IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


කමිසයේ කහට පැල්ලම නොසේදුවාට මවට බ‍්‍රහ්ම දණ්ඩනය දීලා

උසස් පෙළ ඉගෙනගන්නා සිසුවෙකි. සොහොයුරු සොහොයුරියන් කිහිප දෙනකුගෙන් යුතු පවුලේ වැඩිමලාය. සිසුවාගේ ඇඳුම් සියල්ල සෝදා පිරිසිදු කරන්නේ මව විසිනි. දිනක් ඔහුගේ පාසල් නිල ඇඳුමේ කමිසයේ කහට පැල්ලමක් ගෑවිණි. කමිසය මවට දුන් ඔහු ”අම්මේ මේ කහට පැල්ලම යන්න හොඳට හෝදලා දාන්න, හෙට ස්කෝලේ අඳින්න  ඕනෑ යැයි පැවැසීය. මව කමිසය අනෙක් ඇඳුම් සමග සේදුවත් පැල්ලම යැවීමට නොහැකි විය. උදෑසන පාසලට යෑම සඳහා, සිසුවා තම කමිසය හැඳීමට සූදානම්වී පැල්ලම හරිහැටි ඉවත්ව නොතිබුණු බව දැක කෝපයට පත්ව, ”බලන්න අම්මාට මේ ෂර්ට් එකවත් හරියට හෝදන්න බැරි වුණානේ. පැල්ලම ගිහිල්ලා නැහැ. ඔය වගේ පොඩි දෙයක් වත් කරලා දෙන්න බැරිද? මම කොහොමද මේක ඇඳගෙන යන්නේ. කියමින් දෝෂාරෝපණය කරන්නට විය.


මම පුළුවන් විදියට සබන් දාලා දෙපාරක් තුන්පාරක් ඇතිල්ලූවා පුතේ. ඒත් පැල්ලම ගියේ නැහැ. මව පැවසුවාය. එදා සිට පුතා තම මව සමග කතා කිරීම අතහැර දැමීය. ඇය පිළියෙළ කරන ආහාර අනුභව කළත් මව හා වචනයක් කථා නොකර සිටීමට තරම් ඔහුගේ සිත ගලක් විය. වසර කිහිපයක් ගත විය. ඔහු විශ්ව විද්‍යාලයට තේරී පත්වී, උපාධිය ද සමත්ව උසස් රැුකියාවක් ද ලබාගත හැකි විය.


තම සොහොයුරු සොහොයුරියන් සමග කථාබහ කළත් දැනට අසනීපයෙන් පසුවන මව හා තවමත් කථා නොකරන බව මේ කුඩා දිවයිනෙන් වාර්තා වේ.
ක‍්‍රිස්ටෝපර් සීපියන් - අනුරාධපුරය.



අදහස් (0)

කමිසයේ කහට පැල්ලම නොසේදුවාට මවට බ‍්‍රහ්ම දණ්ඩනය දීලා

දුමින්ද Tuesday, 28 July 2015 08:11 AM

අර උසස් සිංහල ගුරුට හැඳුන අසනීපෙට සමාන රෝග ලක්ෂණ ඇත (නදී)

:       0       0

බණ්ඩාර Tuesday, 28 July 2015 06:03 AM

අනේ උගත් කම. අර සිංහල මාස්ටර් වගේ පොරක් වෙන්න ඇති (නදී)

:       0       0

ප්‍රසාද් Wednesday, 29 July 2015 08:50 AM

මට නම් හිතෙන්නේ නෑ මේ කතාව 100%ක් ම ඇත්ත කියලා. සමහරවිට ඔයිට වඩා ලොකු රණ්ඩු ඔය මවයි පුතයි අතර වෙන්න ඇති. පැහැදිලිවම ඔය කතාවේ එක පැත්තක් පමණක් බව බුද්ධියෙන් බලන කෙනෙක්ට තේරෙනවා. නමුත් අම්ම තාත්තා සමග කතා නොකර සිටීම නම් අනුමත කරන්න බෑ.(නදී)

:       0       0

නිහාල් Tuesday, 28 July 2015 04:26 PM

මෙහම අය අප දුක් විදිනවා අපි දැකල තියෙනවා මේ ලොකේදිම පරිසන් දෙනවා (ම)

:       0       0

ප්‍රශීන් Wednesday, 29 July 2015 03:16 AM

වදාපු අම්මා සමඟ කතා නොකර ඉන්නේ කොහොමද? (ම)

:       0       0

සිසිර Tuesday, 28 July 2015 08:50 AM

මෙවැනි දරුවන්ට තවත් ඉර පායනවාද? (ම)

:       0       0

හරීන්ද්‍ර Tuesday, 28 July 2015 06:26 AM

රස්සාවෙනුත් අස්කරලා දාන්න ඕනේ (නදී)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 28 July 2015 06:28 AM

දස මසක් කුසේ දරාගෙන මෙලොවට බිහිකර, ලේ කිරිකර පොවා දැඩි කල මවට සලකන්නේ මෙහෙමද ? මෙහෙමත් පුතෙක්.මිනිස් කමටත් නින්දාවක්. (නදී)

:       0       0

කනිශ්ක Wednesday, 29 July 2015 09:38 AM

මෙයාගේ තිබෙන උගත්කම මොකක්ද.මෙයාගේ දරුවොත් දවසක මෙයාට මේ වගේ දේවල් කරන්න ඕනේ .එතකොට එයාගේ පව්කාර කම තේරෙවි (ම)

