ද ආරංචි වීම නිසා තරුණයාට ලජ්ජාවක් ඇති වූයෙන් කාටත් හොරා හෙමින් සීරුවෙන් සල්පිල් ශාලාවෙන් ඉවත්ව, අඳුරේම නොපෙනී ගියේය.
ඊට පසු ගමේ සමහරු ඔහු දකින විට “ඕන් කරාබු මුදලාලි එනව.’’ කරාබු මිලට ගන්නවාද ? අද මිල කීයද?, කියා තරුණයා දකින විට ගමේ අය විහිළු කිරීමට පුරුදු වූබව දැනගන්නට ඇත..
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කරාබු ජෝඩුව කරාබු නැටි වෙලා
Zeylanicus Wednesday, 27 March 2024 01:28 PM
ලැජ්ජා වෙන්න ඕනේ මිලට ගත් කෙනා නෙමෙයි, ඔය වගේ ගොන් පාර්ට් තමන්ගේ පන්සලේ කරන්න දෙන හාමුදුරුවරු...!