:       0       0

නෙළුම් Tuesday, 28 July 2015 06:36 AM

දැන් කල වයසත් හරි නිසා මම යෝජනා කරන්නේ මේ පුතාට රෙදි සෝදන යන්ත්‍රයක් සඳහා මංගල දැන්වීමක් පල කරන්න කියලා. අපේ රටේ අම්මලා තමයි පුතාලව නරක් කරන්නේ. කසාද බඳින කම් රෙදි ටික සෝදලා දෙනවා. අන්තිමේ අලුත් ලේලී පුතාගේ රෙදි සෝදන්න පටන් ගත්තාම එතනත් ප්‍රශ්නයක්. මම මගේ පුතාට අවරුදු 8 ඉඳන්ම තමන්ගේ ඇඳුම් සෝදා ගන්න පුරුදු කරලා තියෙන්නේ. මමත් උදව් කරනවා රෙදි ගොඩ වැඩි වුන දාට. නමුත් ළමයා සාමාන්‍යයෙන් තනියම ඇඳුම් සෝදා ගන්නවා. (නදී)

:       0       0

ගුණසේකර Tuesday, 28 July 2015 09:29 AM

තමන් වදපු මාව හඳුනන්නට බැරි එකෙක් තව කවුරු හඳුනා ගන්නද ? (ම)

:       0       0

අජිත් Tuesday, 28 July 2015 01:14 PM

අර සිංහල මාස්ටර් වගේ කෙනෙක් පොරක් වෙන්න ඇති. එයාගෙන් ඉගෙන ගත්තු එක්කෙනෙක්ද දන්නේ නැහැ. ඔය වගේ අයට තමයි කියන්නේ නොට්ටිගේ පුතා කියල.(නදී)

:       0       0

ලෝචන අසංක Monday, 10 August 2015 07:25 AM

විශ්වාස කරන්න අමාරු දෙයක් ...(බ)

:       0       0

ගාමිණී Wednesday, 29 July 2015 04:30 PM

අනිවාර්යෙන්ම උසස් පෙළ විද්‍යාව අංශයෙන් කරන කෙනෙක් වෙන්න ඇති (නදී)

:       0       0

අරුණ Tuesday, 28 July 2015 01:39 PM

ගුණසේකර ගේ කතාව හරියට හරි. (නදී)

:       0       0

සුබෝදිනී Tuesday, 28 July 2015 07:26 AM

ඔය කුඩා දිවයිනේ පමණක් නොව කුඩා දිවයිනෙන් පිටත, පිටරට වල ජීවත් වෙන සමහර උගත් යැයි කියන තරුණ පරම්පරාව ගැන කතාකරලා වැඩක් නැහැ.මේ ළඟකදී ලන්ඩන් වල ජීවත් වෙන අප දන්නා පවුලක ගැහැණු දරුවෙක් තමාගේ අම්මට සැලකුවේ බල්ලෙකුටත් අන්ත විදිහට.අම්මගෙන් වැරදිලා, තමුන්ගේ අඩුපාඩුවකට පිටවූන වචනයක් අල්ලාගෙනයි.ජීවිත කාලයක් පුරාවටම කරපු කැපකිරීම් විඳපු අනන්ත දුක්,පීඩා ගැන කිසිම තැකීමක් නැහැ.අසරණ අම්මා පන්සල් ගානේ යනවා හිත හදාගන්න.අපි පිට රටවල් වල ජීවත් උනත් ගෙදර බුදුන් අම්මා කියලා අම්මාගේ අගය මේ දරුවනට කියලා දුන්නත් සත පහක වැඩක් උනේ නැහැ. (හේ)

:       0       0

සුජාන් Tuesday, 28 July 2015 02:13 PM

අම්මගේ අගේ දන්නේ නැති පුතෙක් ඉගෙන ගෙන තිබුණාට මොලේ හොඳ නෑ (ම)

:       0       0

ඉසුරන්දි Thursday, 30 July 2015 01:23 PM

මේ වගේ එවුන් ලග තිරිසන් සතෙක් වත් ගැවසෙන්නේ නැහැ මොවුන්ගේ පවුකාර කමට.(නදී)

:       0       0

රන්ජිත් Thursday, 30 July 2015 02:03 PM

මෙයා මානසික රෝගියෙක් වහාම මානසික වෛද්‍ය වරයකුට පෙන්වල ප්‍රතිකාර නොකලොත් තත්වය ඉදිරියට දරුණු වේවි (නදී)

:       0       0

සමීර Tuesday, 28 July 2015 07:52 AM

පුදුම ළමයි තමයි.පොඩි දේකට තම මවට එතරම් දඩුවමක්.(හේ)

:       0       0

පහන් Wednesday, 29 July 2015 07:09 AM

සිංහල මාස්ටර් අම්මට සැලකුවේ නැතුවට අම්ම ගැන පොතක් ලිව්වා .(ම)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 28 July 2015 10:39 AM

මුළු ජිවිතකාලයම දුක් විඳලා දරුවෝ හැදුවට පස්සේ එයාලගේ කර තිබුණා තැනට ඉහ ආවම අම්මලා තාත්තලාව සත පහකට ගණන් නොගන්න දරුවෝ කොටසක් මේ ලෝකේ ඉන්නවා කියල බොහොම කනගාටුවෙන් වුණත් අපිටත් කියන්න වෙනවා !(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 600 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 511 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 429 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site